උතුරේ මහ ඇමැති යාපනයේ හර්තාල් පවත්වමින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලිමට රජය කිසිසේත්ම එකඟ නොවන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා රන්ටැඹේදි ප්‍රකාශ කළේය.
හර්තාල් හා උද්ඝෝෂණ කරමින් ඉල්ලා සිටින අසාධාරණ ඉල්ලීම් ලබාදිය නොහැකි බවත් එසේ නොකරන බවත් රටේ ආරක්ෂාවට අහිතකර කිසිම තීරණයක් නොගන්නා බවත් ඔහු පැවසීය.
උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා සංවිධානය කළ හර්තාලය ගැන ඒ මහතා පැවසූයේ ජාතීන් හා ආගම් අතර සංහිදියාව හා සුහදත්වය වර්ධනය කිරීමට රජය ගන්නා පියවරට මෙවැනි විරෝධතා වලින් බාධා සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ කාලෝචිත තීරණයක් (නි)
අපිට මෙහෙම දෙයක් අහන්න ලැබීම සතුටක් (නි)
ඉතා ප්‍රායෝගික තීරණයක් (නි)
මිනිසුන්ගේ ගොවිතැන් කටයුතු වලට ඒ අයගේ ඉඩම් ටික යළි ලබා දී යුද කඳවුරු ඒ ආකාරයෙන්ම තිබුණාට කමක් නැහැ. හැමෝම ශ්‍රී ලාංකිකයන් විදියට සංහිඳියාවට කැමතියි (නි)
ඉතාම සතුටුයි (නි)
කදුරු ගලවන්නේ නැතිව, හමුදාව අඩුකරාම හරිනේ. එතකොට ඔබතුමා බොරුවක් කිව්වා වෙන්නේ නැහැනේ. (ම)
ජයවීවා සර් (ම)
කලබල නැති නිසා හමුදාව අයින් කළාට කමක් නැහැ (ම)
අපේ පාසලේ ශිෂ්‍ය නායකයාවූ ඔබතුා ගැන අපට ආඩම්බරයි. දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඕනෑ. කිසිවිටෙක ආරක්ෂාව අඩු කළ යුතු නැත. (ම)
ඉතා සතුටුයි සම්මා දිට්ටිය ඇති ඇමැතිවරයෙක් සිටීම ගැන (ම)
ජේ. ආර් මැතිතුමාගේ පරපුරෙන් එන ඔබගේ වචනය ස්ථිරයි. අවංක නිහතමානී වැදගත් දේශපාලනය කරන ඔබ රට ට අවශ්‍ය නායකයෙක්.(හේ)
දමිළ දේශපාලකයන් ප්‍රශ්න ඇතිකිරීම උතුරේ සමස්ත සාමය අගයන දෙමළ ජනතාවට කරන අපරාධයක්. (නි)
මොනවා වෙනස් කළත් හමුදාව ඉවත් කරන්න එපා ඔය පැති වලින්. (නි)
ඔබතුමාගේ කතාවෙන් හිතට පුංචි සැනසිල්ලක් දැනුනා (නි)
නියමයි මහත්තයෝ! (නි)
ඔබතුමාට අපේ ප්‍රණාමය! (නි)
අන්න එහෙම කෙළින් කියන්න. නැත්නම් සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ කොටි යළි නැගිටිනවා කියලයි (නි)
දැනටමත් ප්‍රමාද වැඩියි කියලාත් හිතෙනවා (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ඔබ තුමාගේ ප්‍රකශය ගැන සතුටුවෙනවා(හේ)
අපිට ඔබතුමාගේ වචනය විශ්වාසයි (නි)
ඒක තමයි මහත්තයෝ වෙන්න ඕනේ.(හේ)
ඔන්න ඔහොම තමා ඉන්න ඕනෑ. අපිට සතුටුයි (නි)
මුලින් කඳවුරු ඉවත් කළේ ඇයි කියන ප්‍රශ්නයත් අපිට මතුවෙනවා (නි)
තව කඳවුරු වැඩි කළත් අඩු කරන්න එපා. ඒ අයට පොඩි බුරුලක් ලැබුණ ගමන් පටන් ගන්නවා. දැනටම කරන දේවල් පේනවනේ. අපේ රටේ විතරක් නොවෙයි කොතන ගියත් මේ අය පුරුද්ද නම් අත අරින්නේ නැහැ. (නි)
මේ ප්‍රශ්නය දෙස බැරෑරුම් ලෙස බැලිය යුතුය (නි)
ඔහොම කියද්දී ඒකාබද්ධයට සටන් පාඨ නැතිවෙනවානේ. (නි)
උතුරේ සංවර්ධනයට උර දීම වැදගත් එත් ඔවුන්ගේ ඉල්ලීම් දිනා දීමට කටයුතු කළොත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් .(ම)
අපෙත් එකම සැනසීම එච්චරයි (නි)
අපිට ඔබතුමාව විශ්වාසයි. (නි)
මේ වනවිට අක්කර දසදහස් ගණන් ආරක්ෂක කලාප ඉඩම් බෙදා දීලා ඉවරයි කියල අප දන්නවා. වහාම සිංහල ගම් වලට ආරක්ෂාව සපයන්න. (ම)
ඒක හොඳයි. ඒ විදිහට කරන්න. (නි)
සංහිඳියාව ඇතිකරන්න හැදුවේ දකුණේ විතරක් නම් මේ ඉල්ලීම් වලට ඉඩදුන්නට කමක් නැහැ (නි)