උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.
රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවය.මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසිනි.
ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව කරනු ලබන න්‍යෂ්ටික අවි හා න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සහ බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවන තුරු උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට දැනුම් දී තිබේ.ඒ අනුව එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල් දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත.
රෙගුලාසි අනුව සම්බාධක පනවනු ලබන බවට වගබලා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශ ඇමතිවරයා විසින් නිසි බලධාරියකු පත් කරනු ඇත.
මෙමගින් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ කිසිදු උපකරණයක් උතුරු කොරියාවේ පුද්ගලයකු වෙනුවෙන් භාවිතය, හුවමාරු කිරීම,ගබඩා කිරීම,ප්‍රවාහනය කිරීම,තොග රැස්කිරීම,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම,නිෂ්පාදනය ,මේ හා සම්බන්ධ සේවා සැපයීම හෝ සහාය ලබාදීම,උපදෙස් ලබාදීම,තාක්ෂණික පුහුණුව ලබාදීම,මූල්‍යමය සේවා සැපයීම,වත්කම් සැපයීම හා ලබාගැනීම මෙරට සහ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබේ.
උතුරු කොරියාවට ඉන්ධන සේවා සැපයීම ,නැව් බද්දට හෝ කුලියට ලබා දීම හෝ නැව් කාර්ය මණ්ඩලය කුලියට ලබාදීම ද මෙමගින් තහනම් කර තිබේ.උතුරු කොරියානු මූල්‍ය ආයතනවලට ලංකාවේ නව ශාඛා, අනුබද්ධ ආයතන හෝ නියෝජිත කාර්යාල විවෘත කිරීමට ඉඩ නොදෙනු ඇත.
උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ,උතුරු කොරියානු රාජ්‍ය නියෝජිතයින් ,රාජ්‍ය හෝ නියෝජිත නිල කාර්යාලවල සේවය කරන උතුරු කොරියානු ජාතිකයින්, උතුරු කොරියා වෙනුවෙන් හෝ එහි නියෝග මත ක්‍රියා කරන විදේශීය ජාතිකයින් සහ උතුරු කොරියාවට සම්බන්ධ අනෙක් පුද්ගලයින් නෙරපා හැරීම සඳහා රජයට නිර්දේශ කිරීමේ බලය රෙගුලාසි පනවන බවට සහතික කිරීම සඳහා පත් කරන ලද බලධාරියාට ඇත.
තහනම් කර තිබෙන ක්‍රියාකාරකම් සම්බන්ධ බවට තහවුරු වුවහොත් උතුරු කොරියානු රජයේ ආයතන හෝ උතුරු කොරියානු සේවකයින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන අරමුදල් ,මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කිරීමට මෙම නිසි බලධාරියාට බලය ඇත.
මෙම රෙගුලාසිවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති අනෙකුත් රෙගුලාසි ද ශ්‍රි ලංකා රජය ප්‍රකාශයට පත් කළේය.
මෙම රෙගුලාසි මගින් න්‍යෂ්ටික ,රසායනික හෝ ජෛව අවි නිෂ්පාදනය,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම .වැඩි දියුණු කිරීම ,ප්‍රවාහනය ,හුවමාරු කිරීම , භාවිතය හෝ ඒ හා සම්බන්ධ දෑ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම තහනම් කරනු ලැබ තිබේ.
සාමය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා රසායනික හා ජීව විද්‍යාත්මක ආයුධ ආශ්‍රිත අමුද්‍රව්‍යය ශ්‍රී ලංකාව තුළ අපනයනය,තැනින් තැනට ගෙනයාම,නැවකින් නැවකට ගෙන යාම හෝ ප්‍රතිඅපනයනය අදාළ ලිඛිත නීතියට අනුව සිදු කෙරෙනු ඇත.
මෙම රෙගුලාසි යටතේ වැරදි කරනු ලබන පුද්ගලයකු මහාධිකරණයේ නියෝග අනුව වසර 25 දක්වා වූ සිර දඬුවමක් හෝ රුපියල් මිලියන පහකට වඩා නොවැඩි දඩයක් හෝ එම දඩුවම් දෙකම හෝ ලැබීමට යටත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මොනවා හරි විකුණන්න තිබ්බා එහාටත්....
හා කාල වරෙන්කෝ. දැන් පුළුවන්නම් පෙන්නන්න චණ්ඩිකම්. අපි සද්ද නැතුව ඉන්නකම් ඒ අය ඇමෙරිකාවට ගැහුවා.
මට මේක දැක්කම මතක් වුණේ වෙරි වුණු මීයෙක් කියපු කතාවක් තමයි.
ඇමරිකාවත් එක්ක හැප්පෙන උතුරු කොරියාවට ලංකාව මොකක්ද ..? ඉල්ලගෙන කනවා කියන්නේ මේවට. දියණු රටවල් වලින් හිඟා කන අපේ රටේ සම්බාධක එයාලට වැඩක් නෑ.
අපි ඇමෙරිකාවේ යටත් විජිතයක්ද? මේ සම්බාධක දැමිල්ල අපිට හොඳද? අගමැති ජර්මනියේ, ජනාධිපති ඉන්දියාවේ, රටේ වෙන දේවල් එම උත්තමයෝ දන්නවද? අනුන්ට සම්බාධක දාන්න ගිහින් අපිට වැරදුණු දවසට ඔය දාපු එවුන් පිටරට පැනගනීවී. දුප්පතාට තමයි වරදින්නේ. මේ ආණ්ඩුවක් පත්කරගෙන මිනිසුන්ට වැරදිලා හමාරයි.
ඕක මොකක්ද? අපි යුද අපරාධ කලා කියලා අපිමයි යෝජනා කලේ.
අනේ කටවහගෙන හිටියානම් අපේ තේ ටික හරි විකුණා ගන්න තිබුණා. මාළුවා නහින්නේ කට නිසා.
'ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල් දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත.' ලංකාවේ තිබුන උතුරු කොරියානු තානාපති කාර්යාලය වසා දැම්මේ 1971 සිදු වූ ජවිපෙ කරන ලද අප්‍රේල් කලබලය සමගයි.
හත් වලාමේ දැන් ඒ මුළුරටම බඩගින්නේ තමයි. අපේ සම්බාධක හින්දා. පව් අහිංසකයෝ ටික.
අනේ ඇත්තටම මේ ආණ්ඩුවට නම් දෙයියන්ගේ හාල් කැවිලා. දැන් ඉතින් උතුරු කොරියාව පූස් පැටියෙක් වේවි.
මාර වැඩේ උතුරු කොරියාව ලංකාවේ සම්බාධක නිසා න්‍යෂ්ටික වැඩ පිළිවෙළ අත්හරින්න වෙලා ලංකාවට බයේ...
දැන්නම් උතුරු කොරියාවට හොඳටම රිදෙයි හොඳේ. ලංකාවේ න්‍යෂ්ටික දැනුම, ඒ පිළිබඳ පුහුණුව, උපකරණ දැන් ගන්න බැරි වෙන හින්දා...
ඕහ්.... දැන් ඉතින් උතුරු කොරියාවේ අවසානේ තමයි ...
උතුරු කොරියාවට පමණක් නොව දකුණු කොරියාවට එරෙහිව සම්බාධක පැමිණවිය යුතුයි. මොකද අපේ රටේ හිඟන්නෝ එහෙ ගිහින් කුලී වැඩ කරලා කීයක් හරි හොයාගෙන, ටැබ් ෆෝන්, ලැප්ටොප් අරගෙන මහා චණ්ඩි වගේ රඟනවා. අනිත් ජාතින් මරන්න, එලවන්න, අනිත් ආගම් පිටු දකින්න, එ්ක නිසා වැලේ වැල් නැති මහරාජාගේ වහල්ලු ටිකට කෙල වෙන්න දකුණු කොරියාවට සම්බාධක පනවන්න.
මේ වගේ ගොන් වැඩ කරන්න රටකට ආණ්ඩුවක් ඕනෙද? කෝ අපේ නොබැඳි ප්‍රතිපත්තිය.? අපට කිසිසේත්ම තර්ජනයක් නොකළ සහ නොවුණු රටක් සමග විදේශ සබඳතා අවුල් කරගන්නේ ඇයි? මේ යන විදිහ දිහා බලද්දී අපට පෙනෙන්න තියෙන්නේ වත්මන් යහපාලන රජයේ අති බහුතරය ඇමෙරිකන් ගැත්තන් බවයි. එය අප වැනි දුපත් රාජ්‍යකට කිසිසේත්ම යෝග්‍ය නොවේ. අනික උ. කොරියාව තවමත් බොදු උරුමයන් රකින රටක්. එහෙව් රටක් එක්ක අපි සියල්ල විසඳාගත යුත්තේ අපේ බොදු පදනමේ සිට මිසක් ඇමෙරිකානු වහල් භාවයේ සිට නොවේ.
උතුරු කොරියාව දැන් බයවෙලා ඉන්නේ මේ වැඩේට. මේ වැඩේ ස්ටොප් කරනවලු.
ඊලම් සංවිධාන වලට සහය දක්වමින් වෛකෝ මානව හිමිකම් සමුළුවේ බෙරිහන් දෙද්දී මෙම විදේශ ඇමැති මොනවාද කලේ?
ඇමෙරිකාවට කඩේ යන නිවට ආණ්ඩුවක්.
වැලේ වැල් නැතිව ලෝකෙට ණය වෙලා ඉඳගෙන තව සම්බාධක පනවන්නත් එනවා. සුද්දන්ගේ පශ්චාත් භාගය හෝදන්න යන මේ මිනිසුන් දන්නේ නැහැ ඒ මිනිසුන් කවදාවත් ඔය වැඩේ නොකරන බව...
මේ වගේ විහිළු කාරයන් මේ රටේ පාලනය ගත් පළමු අවස්ථාව... මහත්මා ගාන්ධි, මාර්ක්ස් ලෙනින් මා ඕ සේතුං ගේ පොත් ටිකක් කියවන්න... 8 වැනි ශ්‍රේණිය සමත් නූනත් පොත් කියවන්න එය බාධාවක් නොවේ.
"ඔයාලට කවදාවත් ඔය යුද්ධය දිනන්න බැහැ. එ්කයි අපි සාමයට යන්නේ... අරාලි හන්දිය ඔය මිනිස්සුන්ට ඉල්ලන විදිහට දීල අයින් වෙන්න.." කියලා හමුදාවට කියපු කෙනා ජනතා බලයක් නැතිව රෝයල් පිහිටෙන් බලය ලැබිලා සම්බාධකත් දානවා අනෙක් රට වලට....
හාහ් හාහ් හා !!! වසරේ හොඳම පුවත...
අනේ මෙහෙමත් ඉල්ලන් කෑමක්... කට හින්දලු මාළුවා නහින්නේ..
මේ ආණ්ඩුව ලෝක බලවතුන් ඇතුළු විවිධ පාර්ශව සතුටු කිරීමට ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවා. ශ්‍රී ලංකාවේ සම්බාධක වලින් ඔවුන්ට බලපෑමක් වෙන්නේ නෑ. වෙන්නේ අනවශ්‍ය ලෙස සතුරෙකු නිර්මාණය වීම පමණයි. මෙවැනි ප්‍රශ්න වලදී අප වැනි කුඩා රටවලට සුදුසු වන්නේ උපායමාර්ගික නිහඬ පිළිවෙතක්. බොහෝ ඇමෙරිකානු ගැති රටවල් පවා මෙච්චර ඉක්මන් වුණේ නෑ.
ආණ්ඩුවේ අමන සහ තුච්ඡ විදේශීය ප්‍රතිපත්තිය හෙලා දකිමු. මැද පෙරදිග රටවල්වලට බෝම්බ හෙලා සමූල ඝාතන සිදු කරන රටවල් සම්බන්ධයෙන් මුණි වත රකිමින් බටහිරට ආවැඩීමට මහජන වරමක් ලබා දුන්නෙ කවුද? ලෝකයේ භයානකම න්‍යෂ්ඨික, ජීව විද්‍යාත්මක සහ රසායනික අවි සතුව ඇති ඇමරිකාව රුසියාව වැනි බලවත් රටවල් වලට පළමුව විරෝධය දැක්විය යුතුය.
මෙතන කමෙන්ට් දාලා තියන හැමෝම ලිපිය කියවල තේරුම් ගෙන නැහැ වගේ. ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක් නිසා එම සංවිදානය විසින් සම්බාධක දැම්මහම හැම සාමාජික රටක්ම එ්ක කරනවා. චීනය පවා එක කරනවා. අපි ටෝයියෝ, බයියෝ හැටියට හැමදේම දිහා බලන එක වැරදියි. ලංකාවේ අපිට කියවනන පුළුවන් වුණාට තේරුම් ගන්න අමාරුයි. එ්කයි හිරේ ඉන්න ඕනෑ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ.
ප්‍රවෘත්තියක් කියවා තේරුම් ගන්න බැරි සමහරු මෙතන විකාර ප්‍රතිචාර දාලා. මේ සම්බාධක දාන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් විදිහට. මේ වෙනකොට චීනයත් උතුරු කොරියාවට එරෙහිව පියවර අරන් තියෙනවා. මේ සම්බාධක ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම වෙන්නේ යම් හෙයකින් මේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට යම් ශ්‍රී ලාංකිකයෙක් හවුල් වුණොත් ඊට එරෙහිව ගන්න නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය නිසා. එහෙම නැතුව උතුරු කොරියාව අපෙන් කාලා ඇඳලා ඉන්න කතාවක් මෙතන නෑ.
මොකක්ද මේ හදිස්සිය?
හාහ් හා... දවසේ හොඳම විහිළුව.... හෙට තව මොන මොන විහිළු ඒවිද දන්නේ නැහැ.... අනේ හැබෑටම ජෝකර්ලාට රට බාරදීලා රටකට ගිය කලක්....
මේ මොහොතේ අපිට මේක ඕනෑම වැඩක්ද? ඇමෙරිකානව සතුටු කරන්න ලංකා රජය ගත්තු මෝඩ තීන්දුවක්. මොකද මේ ඇමෙරිකාව තමයි අපිට එරෙහිව ජිනීවාවල යෝජනාවල් ගේන්නේ.
ඇමෙරිකාවට උදව් කරන්න කලින් ලංකාව ගැන බලාගන්න. කිම් ජෝන් තමන්ගේ රට ගැන බලාගනියි.
දැන් ඉතින් උතුරු කොරියාව ඉවරයි. ඇමෙරිකාව වගේද ලංකාවට තද වුණහම....
අපේ ගම්වල තිබෙන සමිතිවල ව්‍යවස්ථාව කඩකරන අයට එරෙහිව යම් පියවර ගැනෙන නිසා සමිතිය එළැඹෙන තීන්දු තීරණ පරිදි කටයුතු කිරීමට සාමාජිකයෝ බැඳී සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාවද එම සංවිධානයේ ප්‍රතිපත්ති මත ගන්නාවූ තීන්දු තීරණ මත ක්‍රියා කිරීම රටේ වගකීමයි. එම තීරණ වලට එරෙහි වූවිට අප රටටද යම් බලපෑම් ඇති වේ. අප ශ්‍රී ලංකා පවුලේ, ගෘහයේ, සාමාජිකයින් අතින් උතුරු කොරියාව නම් ගෘහයේ යුවතියක වෙත යම් ආලවන්තකම් පෑමෙන්, තෑගී බෝග යැවීමෙන්, ගනු දෙනු කිරීමෙන් කලින් කී පරිදී වන තීන්දු තීරණ කඩ නොවීම සඳහා අප නිවැසියන් දැනුම්වත් කිරීම ගෘහ මූලිකයා විසින් සිදුකර ඇති බව පැහැදිලිය. එය තේරුම් ගැනීමට අපොහොසත් හෝ කාගේ හෝ පදයකට නටන හෝ අකීකරු අඳ බාල කොලු පැටව් ටිකක් ගෘහමූලිකයාට කඩදාසි බෝලවලින් ගසන බව නම් පෙනේ. වෛරය සිත්හි දරාගෙන කටයුතු කරනවාට වඩා යතාර්ථය තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කිරීමත්, කටයුතු කිරීමත් හොඳයි නේද?
මේ නිව්ස් එක කියෙව්වහම මට නම් හිනාව නවත්තගන්නත් බැරි උනා හිටන්......!
අන්න කිම් ජෝන් උන් ට අමුතුම ලෙඩක් හැදිලා බිම පෙරලි පෙරලි හිනා වෙනවලු නවත්තගන්න බැරුව
මේ අදහස් වලට මාරපන උන්නැහැට මර චුන් ඇති . කවුරු හරි දැක්කද අර දුතයෙක් පත් කරන්න යන එක . කවුද දැන් ඔය දුතය . මිස්ට ක්ලීන්ගේ හරි මරපනගේ හරි හෙන්චයියෙක්.දුතය විතරක් නෙමෙයි දුතයට කාර්ය මණ්ඩලයක් නිල වාහන , නිල නිවසක් .මේ සියල්ල තක්සේරු කරන්න තවත් නිලදාරී උන්ට ගෙවන වැටුප් ඒවගෙන් ගහන කොමිස් අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ
උතුරු කොරියාව සම්බාධක දාන රටවල් වලට දාන්න න්‍යෂඨික බෝම්බ දැනටම වෙන්කරල ඇති .අපිට නං කිලෝ 5 ක එකක් වැඩිත් එක්ක