උතුරු හමුදා කඳවුරු 16, තුන දක්වා අඩු කර පලාලියේ හමුදා ජනපදයක් ඇති කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හමුදා අවන්හල විවෘත කරමින් අද ප්‍රකාශ කළේය.
හමුදා කඳවුරු පිහිටි ඉඩම් ආපසු අයිතිකරුවන්ට දෙන බව හමුදාපති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් කරන්න එපා. තාම එහේ එල්.ටී.ටී.ඊ. හොල්මන් තියෙනවා. (නි)
උතුරේ හමුදා කඳුරු තිබුනා කියලා බය වෙන්න දෙයක් නැහැ. මොකද අපේ හමුදාව කොටි වගේ කප්පම් ගන්නේ නැහැ. ළමයින්ව පැහැර ගන්නේ නැහැනේ.මේ ගත්ත තීරණය අනිවාර්යෙන්ම වෙනස් කරගන්න කියා අපි ඉල්ලා සිටිනවා. (නි)
කිසිම කඳවුරක් අයින් කළ යුතු නැහැ. එහෙම වුණොත් උතුර තමිල්නාඩුවේ වෙලා නැගෙනහිර පකිස්තානේ කොටසක් වෙයි (නි)
ලංකාවට හොදක් නම් එච්චරයි
මෙතන තියෙන්නේ හමුදාවට තියන අකමැත්තට වැඩිය මිල්ටරි පාලනයකට තියන අකමැත්ත කියලයි මට නම් හිතෙන්නේ.උදාහරණ ලෙස මගුල් ගෙදරකට, අවමංගල්‍යයකට, උත්සවේකට හමුදා අවසරේ ඕනෑ වීම සහ ඒ දේවල් කලයුත්තේ හමුදාව කියන විදියට වීම,උත්සවේ අතරේ හමුදාව ආයුධත් අරන් එහි රැදී සිටීම.... වගේ දේවල් (නි)
කොහොමත් උතුරේ වැසියන් පිළිගත් මට්ටමකට පැමිණෙන තුරු හමුදාව හා පොලිසියත් සීරුවන් සිටිය යුතු බවනම් කියන්න ඕන. අනවශ්‍ය කරදර ඒ අයට මෙන්ම අපිටත් එපා.(නදී)
අනේ හොඳයි. දැන්වත් එහෙ ඉන්න අහිංසක දෙමල ජනතාවට බය නැතිව ඉන්ඩ පුළුවන්. මොකද කවුරු මොනව කිව්වත් අපි ඇවිල්ලා තුන් වැනි ලෝකේ දුප්පත් රටක්. ඒ වගේ රටවල් වල යූධ හමුදාව ඇවිල්ලත් තුන් වැනි ලෝකේ යුධ හමුදාවක්. අපේ රටේ මිනිස්සුන්ට, දේශපාලඥයින්ට නැති විනය අපේ යූධ හමුදාවට තියෙන්න බැහැ නේද? මොකද හැම දේම සම්බන්දයි නිසා. (නි)
උතුර දකුණ නැගෙනහිර ඔක්කොම අපේ ශ්‍රී ලංකාවට අයිතියි. ඉතින් මොකටද ඕවා අයින් කරන්නේ. සිංහල දෙමල මුස්ලිම් සැමට මේ රට හමුදාව. එක රටක් විවිද ආගම් විවිද ජාතින් සමග.(නදී)
ඔව් මුරුගන්. රට විකුණලා ඕස්ට්‍රේලියා යන්න හිතන් ඉන්න අයට මෙහෙම කලොත් මොකද වෙන්නේ , නේද? ඊළගට ජිනිවා වලදී මොනවා කියන්නද, නේද මුරුගන්? මේක ලංකාව. තමිල්නාඩුව නෙමෙයි. ඔයාලට හිතෙන විදියට ඔයාලගේ රට(තමිල්නාඩු) ගිහින් කරගන්න. (නි)
හමුදාව හිටියා කියලා ජනතාවට ප්‍රශ්නයක් වෙන්න නැහැ (නි)
ඕක තමයි සරත් පොන්සේකා මහත්තයා හැදුවේ ලංකා හමුදාව තව 1,00,000 කින් වැඩිකරරන්න. අපේ හමුදාවත් එක්ක ඉන්දීය හමුදාවට ඔට්ටු වෙන්න බැහැ. (නි)
දැන් එතුමාම නේද කිව්වේ දවස් දෙකකට කලින් කිසිම කඳවුරක් අයින් කරන්නේ නැහැ කියලා. මේ වගේ ප්‍රතිපල තව අවුරුදු 20 විතර තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. (නි)
හමුදාවේ අය හා සුහදත්වයෙන් යුතුව වැඩකරන පරිසරයක් නිර්මානය කිරීම කළ යුතුයි (නි)
මතකනේ ජේ ආර් ජයවර්දන අගමැතිතුමා 77 දිනලා උතුරේ හමුදා කඳවුරු අඩු කරලා සිදු වුන හරිය. කොහොම කොහොම හරි උතුරු පළාතම දෙමල අයට දෙන්න වෙයි. දැනටත් එහෙම වෙලානේ. සිංහල අය ඉන්නවා නම් ඉන්නේ වැඩි හරියක් හමුදාවේ අයනේ. හැබැයි කවදා හරි සිංහලයට සිදුවේවි,ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා වැඩ කරන්න. (නි)
මුරුගන්, දෙමල අය සිංහල අපි අතරේ සාමයෙන් සිටිනවා. එය නොදකින්නේ ඇස් පොට්ටයින් (නි)
මම නම් කියන්නේ ඕනෑ නැහැ කියලයි. ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට ඉඩම් ටික බෙදලා දෙන්න. (නි)
මොකටද අඩුකරන්නේ? කාට බයේද අඩුකරන්නේ? වෙලාවේ හැටියට අනවශ්‍ය කතාවක් නේ.(නදී)
මෙහෙමයි ආණ්ඩුවේ තර්කය ත්‍රස්තවාදේ හිස ඔසවයි කියන එක නිසා හමුදාව සම්පුර්යෙන් අයින් කරන්න ඕන නැහැ. හැබැයි දැන් තියන මිල්ටරි පාලනේ මහා වදයක්. මේවා කලින් කියනකොට ඇහුම් කන් දුන්න නම් අපට ජිනිවා යන්න වෙන්නේ නැහැනේ. නෑ නෑ අපි කීවට අහන්නේ නැහැ. සුද්දෝ කිවම අහනවා.(නදී)
අන්තිමට අකුලා ගත්ත එහෙනම්. කලින්ම ඕක කළා නම් දෙමල ජනයාත් සතුටුයි. ජාත්‍යන්තර මැදිහත් විමුත් අඩුයි. වැඩෙත් සුද්දයි. නම්බුවත් ලැබෙනවා. දෙමල අය ජිනිවා යන තැනට පත් කරලා අර්බුද රැසක් මැද්දේ සුද්දෝ හරහා අයින් කරන්ට කිවම කරනවා. ඇයි දෙමළ අය කළුද?(නදී)
ජනතාව රටේ ජීවත් වන්න ඕනේ ජාතිබේදයකින් තොරව දිවයිනේ ඕනෑම තැනක. හමුදාවට හැකිවිය යුතුයි රටේ සෑම බිම් අඟලකටම හා ජනතාවට ආරක්ෂාව සපයන්න. පොලිසිය හා අධිකරණය රටේ නීතිය හා සාමය රැකියයුතුයි එක හා සමානව. රජයත් බුද්ධිමත්ව රට පාලනය කරනවානම් ඇත්තටම රට පුරා හමුදා කඳවුරු අවශ්‍ය වන්නෙත් නැහැ.(නදී)
අපිට රටට මතුවටත් ආරක්‍ෂාව ලැබෙන ක්‍රියා මාර්ග ශ්‍රී ලාංකික දෘෂ්ඨි කොණයක් අනුව ක්‍රියාත්මක වන්නේ නම් සතුටු වෙමු.(නදී)