IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරේ කඳවුරු අඩුකරන බව හමුදාපති කියයි

උතුරු හමුදා කඳවුරු 16, තුන දක්වා අඩු කර පලාලියේ හමුදා ජනපදයක් ඇති කරන බව‍ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හමුදා අවන්හල විවෘත කරමින් අද ප්‍රකාශ කළේය.

හමුදා කඳවුරු පිහිටි ඉඩම් ආපසු අයිතිකරුවන්ට දෙන බව හමුදාපති පැවසීය.

 



අදහස් (0)

උතුරේ කඳවුරු අඩුකරන බව හමුදාපති කියයි

රුවන් Tuesday, 21 May 2013 04:01 PM

මේක නම් කරන්න එපා. තාම එහේ එල්.ටී.ටී.ඊ. හොල්මන් තියෙනවා. (නි)

:       0       0

ලසන්ත Wednesday, 22 May 2013 09:50 AM

උතුරේ හමුදා කඳුරු තිබුනා කියලා බය වෙන්න දෙයක් නැහැ. මොකද අපේ හමුදාව කොටි වගේ කප්පම් ගන්නේ නැහැ. ළමයින්ව පැහැර ගන්නේ නැහැනේ.මේ ගත්ත තීරණය අනිවාර්යෙන්ම වෙනස් කරගන්න කියා අපි ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

කවී Wednesday, 22 May 2013 09:58 AM

කිසිම කඳවුරක් අයින් කළ යුතු නැහැ. එහෙම වුණොත් උතුර තමිල්නාඩුවේ වෙලා නැගෙනහිර පකිස්තානේ කොටසක් වෙයි (නි)

:       0       0

තුෂාන් Tuesday, 21 May 2013 04:06 PM

ලංකාවට හොදක් නම් එච්චරයි

:       0       0

මහේෂ්වරන් Tuesday, 21 May 2013 04:15 PM

මෙතන තියෙන්නේ හමුදාවට තියන අකමැත්තට වැඩිය මිල්ටරි පාලනයකට තියන අකමැත්ත කියලයි මට නම් හිතෙන්නේ.උදාහරණ ලෙස මගුල් ගෙදරකට, අවමංගල්‍යයකට, උත්සවේකට හමුදා අවසරේ ඕනෑ වීම සහ ඒ දේවල් කලයුත්තේ හමුදාව කියන විදියට වීම,උත්සවේ අතරේ හමුදාව ආයුධත් අරන් එහි රැදී සිටීම.... වගේ දේවල් (නි)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 04:24 PM

කොහොමත් උතුරේ වැසියන් පිළිගත් මට්ටමකට පැමිණෙන තුරු හමුදාව හා පොලිසියත් සීරුවන් සිටිය යුතු බවනම් කියන්න ඕන. අනවශ්‍ය කරදර ඒ අයට මෙන්ම අපිටත් එපා.(නදී)

:       0       0

රන්ජා Wednesday, 22 May 2013 11:15 AM

අනේ හොඳයි. දැන්වත් එහෙ ඉන්න අහිංසක දෙමල ජනතාවට බය නැතිව ඉන්ඩ පුළුවන්. මොකද කවුරු මොනව කිව්වත් අපි ඇවිල්ලා තුන් වැනි ලෝකේ දුප්පත් රටක්. ඒ වගේ රටවල් වල යූධ හමුදාව ඇවිල්ලත් තුන් වැනි ලෝකේ යුධ හමුදාවක්. අපේ රටේ මිනිස්සුන්ට, දේශපාලඥයින්ට නැති විනය අපේ යූධ හමුදාවට තියෙන්න බැහැ නේද? මොකද හැම දේම සම්බන්දයි නිසා. (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 21 May 2013 04:59 PM

උතුර දකුණ නැගෙනහිර ඔක්කොම අපේ ශ්‍රී ලංකාවට අයිතියි. ඉතින් මොකටද ඕවා අයින් කරන්නේ. සිංහල දෙමල මුස්ලිම් සැමට මේ රට හමුදාව. එක රටක් විවිද ආගම් විවිද ජාතින් සමග.(නදී)

:       0       0

තිලින Tuesday, 21 May 2013 05:03 PM

ඔව් මුරුගන්. රට විකුණලා ඕස්ට්‍රේලියා යන්න හිතන් ඉන්න අයට මෙහෙම කලොත් මොකද වෙන්නේ , නේද? ඊළගට ජිනිවා වලදී මොනවා කියන්නද, නේද මුරුගන්? මේක ලංකාව. තමිල්නාඩුව නෙමෙයි. ඔයාලට හිතෙන විදියට ඔයාලගේ රට(තමිල්නාඩු) ගිහින් කරගන්න. (නි)

:       0       0

ඊසාම් Wednesday, 22 May 2013 11:55 AM

හමුදාව හිටියා කියලා ජනතාවට ප්‍රශ්නයක් වෙන්න නැහැ (නි)

:       0       0

කුමාර් Tuesday, 21 May 2013 05:33 PM

ඕක තමයි සරත් පොන්සේකා මහත්තයා හැදුවේ ලංකා හමුදාව තව 1,00,000 කින් වැඩිකරරන්න. අපේ හමුදාවත් එක්ක ඉන්දීය හමුදාවට ඔට්ටු වෙන්න බැහැ. (නි)

:       0       0

ධම්මික Tuesday, 21 May 2013 05:35 PM

දැන් එතුමාම නේද කිව්වේ දවස් දෙකකට කලින් කිසිම කඳවුරක් අයින් කරන්නේ නැහැ කියලා. මේ වගේ ප්‍රතිපල තව අවුරුදු 20 විතර තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 May 2013 07:41 AM

හමුදාවේ අය හා සුහදත්වයෙන් යුතුව වැඩකරන පරිසරයක් නිර්මානය කිරීම කළ යුතුයි (නි)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 07:56 AM

මතකනේ ජේ ආර් ජයවර්දන අගමැතිතුමා 77 දිනලා උතුරේ හමුදා කඳවුරු අඩු කරලා සිදු වුන හරිය. කොහොම කොහොම හරි උතුරු පළාතම දෙමල අයට දෙන්න වෙයි. දැනටත් එහෙම වෙලානේ. සිංහල අය ඉන්නවා නම් ඉන්නේ වැඩි හරියක් හමුදාවේ අයනේ. හැබැයි කවදා හරි සිංහලයට සිදුවේවි,ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා වැඩ කරන්න. (නි)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 07:57 AM

මුරුගන්, දෙමල අය සිංහල අපි අතරේ සාමයෙන් සිටිනවා. එය නොදකින්නේ ඇස් පොට්ටයින් (නි)

:       0       0

කලන Tuesday, 21 May 2013 07:33 PM

මම නම් කියන්නේ ඕනෑ නැහැ කියලයි. ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට ඉඩම් ටික බෙදලා දෙන්න. (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 03:35 PM

මොකටද අඩුකරන්නේ? කාට බයේද අඩුකරන්නේ? වෙලාවේ හැටියට අනවශ්‍ය කතාවක් නේ.(නදී)

:       0       0

මුරුගන් Tuesday, 21 May 2013 03:36 PM

මෙහෙමයි ආණ්ඩුවේ තර්කය ත්‍රස්තවාදේ හිස ඔසවයි කියන එක නිසා හමුදාව සම්පුර්යෙන් අයින් කරන්න ඕන නැහැ. හැබැයි දැන් තියන මිල්ටරි පාලනේ මහා වදයක්. මේවා කලින් කියනකොට ඇහුම් කන් දුන්න නම් අපට ජිනිවා යන්න වෙන්නේ නැහැනේ. නෑ නෑ අපි කීවට අහන්නේ නැහැ. සුද්දෝ කිවම අහනවා.(නදී)

:       0       0

චූලා Tuesday, 21 May 2013 03:36 PM

අන්තිමට අකුලා ගත්ත එහෙනම්. කලින්ම ඕක කළා නම් දෙමල ජනයාත් සතුටුයි. ජාත්‍යන්තර මැදිහත් විමුත් අඩුයි. වැඩෙත් සුද්දයි. නම්බුවත් ලැබෙනවා. දෙමල අය ජිනිවා යන තැනට පත් කරලා අර්බුද රැසක් මැද්දේ සුද්දෝ හරහා අයින් කරන්ට කිවම කරනවා. ඇයි දෙමළ අය කළුද?(නදී)

:       0       0

නීල් Tuesday, 21 May 2013 03:42 PM

ජනතාව රටේ ජීවත් වන්න ඕනේ ජාතිබේදයකින් තොරව දිවයිනේ ඕනෑම තැනක. හමුදාවට හැකිවිය යුතුයි රටේ සෑම බිම් අඟලකටම හා ජනතාවට ආරක්ෂාව සපයන්න. පොලිසිය හා අධිකරණය රටේ නීතිය හා සාමය රැකියයුතුයි එක හා සමානව. රජයත් බුද්ධිමත්ව රට පාලනය කරනවානම් ඇත්තටම රට පුරා හමුදා කඳවුරු අවශ්‍ය වන්නෙත් නැහැ.(නදී)

:       0       0

කමල් Tuesday, 21 May 2013 03:45 PM

අපිට රටට මතුවටත් ආරක්‍ෂාව ලැබෙන ක්‍රියා මාර්ග ශ්‍රී ලාංකික දෘෂ්ඨි කොණයක් අනුව ක්‍රියාත්මක වන්නේ නම් සතුටු වෙමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site