උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයකින් යුතු ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහිත බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇතුලත් සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කළ යෝජනාව අද (22) සම්මත විය.
මෙම ක්‍රමය විසඳුමක් නොවන බවත් එයින් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් වන්නි පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න මහත්වරු පැවසූහ. ඔවුහු කියා සිටියේ මෙම යෝජනාව සම්මත කර පලක් නොලැබෙන නිසා යෝජනාව නොගෙනෙන ලෙසත් සම්මත නොකරන ලෙසත්ය.
උතුරු පළාත් සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව 38 කි. එහෙත් ජන්දය දෙන අවස්ථාවේ එහි සිටයේ ජයතිලක සහ ධර්මපාල මන්ත්‍රීවරුන් හැර මන්ත්‍රීවරු 28 ක් වූහ. යෝජනාව ඒකමතිකව සම්මත විය. ජයතිලක සහ ධර්මපාල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ එහි නොසිටියහ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ දී ඊට ඇතුලත් කිරීම සඳහා ජනපතිට හා විපක්ෂ නායකට යෝජනාවේ පිටපත් යැවීමට ද තීරණය විය.
ජයතිලක මන්ත්‍රීවරයා සඳහන් කළේ යෝජනාවේ සිංහල කෙටුම්පතක් පළාත් සභාවෙන් සකස් කර නැති බවත් තමාට හා සෙනවිරත්ක මහතාට එහි සිංහල පිටපත් නොලැබුණු බවත්ය.
සිංහල ජනතාවට කැමති පරිදි දකුණේ ප්‍රාන්ත සකස් කර ගත හැකි බව යෝජනාවේ සඳහන් බව සිවාජිලංගම් මහතා කීවේය.
මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට තම යෝජනා කිසිඳු අවහිරයක් නොවන බවත් අතිරේක වශයෙන් උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවා ගැනීමත් යෝජනාවේ සඳහන් බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවත් ඕනේ නැතිද ? (ර)
මට තේරෙන්නේ නැහැ මගේ රටට මොනවා වෙන්න යනවද කියලා (නි)
ෆෙඩරල් දීපු ගමන් ඔය වගේම යෝජනාවක් ගේන්නයි තියෙන්නේ අපිට වෙන් වෙන්න ඕන වෙනත් රටක් ලෙස කියල - ඒවගේ සම්මත වෙන යෝජනාවක් එකසත් ජාතීන්ගේ සංවිදනේ ලේසියෙන්ම පිළිගන්න නිසා එතකොට අපිට මේ දුපතේ රටවල් 2යි. අපිට වීසා අරන් පිටරට යන්න පුළුවන් හරි ලේසියෙන් - අල්ලපු වැටෙනේ. හරි ෂෝයි. (ර)
මේ යෝජනාවට ඉඩ දෙන්න බෑ.(හේ)
නියමයි.(හේ)
ඔය තියෙන්නේ වැඩ.(හේ)
පෙරේරලා වගේ අය තමයි යහපාලනයට කඩේ යන්නේ. ඉහත සඳහන් රටවල යුද්ධයක් තිබුනද? හැමදේම සැහැල්ලුවෙන් හිතන්න එපා. (නි)
පෙරේරා මහත්තයෝ, මේ රට ෆෙඩරල් ක්‍රමයකට පුංචි වැඩියි. මේ පළාත් සභා ක්‍රමය වුණත් ඉන්දියාවේ බලපෑමට අපට පටවපු සුදු අලියෙක්. ඒවාත් අවලංගු කරන්නයි තියෙන්නේ. (නි)
පළාත් සභාවෙන් සම්මත උනාට වැඩක් නැනේ.... (ර)
අපිට හරි සතුටුයි. අපේ ප්‍රභාකරන් උතුමාණන්ට කරගන්න නොහැකි දෙය ප්‍රජාතන්ත්‍රවාදිව ලැබෙනවා. (නි)
මේ මනුස්සයට මොනා වෙලාද මේ.? (ර)
ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයට කත්අදින, හොඳ කියන අය දන්නේ නැහැ ලංකාවේ ෆෙඩරල් ඉල්ලන අයගේ ඉලක්කය කුමක්ද කියලා (නි)
පිටබැද්දර ජයා, ප්‍රභාකරන් නැටුව නැටුමට අයිතිවුණේ සිතියම් සහ කොඩි විතරක් නොවෙයි. අමතකද රටේ සිදුවූ මහා විනාශය..? කොටියා ගෙදරටම ඇවිල්ල කාලා යනතුරු ඉන්නේ නැතුව විනාශය කලින් වළක්වා ගතයුතුයි (නි)
දැන් පිටබැද්දර ජයා හිතාගෙන ඉන්නේ ප්‍රභාකරන්ගේ නැටුම එයාටම ඇතිවෙලා නැවැත්තුවා කියලද? අපේ රණවිරු ජීවිත කීයක් නැතිවුණාද ඒ වෙනුවෙන්..? අැයි මේ දේවල් දැන දැන නොදන්නවා වගේ ඉන්න හදන්නේ? (නි)
දැන් බොහොම සතුටුවෙන කට්ටියකුත් ඇති (නි)
ඔන්න කස කාරයෝ එනවෝ... (ර)
තාම මුකුත් වෙලා නැහැ . ඉස්සරහට බලාගන්න පුළුවන්. (ර)
පෙරේරා, ඒ රටවල ෆෙඩරල් බෙදාගෙන තියෙන්නේ එකම ජාතින්. මෙතන එහෙම නෙමෙයි (නි)
මේවා නම් ඉතින් අපි බලාපොරොත්තු වූ වෙනස්කම්! (නි)
එතකොට රටවල් කීයද මේ දුපත් ඇතුලේ? (ර)
ජයවේවා! කියමු. (ර)
ලංකාවෙ ඉන්න හැම දෙමළ වැසියාම උතුරට යන්න කැමතිද? (නි)
ප්‍රේමදාස මහත්තයා හිටපු කාලේ මේ වගේ යෝජනාවක් ගෙනා වෙලාවේ උතුරු සබාව විසුරුවා දැම්මා. අන්න රටට ජාතියට අාදරය කළ නියම ඇත්තෝ (නි)
පිටබැද්දර ජයා, පෙරේරා කියන්නේ මොන ජාතියේ අයද දන්නේ නැහැ. (නි)
ඔන්න ඔහේ කමක් නැහැ, ෆෙඩරල් මදි නම් ඊළම වුණත් දීලා දාමු. කැපුවත් අපි කොළපාට. (නි)
මේ කතා තඹ දොයිතුවකට ගණන් ගණන් ගන්න නරකයි. (ර)
ප්‍රභාකරන් තුවක්කුවෙන් අහිංසක ජනතාව රැවැට්ටුවා. මෙයාලා නොවෙන දෙයක් අහිංසක ජනතාවගේ ඔලුවට දාලා සදාකල් ඉන්න හදන්නේ. ආණ්ඩුවෙන් දෙන සල්ලි වලින් දැනට පළාත් සභාවේ මොනවද කළේ කියලා වාර්තාවක් හැම පළාත් සභාවකින්ම මාස්පතා රජය ලබාගන්න ඕනෑ. (නි)
විග්නේෂ්වරන් දන්නවා මේ පෙඩරල්වලට රටේ බහුතරය අකමැතිබව. ඒත් ඔහු අතකොළුවක් වෙලා. (ර)
පටු මානසිකත්වයක් තිබෙන මිනිස්සු අායෙත් විනාශයක් කරන්නයි හදන්නේ. (නි)
දේශපාලුවන්ට තව දුරටත් ජාති වාදය අවුස්සන්න බැහැ. ජනතාව දන්නවා.... (ර)
පසුගිය යුධ සමයේ කොළඹ ජීවත්වෙමින් සිටි සමහරුන්ට මේ ගැන කතාකිරීමට පවා සිතීමටවත් අයිතියක් නැති බවද අවධාරණය කරන්නෙමු (නි)
විග්නේශ්වරම්ලාගේ යෝජනා ක්‍රියාත්මක කරන්න සුදානම් පාලකයෝ මේ රටේ ඉන්නවා කියලා අපි හිතන්නේ නැහැ. (නි)
හේමපාල, රටේ බහුතරය කැමති වුණානේ වෙනම පාලනයක් දෙන්න. එ්කනේ ඒවා දැකදැකත් ඡන්දෙ දුන්නේ. (නි)
ඕකනේ ගොඩ දෙනෙකුට ඕනෑ වුණේ. දැන් සනීප ඇති (නි)
62 ලක්ෂයක් ජනතාව යහපාලනය බලයට ගෙනාවේ උතුරට වෙනම පාලනයක් ලබාදීලා අලුත් රටක් හදන්න. එ්ක ඉතාම ඉක්මනින් ඉෂ්ට වෙනවා දැකීම ඉතාම සතුටුයි. අැයි අපිට මේ පොඩි දිවයිනේ රටවල් කීපයක් ලෙස සතුටින් ඉන්න බැරි? (නි)
සමහර අය මහජනතාව නොමඟ යවන්න හැදුවට වැඩක් නැහැ. ඔය මොන සම්මත අාවත් රට බෙදන්න හම්බවෙන්නේ නැහැ. (නි)
මොවුන් එකට ජීවත්වීමට කොහෙත්ම කැමති නැත. මේ ප්‍රශ්නයේදී පළමුව වරද පැටවිය යුත්තේ අපේ පුරාණ දුර්වලව සිටි රජවරුන්ටයි. ඔවුන් අනාගතයේ කුමක් වේදැයි සිතුවේ නැත. ඇතැම් සිංහල දුර්වල රජවරු තම ප්‍රාන්ත රජවරු බලවත් වූ විටදී කළේ දකුණු ඉන්දියාවෙන් "වේලක්කාර" හමුදාවන් හෝ අගම්පඩි ආදී හමුදාවන් මෙහි ගෙන්වාගෙන යුධ කිරීමයි. පසුව ඔවුන් අප රටේම පැලපදියම් වූහ. (නි)
පිටරට නොගිය අපිටත් දැන් ලෙහෙසියෙන් රට යන්න අවස්ථාවක් ලැබෙයි වගේ (නි)
පෙරේරා, නොදන්නා දේවල් නොලියා ඉන්නවද? (නි)
දෙමළ ජනතාවට පමණක් සීමාවූ උතුරු පළාතක්, දෙමළ බස කතා කරන දෙගොල්ලන්ට සීමාවූ නැගෙනහිර පළාතක් සහ සියල්ලන්ටම පොදු වූ ඉතිරි පළාත් සහිත දේශයක් බිහිවේවි. පුංචි පවුල රත්තරන් තේමාව යටතේ සිංහලයාට අවසානයේ තමන් අසරණවූ රටක් බිහිවේවි. (නි)
හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන් (නි)
60%ක් වූ ඡන්දය දුන් ජනතාවට දැන් සනීපයට නින්දයාවි (නි)
විග්නේශ්වරම් හිතාගෙන ඇති එහෙම කරන්න. නමුත් කවදාවත් එ්ක සිදුවන දෙයක් නොවෙයි. ඕනෑම ජාතියකට ලංකා භූමියේ නිදහසේ සිටීමට මිස වෙනම ප්‍රාන්ත පිහිටුවා ගැනීමට නොලැබෙනු ඇත (නි)
60% ක් වූ කොටසට දැන් සනීප ඇති ගොඩක් (නි)
යහපාලනයට සහ එය බලයට ගෙනඒමට ඇප කැප වූ බුද්ධිමත් ජනතාවට මෙය නම් උපහාරයකි (නි)
එක එක්කෙනාට ඉතින් එක එක මනස්ගාත කාලෙන් කාලෙට ඇතිවෙනවා. මතකනේ ප්‍රභාකරන් සිතියම් අනලා කොඩි ගහලා නැතුව නැටිල්ලක්. මේවට බහුතරය කලබල වියයුතු නැහැ. විග්නේශ්වරන් කියන්නෙත් දේශපාලකයෙක් (නි)
ෆෙඩරල් කියන්නේ ප්‍රාන්තයක් නොවෙයි, වෙනම බලය. ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව, සංහිඳියාව, යහපාලනය... මේ ඔක්කොම එන්නේ මේකට. (නි)
සමහරු ෆෙඩරල් ක්‍රමවේදය ගැන බියක් වුණාට ෆෙඩරල් ප්‍රාන්ත පාලන ක්‍රමවේදයේ කිසිම ගැටළුවක් නැහැ. ඉන්දියාව, ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව මේ හැම රටකම ෆෙඩරල් ප්‍රාන්ත පාලන ක්‍රමවේදයන් තියෙන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රාන්ත පාලන ක්‍රමවේදයේ එංගලන්තය, වේල්ස් සහ ස්චිස්ටර්ලන්තයේ වෙනම පාර්ලිමේන්තුත් තියෙනවා. හැබැයි මේ හැම රටකම ඒකීයභාවය සහ ස්වෛරීභාවය නැතිවෙලා නැහැ, ඒ රටවල් බෙදිලත් නැහැ. ලංකාවට වඩා බෙහෙවින් දියුණු වෙලත් තියෙනවා. (නි)
දැන් ඉතින් තිබෙන්නේ දෙන එක පමණයි. (නි)
ඔන්න ඔහේ ඕකත් දීලා දාමු නේද මහත්තයෝ. පාර්ලිමේන්තුව තිබුනට කමක් නැහැ කියලා කියන නිසා අපිට හානියක් නැහැනේ (නි)
තාම මොකුත් වෙලා නැහැ. එහෙමයි හිතාගෙන ඉන්නේ. පහුවෙනිදට තමයි දැනගන්න පුළුවන්. එතකොට ඔක්කොම ඉවරයි නේද නිම්මි? (නි)
හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් තව ඉදිරියට (නි)