
(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර තුන ඇතුලත උතුරු හා නැගෙනහිර පළාත් වල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම පළාත්වල මේ වනවිට අවතැන්වූ පවුල් 274,120ට අයත් පුද්ගලයන් 917,143 දෙනකු පදිංචිකර අවසන් බව අමාත්‍යවරයා කීය. ඒ අනුව තවදුරටත් පවුල් 1,701ට අයත් පුද්ගලයන් 4,999 දෙනෙකු නැවත පදිංචි කිරීමට සිටින බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මන්නාරම, එරුක්කලම්පෙට්ටි "Kuwait Zakath" නිවාස ගම්මානය - දෙවැනි අදියර සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙම නිවාස ගම්මානය නිවාස 125 කින් සමන්විත වන අතර මෙය ඉදි කෙරෙන්නේ “කුවේට් සකාත් හවුස්” ආයතනයේ මූල්‍යාධාර මතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවරදවාම උතුරු නැගෙනහිර හිටපු සිංහල මිනිසුන්ටත් එකසේම සලකන්න. මොකද සිංහල දේශපාලුවෝ වගේ නෙවෙයිනෙ අනික් ජාතිවල කට්ටිය දන්නවා එයාලගේ ජාතියට සලකාගන්න අනික් අයගෙ ඒවත් අරන්. දැන් මේකට දමයි ngo කුක්කො ජාතිවාදය කියල...
අවතැන්වෙච්ච සිංහල අපිට කාගෙ පිහිටක්ද?
පලාස්ටික් මල්මාල තහනම් කිව්ව නේද
ගෙවල් නැතත් ඔහෙ හිටපු සිංහල මිනිසුන්ටත් ඉඩමක් වත් දීපන් ප්‍රසන්න , ඔහෙ ඉන්න NGO නඩවලට වහල් නොවී....
".. ඊශ්‍රායලය යනු, මුස්ලිම් අරාබි රටවල් මැද ඇති එකම යුදෙව් රාජ්‍යයයි. ලෝකයේ එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි.." කියලා මේ වෙබ් අඩවියේම ප්‍රවෘත්තියක තිබුණා. "ලෝකයේ එකම සිංහල රාජ්‍යය වන්නේ ශ්‍රී ලංකාවයි.." කියලා කිව්වා නම් කොහොමද..? මේ රටේම එවුනුත් එන්නේ නැටි උස්සගෙන.. ලෝකෙ වටේ ඉන්න එවුනුත් එන්නෙ එහෙම.. මෝඩ සිංහලයාට තාම තේරෙන්නේ නෑ..