IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දෙන මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

උතුරු හා නැගෙනහිර පළාත් වල වසර 30 ක් පුරා පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් එම ප්‍රදේශ වල වාසය කළ පවුල්වලට අයත් නිවාස විශාල ප්‍රමාණයක් හානියට පත් විය. උතුරු හා නැගෙනහිර පළාත් වල 2009 වර්ෂයේ සිට මේ දක්වා පවුල් 274,728 කට අයත් පුද්ගලයින් 914,722 ක් නැවත පදිංචි කර අවසන් කර ඇති අතර ඔවුන් සඳහා 2024 වර්ෂය අවසන් වන විට උතුරු හා නැගෙනහිර පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 8 ක නිවාස 150,488 ක් ඉදි කර ඇත.

එම නිවාස ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දියානු රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් ජාතික සංවිධාන ඇතුළු අනෙකුත් ආයතන මඟින් අරමුදල් සපයනු ලැබ ඇත.

2009 වර්ෂයට පෙර අවතැන් වූ මුල් පවුල් (Core families) සඳහා උතුරු හා නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක 8 ක තවත් නිවාස 16,759 ක් පමණ ඉදිකළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. 

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී වර්ග අඩි 550ක නිවසක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,100,000/-ක් සහ වර්ග අඩි 340ක නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 650,000/- ක් වශයෙන් තීරණය කරනු ලැබ ඇත. 

එහෙත්, ගොඩනැගිලි ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල වර්තමාන මිල ගණන් අනුව වර්ග අඩි 550 ක නිවසක් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,600,000/- ක් සහ වර්ග අඩි 340ක නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් 950,000/- ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ.

 ඒ අනුව, 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභියා විසින් ඉදිකිරීමේ පදනම මත රජය මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල පහත සඳහන් පරිදි ඉහළ නැංවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වර්ග අඩි 550ක නිවසක් ඉදිකිරීම සඳහා රජයේ අරමුදල් මඟින් ලබා දෙනු ලබන ආධාර මුදල රුපියල් 1,500,000/- දක්වා වැඩි කිරීම.

* වර්ග අඩි 340 ක නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙනු ලබන ආධාර මුදල රුපියල් 900,000/- දක්වා වැඩි කිරීම.



අදහස් (2)

උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය

Roni Tuesday, 03 June 2025 04:05 PM

ඇයි එහාට විශේෂ සැලකිලි

:       15       7

රුවන් Wednesday, 04 June 2025 10:00 AM

රොනි දන්නේ නෑ තාමත් කුලියට ඉන්නවා දෙමළ, මුස්ලිම් අය ගෙවල් තිබ්බට දැන් ගෙවල් කැඩිලා යුද්ධය හින්දා. තමන් අඩුම උතුරු, නැගෙනහිර ගිහින් තියේද? අපේ ගෙදර වැඩ කරපු ගෑනු කෙනාගේ මුළු පවුලම මැරුවා කෝටි හිටිය ළමයි දෙන්නාගෙන් එක්කෙනෙක් ඉතුරු වුනා කෝටි කදවුරකින් පැනලා ආපු හින්දා අදටත් ගෙයක් නෑ. තියෙන එක රජයෙන් නිදහස් කරලා නෑ. තමන්ට ගෙයක් තියෙන හින්දා අගේ තෙරෙන් නෑ. අඩුම රොනි අපිට වගේ සුනාමියෙන් බැට කාලත් තියෙනවා ද???

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site