IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘උතුරු ඡන්දෙට හමුදා මැදිහත්වීම් එපා‘

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාධාරණව පවත්වන බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

පිටු දෙකකින් සමන්විත එම ලිපිය අද (10) තැපෑලෙන් යොමු කළ බව ද උතුරේ සිවිල් පරිපාලන කටයුතුවලට හමුදාව කරන මැදිහත්වීම් නතර කර උතුරු පළාත් සභා මැතිවරණය සාධාරණව පවත්වන ලෙස ද සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පැවසීය.



අදහස් (0)

‘උතුරු ඡන්දෙට හමුදා මැදිහත්වීම් එපා‘

අමිල කටුනායක Tuesday, 10 September 2013 07:19 PM

ඔව්. ඕනෑ නැහැ. ඔයා හිටියම ඇති (නි)

:       0       0

ගුණේ Tuesday, 10 September 2013 07:51 PM

ජිවිත කැප කරලා රැකගත් රට ආරක්ෂා කරගන්න ඉදිරියටත් හමුදා මැදිහත් වීම අවශ්‍යයි. (නි)

:       0       0

අනුර Tuesday, 10 September 2013 07:58 PM

දැන් ඔහොම නම් පළාත් සබාව ලැබුනොත් කොහොම කියයිද(අ)

:       0       0

රණා Tuesday, 10 September 2013 08:21 PM

මැතිවරණය තියන්නේ කොමසරිස් තුමා ජනාදිපති නොවේ, එයලගෙනුයි ගන්න ඕන සහතිකයක් ඉස්සෙල්ල (අ)

:       0       0

අචිනි Wednesday, 11 September 2013 09:53 AM

මෙතන දාල තියන අදහස් දැක්කහම පුදුම හිතෙනවා. ඡන්දෙට හමුදා මැදහත් වීමයි එපා කියන්නේ. හමුදාව මැදිහත් වෙනවා කියන්නේ හොර ඡන්ද දැමීම සහ දූෂණය ඇතිවෙනවා කියන එකයි. සාදාරනව බලන්න පුරුදු වීම තමයි අපට නැති දෙය.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 10 September 2013 09:08 PM

මේ අයගේ මැතිවරණ ප්‍රකාශය ගොඩක් බරපතලයි.මෙයාල හැමදාමත් කළා වගේ දෙමල ජාතිවාදය උඩ බලය ලබාගන්න හදන්නේ.මෙයාල උතුරු ඡන්දය දිනන්න තියෙන ඉඩ වැඩි .ප්‍රශ්නේ තියෙන්නේ මෙයාල ඊළගට ලෝකය ඉදිරියේ කියන්නේ දෙමල මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ ප්‍රකාශනය අනුමත කරලා මේක ක්‍රියාත්මක කරලා බලගන්නන්න කියල .පලාත්සභා ක්‍රමේ මේ විසදල නොකඩ තියන මේ ඡන්දෙන් මේ රටට ඉදිරියේදී ගොඩක් ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා.(අ)

:       0       0

කල්ප Tuesday, 10 September 2013 11:06 PM

හමුදාව කියන්නේ සත්තු නොවේ. අපේ රටේ කොල්ලෝ. ඔයා අවංක හදවතින් දෙමල ප්‍රශ්ණ දිහා බලන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. (නි)

:       0       0

මතිල Wednesday, 11 September 2013 11:54 AM

ඇයි බය වුනාද සම්බන්දන් මහත්තයො ඡන්දෙට?බය වෙන්න දෙයක් නම් නැහැ. ඔයාලට ඊලමක් නම් පටන් ගන්න හම්බෙන්නේ නැහැ ආයේ. (ස)

:       0       0

සුරංග Wednesday, 11 September 2013 11:50 AM

ඔව් කොටින්ට කොහොමත් හමුදාව දිරවන්නේ නැහැ තමා. (ස)

:       0       0

රොහාන් Wednesday, 11 September 2013 12:37 PM

පළමුව තමන් කරන දේශද්‍රෝහී ප්‍රකාශ තමන්ගේ ජාතිකයන් වැරදි මාර්ගයකට ගෙනයන ප්‍රකාශ නවත්වන්න. ඔයාලගේ ඉගෙනීම උගත්කම මොකද්ද. කරනකලට පව් මිහිරිය මීසේ විඳින කලට පවු දුක් වෙයි ගිනිසේ. (අ)

:       0       0

ශානුක ප්‍රියන්ත Tuesday, 10 September 2013 06:58 PM

හමුදාවට මොකද ඔයතරම්ම බය? (නි)

:       0       0

ජාබීර් Wednesday, 11 September 2013 06:10 AM

රටේ සැමට එක නීතියක්‌ තිබිය යුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site