IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරු නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍ය යෝජනාව ඒකමතිකව සම්මතයි

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයකින් යුතු ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහිත බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇතුලත් සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කළ යෝජනාව අද (22) සම්මත විය.

මෙම ක්‍රමය විසඳුමක් නොවන බවත් එයින් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් වන්නි පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න මහත්වරු පැවසූහ. ඔවුහු කියා සිටියේ මෙම යෝජනාව සම්මත කර පලක් නොලැබෙන නිසා යෝජනාව නොගෙනෙන ලෙසත් සම්මත නොකරන ලෙසත්ය.

උතුරු පළාත් සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව 38 කි. එහෙත් ජන්දය දෙන අවස්ථාවේ එහි සිටයේ ජයතිලක සහ ධර්මපාල මන්ත්‍රීවරුන් හැර මන්ත්‍රීවරු 28 ක් වූහ. යෝජනාව ඒකමතිකව සම්මත විය. ජයතිලක සහ ධර්මපාල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ එහි නොසිටියහ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ දී ඊට ඇතුලත් කිරීම සඳහා ජනපතිට හා විපක්ෂ නායකට යෝජනාවේ පිටපත් යැවීමට ද තීරණය විය.

ජයතිලක මන්ත්‍රීවරයා සඳහන් කළේ  යෝජනාවේ සිංහල කෙටුම්පතක් පළාත් සභාවෙන් සකස් කර නැති බවත් තමාට හා සෙනවිරත්ක මහතාට එහි සිංහල පිටපත් නොලැබුණු බවත්ය.

සිංහල ජනතාවට කැමති පරිදි දකුණේ ප්‍රාන්ත සකස් කර ගත හැකි බව යෝජනාවේ සඳහන් බව සිවාජිලංගම් මහතා කීවේය.

මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට තම යෝජනා කිසිඳු අවහිරයක් නොවන  බවත් අතිරේක වශයෙන් උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවා ගැනීමත් යෝජනාවේ සඳහන් බව ද ඔහු කීවේය.

 



අදහස් (0)

උතුරු නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍ය යෝජනාව ඒකමතිකව සම්මතයි

අතුල Friday, 22 April 2016 01:19 PM

වෙන මොනවත් ඕනේ නැතිද ? (ර)

:       0       0

ලක්ෂාන් Saturday, 23 April 2016 05:14 PM

මට තේරෙන්නේ නැහැ මගේ රටට මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

සුසන්ත Friday, 22 April 2016 01:26 PM

ෆෙඩරල් දීපු ගමන් ඔය වගේම යෝජනාවක් ගේන්නයි තියෙන්නේ අපිට වෙන් වෙන්න ඕන වෙනත් රටක් ලෙස කියල - ඒවගේ සම්මත වෙන යෝජනාවක් එකසත් ජාතීන්ගේ සංවිදනේ ලේසියෙන්ම පිළිගන්න නිසා එතකොට අපිට මේ දුපතේ රටවල් 2යි. අපිට වීසා අරන් පිටරට යන්න පුළුවන් හරි ලේසියෙන් - අල්ලපු වැටෙනේ. හරි ෂෝයි. (ර)

:       0       0

පසිදු Saturday, 23 April 2016 03:19 AM

මේ යෝජනාවට ඉඩ දෙන්න බෑ.(හේ)

:       0       0

ප්‍රසන්න Saturday, 23 April 2016 03:23 AM

නියමයි.(හේ)

:       0       0

මනෝජ් Saturday, 23 April 2016 03:23 AM

ඔය තියෙන්නේ වැඩ.(හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 23 April 2016 03:44 AM

පෙරේරලා වගේ අය තමයි යහපාලනයට කඩේ යන්නේ. ඉහත සඳහන් රටවල යුද්ධයක් තිබුනද? හැමදේම සැහැල්ලුවෙන් හිතන්න එපා. (නි)

:       0       0

රොකී Saturday, 23 April 2016 03:54 AM

පෙරේරා මහත්තයෝ, මේ රට ෆෙඩරල් ක්‍රමයකට පුංචි වැඩියි. මේ පළාත් සභා ක්‍රමය වුණත් ඉන්දියාවේ බලපෑමට අපට පටවපු සුදු අලියෙක්. ඒවාත් අවලංගු කරන්නයි තියෙන්නේ. (නි)

:       0       0

අමල් Friday, 22 April 2016 01:54 PM

පළාත් සභාවෙන් සම්මත උනාට වැඩක් නැනේ.... (ර)

:       0       0

මොහාන් නඩරාජා Saturday, 23 April 2016 03:54 AM

අපිට හරි සතුටුයි. අපේ ප්‍රභාකරන් උතුමාණන්ට කරගන්න නොහැකි දෙය ප්‍රජාතන්ත්‍රවාදිව ලැබෙනවා. (නි)

:       0       0

දමින්ද Friday, 22 April 2016 01:57 PM

මේ මනුස්සයට මොනා වෙලාද මේ.? (ර)

:       0       0

නිමල් ලලිත Saturday, 23 April 2016 04:20 AM

ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයට කත්අදින, හොඳ කියන අය දන්නේ නැහැ ලංකාවේ ෆෙඩරල් ඉල්ලන අයගේ ඉලක්කය කුමක්ද කියලා (නි)

:       0       0

ඉන්දු Saturday, 23 April 2016 11:56 PM

පිටබැද්දර ජයා, ප්‍රභාකරන් නැටුව නැටුමට අයිතිවුණේ සිතියම් සහ කොඩි විතරක් නොවෙයි. අමතකද රටේ සිදුවූ මහා විනාශය..? කොටියා ගෙදරටම ඇවිල්ල කාලා යනතුරු ඉන්නේ නැතුව විනාශය කලින් වළක්වා ගතයුතුයි (නි)

:       0       0

ඉන්දු Saturday, 23 April 2016 11:59 PM

දැන් පිටබැද්දර ජයා හිතාගෙන ඉන්නේ ප්‍රභාකරන්ගේ නැටුම එයාටම ඇතිවෙලා නැවැත්තුවා කියලද? අපේ රණවිරු ජීවිත කීයක් නැතිවුණාද ඒ වෙනුවෙන්..? අැයි මේ දේවල් දැන දැන නොදන්නවා වගේ ඉන්න හදන්නේ? (නි)

:       0       0

බන්දු Saturday, 23 April 2016 04:35 AM

දැන් බොහොම සතුටුවෙන කට්ටියකුත් ඇති (නි)

:       0       0

ශෂිකා Friday, 22 April 2016 02:18 PM

ඔන්න කස කාරයෝ එනවෝ... (ර)

:       0       0

නිම්මී Friday, 22 April 2016 02:19 PM

තාම මුකුත් වෙලා නැහැ . ඉස්සරහට බලාගන්න පුළුවන්. (ර)

:       0       0

පහන් Saturday, 23 April 2016 04:54 AM

පෙරේරා, ඒ රටවල ෆෙඩරල් බෙදාගෙන තියෙන්නේ එකම ජාතින්. මෙතන එහෙම නෙමෙයි (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 24 April 2016 01:29 AM

මේවා නම් ඉතින් අපි බලාපොරොත්තු වූ වෙනස්කම්! (නි)

:       0       0

සමන් Friday, 22 April 2016 02:45 PM

එතකොට රටවල් කීයද මේ දුපත් ඇතුලේ? (ර)

:       0       0

ධම්ම Friday, 22 April 2016 02:55 PM

ජයවේවා! කියමු. (ර)

:       0       0

කරු Saturday, 23 April 2016 06:08 AM

ලංකාවෙ ඉන්න හැම දෙමළ වැසියාම උතුරට යන්න කැමතිද? (නි)

:       0       0

ජයවීර Saturday, 23 April 2016 06:26 AM

ප්‍රේමදාස මහත්තයා හිටපු කාලේ මේ වගේ යෝජනාවක් ගෙනා වෙලාවේ උතුරු සබාව විසුරුවා දැම්මා. අන්න රටට ජාතියට අාදරය කළ නියම ඇත්තෝ (නි)

:       0       0

මොහාන් Saturday, 23 April 2016 06:37 AM

පිටබැද්දර ජයා, පෙරේරා කියන්නේ මොන ජාතියේ අයද දන්නේ නැහැ. (නි)

:       0       0

සොයිසා Saturday, 23 April 2016 06:48 AM

ඔන්න ඔහේ කමක් නැහැ, ෆෙඩරල් මදි නම් ඊළම වුණත් දීලා දාමු. කැපුවත් අපි කොළපාට. (නි)

:       0       0

සේන Friday, 22 April 2016 04:24 PM

මේ කතා තඹ දොයිතුවකට ගණන් ගණන් ගන්න නරකයි. (ර)

:       0       0

රන්ජිත් Saturday, 23 April 2016 07:07 AM

ප්‍රභාකරන් තුවක්කුවෙන් අහිංසක ජනතාව රැවැට්ටුවා. මෙයාලා නොවෙන දෙයක් අහිංසක ජනතාවගේ ඔලුවට දාලා සදාකල් ඉන්න හදන්නේ. ආණ්ඩුවෙන් දෙන සල්ලි වලින් දැනට පළාත් සභාවේ මොනවද කළේ කියලා වාර්තාවක් හැම පළාත් සභාවකින්ම මාස්පතා රජය ලබාගන්න ඕනෑ. (නි)

:       0       0

හේමපාල ලියනගේ Friday, 22 April 2016 04:37 PM

විග්නේෂ්වරන් දන්නවා මේ පෙඩරල්වලට රටේ බහුතරය අකමැතිබව. ඒත් ඔහු අතකොළුවක් වෙලා. (ර)

:       0       0

ශාන් Saturday, 23 April 2016 07:12 AM

පටු මානසිකත්වයක් තිබෙන මිනිස්සු අායෙත් විනාශයක් කරන්නයි හදන්නේ. (නි)

:       0       0

ශක්ති Friday, 22 April 2016 04:45 PM

දේශපාලුවන්ට තව දුරටත් ජාති වාදය අවුස්සන්න බැහැ. ජනතාව දන්නවා.... (ර)

:       0       0

උපුල් Friday, 22 April 2016 06:35 PM

පසුගිය යුධ සමයේ කොළඹ ජීවත්වෙමින් සිටි සමහරුන්ට මේ ගැන කතාකිරීමට පවා සිතීමටවත් අයිතියක් නැති බවද අවධාරණය කරන්නෙමු (නි)

:       0       0

ඩිලාන් Saturday, 23 April 2016 07:42 AM

විග්නේශ්වරම්ලාගේ යෝජනා ක්‍රියාත්මක කරන්න සුදානම් පාලකයෝ මේ රටේ ඉන්නවා කියලා අපි හිතන්නේ නැහැ. (නි)

:       0       0

සුසන්ත Friday, 22 April 2016 06:59 PM

හේමපාල, රටේ බහුතරය කැමති වුණානේ වෙනම පාලනයක් දෙන්න. එ්කනේ ඒවා දැකදැකත් ඡන්දෙ දුන්නේ. (නි)

:       0       0

නාමල් Friday, 22 April 2016 07:26 PM

ඕකනේ ගොඩ දෙනෙකුට ඕනෑ වුණේ. දැන් සනීප ඇති (නි)

:       0       0

අනිල් Saturday, 23 April 2016 08:05 AM

62 ලක්ෂයක් ජනතාව යහපාලනය බලයට ගෙනාවේ උතුරට වෙනම පාලනයක් ලබාදීලා අලුත් රටක් හදන්න. එ්ක ඉතාම ඉක්මනින් ඉෂ්ට වෙනවා දැකීම ඉතාම සතුටුයි. අැයි අපිට මේ පොඩි දිවයිනේ රටවල් කීපයක් ලෙස සතුටින් ඉන්න බැරි? (නි)

:       0       0

අසාද් Saturday, 23 April 2016 08:06 AM

සමහර අය මහජනතාව නොමඟ යවන්න හැදුවට වැඩක් නැහැ. ඔය මොන සම්මත අාවත් රට බෙදන්න හම්බවෙන්නේ නැහැ. (නි)

:       0       0

රූපසිංහ Saturday, 23 April 2016 08:13 AM

මොවුන් එකට ජීවත්වීමට කොහෙත්ම කැමති නැත. මේ ප්‍රශ්නයේදී පළමුව වරද පැටවිය යුත්තේ අපේ පුරාණ දුර්වලව සිටි රජවරුන්ටයි. ඔවුන් අනාගතයේ කුමක් වේදැයි සිතුවේ නැත. ඇතැම් සිංහල දුර්වල රජවරු තම ප්‍රාන්ත රජවරු බලවත් වූ විටදී කළේ දකුණු ඉන්දියාව‍ෙන් "වේලක්කාර" හමුදාවන් හෝ අගම්පඩි ආදී හමුදාවන් මෙහි ගෙන්වාගෙන යුධ කිරීමයි. පසුව ඔවුන් අප රටේම පැලපදියම් වූහ. (නි)

:       0       0

අබය Friday, 22 April 2016 08:55 PM

පිටරට නොගිය අපිටත් දැන් ලෙහෙසියෙන් රට යන්න අවස්ථාවක් ලැබෙයි වගේ (නි)

:       0       0

රොහාන් Saturday, 23 April 2016 09:25 AM

පෙරේරා, නොදන්නා දේවල් නොලියා ඉන්නවද? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 23 April 2016 09:32 AM

දෙමළ ජනතාවට පමණක් සීමාවූ උතුරු පළාතක්, දෙමළ බස කතා කරන දෙගොල්ලන්ට සීමාවූ නැගෙනහිර පළාතක් සහ සියල්ලන්ටම පොදු වූ ඉතිරි පළාත් සහිත දේශයක් බිහිවේවි. පුංචි පවුල රත්තරන් තේමාව යටතේ සිංහලයාට අවසානයේ තමන් අසරණවූ රටක් බිහිවේවි. (නි)

:       0       0

තිලක් Friday, 22 April 2016 09:59 PM

හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන් (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 22 April 2016 10:05 PM

60%ක් වූ ඡන්දය දුන් ජනතාවට දැන් සනීපයට නින්දයාවි (නි)

:       0       0

දුමිදු Saturday, 23 April 2016 10:34 AM

විග්නේශ්වරම් හිතාගෙන ඇති එහෙම කරන්න. නමුත් කවදාවත් එ්ක සිදුවන දෙයක් නොවෙයි. ඕනෑම ජාතියකට ලංකා භූමියේ නිදහසේ සිටීමට මිස වෙනම ප්‍රාන්ත පිහිටුවා ගැනීමට නොලැබෙනු ඇත (නි)

:       0       0

අසංග Saturday, 23 April 2016 01:18 AM

60% ක් වූ කොටසට දැන් සනීප ඇති ගොඩක් (නි)

:       0       0

ඉන්දු Saturday, 23 April 2016 01:32 AM

යහපාලනයට සහ එය බලයට ගෙනඒමට ඇප කැප වූ බුද්ධිමත් ජනතාවට මෙය නම් උපහාරයකි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 23 April 2016 01:36 AM

එක එක්කෙනාට ඉතින් එක එක මනස්ගාත කාලෙන් කාලෙට ඇතිවෙනවා. මතකනේ ප්‍රභාකරන් සිතියම් අනලා කොඩි ගහලා නැතුව නැටිල්ලක්. මේවට බහුතරය කලබල වියයුතු නැහැ. විග්නේශ්වරන් කියන්නෙත් දේශපාලකයෙක් (නි)

:       0       0

තිලක් - නුවර Saturday, 23 April 2016 01:52 PM

ෆෙඩරල් කියන්නේ ප්‍රාන්තයක් නොවෙයි, වෙනම බලය. ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව, සංහිඳියාව, යහපාලනය... මේ ඔක්කොම එන්නේ මේකට. (නි)

:       0       0

පෙරේරා Saturday, 23 April 2016 01:46 AM

සමහරු ෆෙඩරල් ක්‍රමවේදය ගැන බියක් වුණාට ෆෙඩරල් ප්‍රාන්ත පාලන ක්‍රමවේදයේ කිසිම ගැටළුවක් නැහැ. ඉන්දියාව, ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව මේ හැම රටකම ෆෙඩරල් ප්‍රාන්ත පාලන ක්‍රමවේදයන් තියෙන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රාන්ත පාලන ක්‍රමවේදයේ එංගලන්තය, වේල්ස් සහ ස්චිස්ටර්ලන්තයේ වෙනම පාර්ලිමේන්තුත් තියෙනවා. හැබැයි මේ හැම රටකම ඒකීයභාවය සහ ස්වෛරීභාවය නැතිවෙලා නැහැ, ඒ රටවල් බෙදිලත් නැහැ. ලංකාවට වඩා බෙහෙවින් දියුණු වෙලත් තියෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 23 April 2016 01:46 AM

දැන් ඉතින් තිබෙන්නේ දෙන එක පමණයි. (නි)

:       0       0

මුණසිංහ Saturday, 23 April 2016 01:48 AM

ඔන්න ඔහේ ඕකත් දීලා දාමු නේද මහත්තයෝ. පාර්ලිමේන්තුව තිබුනට කමක් නැහැ කියලා කියන නිසා අපිට හානියක් නැහැනේ (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 23 April 2016 01:49 AM

තාම මොකුත් වෙලා නැහැ. එහෙමයි හිතාගෙන ඉන්නේ. පහුවෙනිදට තමයි දැනගන්න පුළුවන්. එතකොට ඔක්කොම ඉවරයි නේද නිම්මි? (නි)

:       0       0

ඉරන්ත Saturday, 23 April 2016 04:12 PM

හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් තව ඉදිරියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site