මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කිලිනොච්චි ගොවීන්ගේ කුඹුරු හා ඇලවේලි එළිපෙහෙළි කර දීමට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලහි ආරම්භක පියවරක් ලෙස කිලිනොච්චිය වව්නිකුලම් වැවේ ප්‍රධාන ඇල මාර්ගය එළිපෙහෙළි කිරීම යුද හමුදා සෙබලුන් 1000 කගේ පමණ සහභාගීත්වයෙන් සිදුවිය.
කිලිනොච්චිය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ සංකල්පයකට අනුව 65 වැනි සේනාංකාධිපති සරත් වීරවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කැරින.
ප්‍රදේශයේ ගොවීහු 500 ක් පමණ ආරක්ෂක අංශ සමග එක්ව සිටිනු දැකගත හැකිවූ අතර වව්නිකුලම් වැවේ ඇල මාර්ග තුනෙන් ප්‍රධානතම ලෙස සැළකෙන කිලෝමීටර 20 ක් දිගැති ඇළ මාර්ගය මෙසේ එළිපෙහෙළි කිරීම සිදුවිය.
තම කටයුතු සඳහා ආරක්ෂක අංශ දායකත්වය ලබාදීම ගොවි සංවිධාන ප්‍රධානීහු මහත් සේ අගය කළහ.
ඇළ මාර්ග එළිපහෙළි කිරීමේ කටයුතු සිදුකළද මහකන්නයේ ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටින වැසි, මේ දක්වාම නොලැබීම හමුවේ ගොවීහු සිටිනුයේ මහත් අසීරුතාවකට පත්වය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පායන කාලේ සියළුම වැව් වල රොන්මඩ ඉවත්කළොත් නරකද? (නි)
දැන් කිව්වා නේද හමුදාවෙන් වැඩගන්නේ නැහැ කියලා (නි)
උතුරේ ගොවියන් යුධ හමුදාවේ කුඹුරුවල වැඩවලට යොදවනවා කියලා ජාතිවාදින් ලෝකෙටම බොරු ප්‍රචාරයක් කරන්නත් පුලුවන් (නි)
දැන් අර පහුගිය කාලේ හමුදාව රටේ ඉදිකිරීම්, නඩත්තු වැඩ වලට යොදවලා තියෙද්දී කිඹුල් කඳුළු හෙළපු අය කොහෙද? (නි)
මේවා කරන්න තිබුනේ දැන් නෙමෙයි. මීට අවුරුදු 3-4 කට පෙර. සංහිඳියාවට යන්න තියෙන පාර මේකයි. (නි)
මේවා දැකලා විග්නේශ්වරන් තවත් මොනවා හරි දෙයක් කියවී. (ර)
ගම්මන්පිලලා දැන් මොකද කියන්නේ. පුළුවන්නම් කියන්න දැන් රණවිරුවෝ රට පාවාදෙනවා කියලා (නි)
මේ සත්කාරය ප්‍රදේශයේ දමිළ ජනතාවත් ආරක්ෂක අංශත් අතර තිබෙන සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කිරීමක්. මෙය රටේ අනිකුත් අංශ වලිනුත් කෙරෙන්නේ නම් අපට හොඳ ගමනක් යා හැකිබව මෙයින් පෙනේ. කිලිනොච්චිය 65 වන බලසේනාධිපතිතුමාට අපේ සුභ පැතුම් ! (නි)
මේ ක්‍රියාව මොනතරම් පැසැසිය යුතුද? අපේ රණවිරුවන් මේ සමාජ ප්‍රවර්ධන වැඩපිළිවෙලට මෙසේ උපකාර කිරීමට මෙවන් වැඩකටයුතු නොපමාව සොයා කරවියයුතු පාලකයෝ දැන හෝ නොදැන ඉටුකිරීම හරිම වැදගත්. රටේ සංහිඳියාවට මහත් ආශිර්වාදයක්. මෙවැනි කටයුතු වලට අපි නොපමාව හැම අතින්ම ආශිර්වාද කළයුතුයි. (නි)
ටික දවසකින් කියයි හමුදාව තිබ්බ ටිකත් පාලු කළා කියලා. (නි)
පින්වත් මිනිසුනේ, දෑස විවරකොට බලව්, සැබෑ වීරයෝ කියන්නේ මෙවන් පුරුෂයින්ටයි. (නි)
හමුදා සිවිල් ජනතා එකමුතුකමට ඉතා හොඳ ආදර්ශයක් (නි)
"ඔබට දැන් සතුටුද?" (නි)
මෙන්න මෙයයි වියයුත්තේ. එකිනෙකා අතර සහජීවනය ඇතිකිරීමයි වියයුතු. ඒ හැර තම තමන්ගේ දේශපාලන වාසි තකා, ආන්න උතුරේ කොටි ගහනවෝ කිය කියා දකුණු ජනතාව මුළාකර බෙදා වෙන්කිරීම නොවෙයි (නි)
මේ ක්‍රියාවම තමයි පහුගිය ආණ්ඩුව කළෙත් ආරක්ෂක අංශ වල උදවුවෙන්. නමුත් යහපාලනය ඡන්දය ගන්න කිවුවේ මොනවද, මතක ඇති නේද? (නි)
මේ කටයුතු විය යුතුයි නමුත් හමුදාවෙන් වැඩ ගන්නවා කියලා රට ආපස්සට හරෝපු අය දැන් මොනාද කියන්නේ (හේ)
මේ ප්‍රශ්නය දුර දිග යන්න කලින් මෙය විසදන්න.(හේ)
පහුගිය කාලයේ ආරක්ෂක අංශ වල අය වැඩට යොදලා අනෙක් පැත්තෙන් යටි මඩි කලා කියලා කියනවා නේද? (හේ)
හමුදාව මෙහේ වැඩට යෙදෙව්වේ කාර් රේස් වල වැලි කොට්ට ගොඩ ගහන්නයි නගර සභාවේ වැඩ ටික කරන්නයි නේ.ඒක තමයි මේ කාලෙයි පහුගිය කාලේ වෙනස.(හේ)
කුමන ආණ්ඩුවකින් කලත් මේ කටයුතු ගැන ආඩම්බර වියයුතුයි. (ර)
දැන් හමුදාවේ බැඳපු නැති තරුණ ළමයි මේ සෙනගගේ ගැහැණු ළමයි හා විවාහ උනානම් එයාලා මේ ගමේම සෙනගක් වෙලා තවත් සුහදතාවය වැඩිවෙනවා, එතකොට ජාති දෙක එකජාතියක් වෙනවා කලක් යද්දී, ජාති වාදය අවුස්සන අයට තවත් ඒ වැඩේ කරන්න බැරිවෙනවා. (ර)
තිස්ස, වැරදි කෙනාගෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ. (ර)
මෙන්න මේවා විග්නේෂ්වරන්ලාට පෙනෙන්නේ නැතුව ඇති නේද? (නි)
විග්නේෂ්වරන්ට කණේ පහරක් (නි)
දැන්වත් මහ ඇමතිගේ ඈස් ඇරුනොත් හොඳයි (නි)
ඔය මොනවා කළත් කොටියාගේ පුල්ලි නැතිකරන්න බැහැ මානුෂික මෙහෙයුමෙන් පසු රණවිරුවන් උතුර ගොඩනැගීමට කොපමණ දහදිය හෙළුවද ? නමුත් විග්නේශ්වරන් ඇතුළු දමිල දේශ පාලුවන් නිකමට එ්බව මතක් කරනවද ? (බ)
දැන් ඔබට සතුටුද? සෙබළුන් නගර වැඩ කළවිට මොනතරම් අවලාද නැගුවද? (නි)