පටු දේශපාලන මතවාදයට වඩා හැම දෙනාම එකට ජීවත්වීමට කටයුතු කිරීමටයි අපි කල්පනා කරන්නේ. උතුරු නැගෙනහිර බිඳුණු හදවත් එකට එක් කරන්න ජනතාව අතර සුහදතාවය ඇති කරන්න ජනතාවගේ ආර්ථික තත්ත්්වය ඇති කරන්න විශාල වැඩ කොටසක් කරනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් විපතට පත් හා අවතැන් වූවන්ට වන්දි ගෙවීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති රැුස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවැසීය.
උතුරු නැගෙනහිර යුද්ධයේදී අත්අඩංගුවට පත් අයගෙන් සියයට 99ක් සමාජගත කර තිබෙන බවත් ඒ හැම දෙනාගේම පවුල් ආර්ථික අතින් දියුණු කිරීම සඳහා රජය කටයුතු කරන බවත් ජනාධිපති කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වී හෝ මෙහෙම කරන එක ලොකුදෙයක් (දී)
අයි සම ගුන්ඩු, ඔයාලගේ ඡන්ද කතා, විහිළු කතා හින්ද තමයි අපි රැවටෙන්නේ.(නදී)
ජනක, පොඩ්ඩක් ඔයාගේ අම්මගෙන් ඔයාලගේ පවුල ගැන අහගන්න (දී)
මෙනන් මහත්මයා අපේ ජනදිපතිතුමට මොනවත් නරක දෙයක්වත් කිව්වද මන්දා. බොදුබල කට්ටිය මොනවා හිතයිද මන්දා.(නදී)
අනේ ඉතින් දකුණේ, උඩරට, දුම්බර ,සබරගමුවේ අපේ හදවත් අමතක කරන්නත් එපා. යුද්දයෙන් වැඩිපුර තුවාල වුනේ අපේ හදවත් නේ (නි)
බොදු බල සේනාවට වැඩිපුර සල්ලි ටිකක් දෙන්න. එතකොට 13 සංශෝදනය අයින් කරන්න. ඉන්දියාව පැය විසිහතරෙන් නොමිලේ පරිප්පු සමග සුවපත් කරලා දේවි.(නදී)
ඉතාමත් හොද ක්‍රියාවක්. (දී)
ජනපතිතුමනි, ඔබ හරි. ඉදිරියටම යමු (නි)
ඔබට දීර්ඝායුෂ....! මෙය අද කළ යුතු දෙයකි. හෙටට කල් නොදමන්න. ඔවුන්ට අපි උදවූ කල යුතුයි. (දී)
ඒ මින්ස්සුන්ගේ හිත් තලලා පොඩිකරරලා ජීවිත දහස් ගානක් නැති කරපු කේ.පී කරුණා දයා මාස්ටර් කමලනී ලා ඒ පැත්තේ රජකරවලද ?(නදී)
ගරු ජනාදිපතිතුමනි උතුරේ හදවත් බිදෙන්න හේතුව හොයාගෙන උතුරේ හදවත් සුවපත් කරමු .උතුරේ හදවත් සුවපත් කරන ගමන් දකුණේ හදවත්ද සුවපත් කරමු. (නි)
පටු අදහස් නම් පවුරෙන් ලොකය කැබලි වලට නොබෙදී ඥානය නිවහල් වේ ... බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහෙදෝ ....... එහෙව් නිදහසේ ස්වර්ණ රාජ්‍යයට මගේ දේශය අවදි කරනු මැන පියාණනි...... (නි)
ඉතා හොද ක්‍රියාවක්.ජනාධිපතිතුමා කවදත් රටට යහපත අපේක්ෂා කරන නැණවත් චරිතයක්. මේ වගේම අනුරාධපුර පැත්තේ දුක් විදින වකුගඩු රෝගීන් සදහාද ඔබතුමාගේ අවධානය යොමු වේවා! (නි)
ජනාදිපතිතුමනි, ඔබතුමා හැමදාම කලේ කිසිදු ජාති බේදයකින් තොරව රටේ ඉන්න ජනතාව ගැන සොයා බලපු එකයි. ඔබතුමාට ජයවේවා....!!!! (දී)
මේ වැඩේ පරක්කුයි කියලනේ දැනටමත් ඔබතුමාටත් රටටත් දොස් අහන්න වෙලා තියෙන්නේ. ඉක්මන් කරන තරමට හොදයි. (නි)
ආර්ථික තත්වය නගා සිටුවීම තුලින් පමණක් බිඳුණු හදවත් සුවකිරීම කළ නොහැකියි. ඒ සඳහා තවත් බොහෝ දේවල් කළ යුතුව තියෙනවා කියන එකයි මම හිතන්නේ. (නි)
යුද්ධයෙන් පසුව හදවත් බිදුනේ උතුර නැගෙනහිර අයෙගේ විතරක් නොවේ .අනෙක් පළාත්වල අයටත් ඒකම සිදුවුනා. ඊට හේතුව ,ඔවුන්ට මෙන්ම අපටත් ඇතිවූ ආර්ථික ප්‍රශ්න. කුස්සියේ ලිප ගිනි මොලවන්න වෙලා තියෙන්නේ හදවතේ ඇවිලෙන ගින්දරින්. ඒ කාලේ අපට තිබුනේ යුධ ගිනි නිවන බිය,අද තියෙන්නේ කුසගිනි නිවන බිය.තිත්ත වුනත් ඇත්ත ඒකයි.කෙසේ වුවත් යුද්ධය නිමාකල නායකයා ලෙස උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේත් ගෞරවය ඔබතුමාට සැමදා තියනවා. (දී)
උතුරු නැගෙනහිර පෑරුණු හදවත් එකට එක් කරන්න ජනතාව අතර සුහදතාවය ඇති කරන්න ජනතාවගේ ආදායම් තත්වය ඇති කරන්න විශාල වැඩ කොටසක් බොදුබල සේනාව විසින් කරනවා. අන්‍ය ආගමිකයින්ට අපහාස කරමින් පෑරුනු හදවත් තවත් පාරනවා.(නදී)
කවුරු මොනවා කිව්වත් අපි දන්නවා මේ වැඩේ ඔබතුමා කරනවා කියලා (නි)
උතුරු වසන්තය වගේ දේවල් වලින් ඔවුන්ට උපකාරයක් වේවි .ඔවුන්වත් අපි රැක ගනිමු. (නි)
හදවත් කොයි තරම් සුවපත් කලත් මේ විපක්ෂේ අය ඒවා බිදින්නමනේ හදන්නේ (නි)
අනේ අම්මප හරිම ෂෝක් නේ. (අ)
ලංකාවේ ලොකුම වෙසක් තොරණ වවුනියාව වැනි බෞද්ධයන් අඩු දෙමල පළාත් වල කොළඹින් ගිහිල්ල බලෙන් ගැහුවම දෙමල අයගේ හිත සුවපත් වෙයිද ජනාධිපති තුමනි.(නදී)
මේ වෙනකොට කාගේ පවුල් ආර්ථිකයද දන්නේ නැහැ දියුණුවෙලා තියන්නේ. දන්නේ නැති හන්දයි ඇහුවේ. දන්නා දන්නා හැමෝම කියන්නේ ජීවත් වෙන්න හරිම අමාරුයි කියලා.(නදී)
ජනපතිතුමනි , නිරතුරු අපි ඔබ සමගයි! ජය වේවා !! (දී)