ගංවතුරෙන් දෙවැනි වැඩිම බලපෑමක් එල්ල වී ඇති කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැපයීමට යුද හමුදා සෙබළු 1000 කට ආසන්න පිරිසක් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතාගේ උපදෙස් මත යොදවනු ලැබ සිටිති.
කරච්චි, වඩ්ඩකච්චි, ධර්මපුරම්, පරන්තන්, අක්කරායන්කුලම් ,පුනරීන්, මුක්කම්පන් හා ඉරණමඩු ප්‍රදේශ හෙලිකොප්ටර් මගින් නිරීක්ෂණ කොට එම ප්‍රෙද්ශ වල ජනතාවට සහන සැලසීමටද කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත.
උතුරේ පවුල් 38,018 ක 1,07,262ක් පීඩාවට පත්ව සිටින බවත්, ඉන් වැඩිම පිරිසක් යාපනය දිස්ත‍්‍රික්කයේ වන අතර එහි 76,637ක් පමණ දෙනා පීඩාවට පත්වී සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරෝධාර සෙබළුන් ව්‍යසානයකදී උතුර දකුණ භේදයකින් තොරව ලක් ජනයා රැකගන්න අයුරු මින් ඉතා හොදින් පෙනේ (ස)
උතුරෙන් හමුදාව ඉවත්කරන්න කියපු අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
අපේ සෙබළු මොනතරම් මානුෂිකද? (නි)
අපේ රණවිරුවන්ගේ අඩුපාඩු දැකපු අපේ මහත්වරු මේවට මොකද කියන්නේ දන්නේ නැහැ. (නි)
ලාංකික ජනයනි, බලනු මැන තම ජිවිත නොතකා යුද්ධයේදි ගලක් මෙන් තිබු හදවත් තව අයෙකුගේ අසරණ භාවයේදී ජාතිය ,ආගම් බේද නොතකා ජීවිත බේරාගැනීමට සටන් වදින සැටි. ජීවිතය ඇතිතුරා අපි මොවුන් හට ණයගැති නොවේදෝ? (නි)