උතුරු පළාත් සභා මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයින්ට ආරක්ෂක අංශවලින් බියවැද්දීම පිළිබද පැමිණිලි ලැබී ඇති බැවි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
තෙන්නකෝන් මහතා එලෙස පැවසුවේ වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද නීති උල්ලංඝනය පිළිබ`ද හා උතුරු පළාත් ඡන්ද ප්‍රචාරය පිළිබ`ද වවුනියාව දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හා වවුනියාව නගරයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.
තෙන්නකෝන් මහතා මෙසේ ද කියයි.
උතුරේ සිවිල් නීතිය තවමත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ,උතුරු පළාතේ එක්ලක්ෂ දස දහසකට ජාතික හැදුනුම්පත් නැහැ, එයින් අසූදහසක පිරිසකට මොනයම් හෝ හැදුනුම්පතක් හෝ නැහැ.
නැවත පදිංචි කළ ජනතාව සිටින ප්‍රදේශයන් හි ආණ්ඩු පක්ෂයේ නොවන ඡන්ද අපේක්ෂකයින්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතු ස`දහා ආරක්ෂක අංශ බාධා කරනවා.
සමස්තයක් ලෙස ගත්කල ඉලංකයි තමිල් අරසුකච්චි පක්ෂයට , ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික සමානතා පක්ෂයට ආරක්ෂක අංශයන් විසින් විවිධ තර්ජනය කිරීම් එල්ල කොට ඇති බවට පැමිණිලි හයක් පමණ ලැබී තිඛෙනවා, ඉදිරි සති හයක කාලය තුල ආණ්ඩුව විසින් උතුරේ සිවිල් නීතිය ක්‍රියාත්මක කොට උතුරේ අපේකෂකයින්ට දේශපාලන නිදහස ලබාදිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැපරල් සංවිදානය ගැන යම් විශ්වාසයක් මැතිවරණ ක්ෂේත්‍රයේදී මේ රටේ තිබෙනවා. (නි)
ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගන්න පුලුවන්ද? (නි)
දැන්ම ඉඳලා පැමිණිලි කරලා හිටියාම පසුවට හේතු පාඨ ඉදිරිපත් කරන්න ලෙහෙසියිනේ. (නි)
අනේ අපි නොදන්නවායැ? (නි)
මෙහෙම වෙන්න,වෙන්න තමා ඡන්දය නිදහස් හා සාධාරණ වෙන්නේ.අපි දන්නා විදිහට නම්. (නි)
කවුරු කරදර කලත් එහෙ ඉතින් කවුද අහන්න යන්නේ ? පව් ඒ මිනිස්සු , ඒ මිනිසුන්ට කවදත් සදාරණයක් ඉෂ්ට වුනේ නැහැ , කවදත් කාගේ හරි බලපෑමක් තියෙනෙවා. (ස)