යුද්ධයෙන් පසු උතුරු හා නැගෙනහිර ගවේෂණයකින් පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක 400 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මින් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ උතුරෙනි. උතුරෙන් ස්ථාන 295 ක් හා නැගෙනහිරින් ස්ථාන 105 ක් පමණ සොයාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා කියා සිටියේය.
යුද්ධයට පෙර උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන 59 ක් තිබූ බව දෙපාර්තමේන්තු පාලන වාර්තා දක්වයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අ`ගලේ සිතියමේ දැක්වෙන්නේ උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන 21 ක් පමණි.
ආචාර්ය දිසානායක මහතා මෙසේ කියයි.
‘ යුද්ධය අවසන් වූ වහාම ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කි්‍රයාත්මක කරන නිසා පුරාවිද්‍යාත්මක ස්ථාන මායිම් හඳුනාගැනීමට සිදුවුණා. ඒ වගේම 1972 න් පසු උතුරේ ඓතිහාසික ස්ථාන පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදුකැර තිබුණේම නැහැ.‘
ආචාර්ය දිසානායක පවසන්නේ උතුරේ යුද්ධය අවසන් වූ පසු එම මාර්ග සංවර්ධන අධිකාරියට පසුව උතුරට ගිය පළමු රාජ්‍ය නිලධාරී කණ්ඩායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කණ්ඩායම බවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කියයි.
අපි කලින් හඳුනාගෙන තිබූ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා නිසි නඩත්තුවක් නොමැති කමින් විනාශ වෙමින් තිබුණා. අවසන් වරට කැණීමක් කර තිබුණේ 1984 වර්ෂයේ මාතොට වරායේ. ඇතැම් ඒවා යුද්ධය නිසා විනාශ වෙලා. වසර තිහකට පෙර නටඹුන් මත තිබූ පුංචි පැල දැන් රූස්ස ගස් වෙලා. මේ සියල්ල සංරක්ෂණය කළ යුතුයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යාපනයේ කොටුව, සංගානි පල්ලිය සහ පැරණි කච්චේරි ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කැර තිබේ.
උතුරේ සහ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ගවේෂණය කිරීමේ කාර්යයට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේත් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කාන්ති විජේතුංග මහත්මියගේත් නොමද සහයෝගය ලැබුණු බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසයි.
මේ ගවේෂණ කාර්යයේදී දුක් ගැහැට විඳිම්න් බිම්බෝම්බ ඇතිරූ මහ කැලයේ කටු කොහොල් මැදින් අති දුෂ්කර වූ සේවයක යෙදුණු පිරිසක් සිටිති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර නිලධාරීන් වන කල්ප අසංග මහතා, වාසනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පුරාවිද්‍යා ගවේෂණ සහකාරවරුන් වන අයි.පී.එස්.නිශාන්ත මහතා, ඩී.ඩබ්ලිව්. නිමල් පද්මසිරි මහතා, ඡායාරූප ශිල්පීන්් වන අර්ජුන සමරවීර මහතා, පාලිත හේරත් මහතා සහ සෙල්ලිපි පිටපත් කිරීමේ කටයුතුවල නිරත ඩබ්ලිව්. ජයතිලක මහතා ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් සිදු කළහ.
මෙම ගවේෂණයේ යෙදුණු කල්ප අසංග මහතා මෙසේ කීවේය. අපි දිගටම ගවේෂණ කටයුතු කරගෙන යනවා. තවමත් ඉතාමත්ම සුළු ප්‍රදේශයක පමණයි ගවේෂණය කළේ. වව්නියාවේ සියයට 80 ක ප්‍රදේශයක් ගවේෂණය කිරීමට ඉතිරිව තිඛෙනවා. මුලතිව් සියයට 30 ක්, යාපනයේ සියයට 30 ක්, ක්ලිනොච්චිය සියයට 60 ක් හා මන්නාරමේ සියයට 20 ක් තවදුරටත් ගවේෂණය කිරීමට ඉතිරිව තිඛෙවා. මේ නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල සොයා නොගත් පුරාවිද්‍යාත්මක ස්ථාන අතිවිශාල ප්‍රමාණයක් තවමත් සැ`ගවී තිඛෙන බව ස්ථීරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම සැමටම අයිතියි.හැමෝම බුදුදහම අනුව ජිවත් වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.නමුත් ආගම්වාදීව සිතා බොදු දහමට පහර ගහනවා නම් එසේ පහර ගසන අයට පිරිත් නුල් බැඳීමට හෝ මෛත්‍රී කිරීමට බැහැ. ආගමික අන්තවාදය ගැන මම හොඳට දන්නවා.මොකද පිළිබද අත්දැකීමක් තියෙන නිසා. (ස)
මේ මිනිස්සු වගේ ජාතියක්, මේකෙනුත් බලන්නේ ජාතිවාදය අවුස්ස ගන්න. මේ සිංහල බෞද්ධයට කියන්නෙ බුදුන්ගේ ධර්මය විනාශ කරන්න එපා, බොරු ජාත්‍යාලය දාලා. බුදුන්ගේ ධර්මයට සිංහලද දමිළද කියල නෑ.සියල්ලෝම එකම සත්වයො.ඒ නිසා මුලින් ඉපදුනේ කවුද කියල හොයන්න යන්න එපා. මොකද කට්ටිය දන්නෙ අතීතය ගැන බොහොම ළඟ විතරයි. ඒ නිසා බොරු වැඩ කරන්න එපා. (ස)
දැන් මේගොල්ලෝ මොකාටද එන්ඩ හදන්නේ.(ස)
සිංහල බෞද්ධ රටේ වෙළදාමේ ආපු අයට කොහෙත්ම මේ සිංහල රටේ ඉතිහාසයක් ලියවිලා නැහැ. කොහේ පරීක්ෂණ කරත් ලැබෙන්නේ රජවරු කරපු බෞද්ධ ස්ථාන වල නටබුන් පමණි. ඒක නිසා අනෙක් කට්ටිය මොන අදහස් පළ කලත් ඉතිහාසය බොරුවෙන් ලියන්න නොහැකිය. (ස)
තර්සන් සිංහල බෞද්ධ රටේ බෞද්ධ නටඹුන් ඇරෙන්න වෙන නටඹුන් තියෙයිද?(නදී)
ඕක හොයන්න ගිහින් තව නැති කුණුගොඩක් අගේ දාගන්නයි හදන්නේ මේ චන්දෙ දවස්වල පිල්ලේ නෝනා ඇවිල්ල යනකන් ඉන්නකෝ ඉතිහාසය හාරන්න (දී)
මේක සම්බුද්ධ ශාසනයට තෙවරක් පුජා කළ රටක් කියන එක අමතක කරන්න එපා. සියලු දෙනාට තෙරුවන් සරණයි. කව්රුත් කලබල වෙන්න එපා (නි)
අනේ මේ තරම් අපේ ජාතියට ආදරේ කරන අය පහුගිය දවස් වල කොහෙද හිටියේ? (නි)
අනේ හොයාගත්තට නම් කමක් නැහැ. හැබැයි කාටවත් නිධන් හාරන්න නම් දෙන්න එපා. (ස)
පුරාවිද්‍යා ස්ථාන යනු බෞද්ධ නටබුන් පමණක් නොවන නමුත්, උසස් විද්‍යාත්මක කාර්යයකට උරදුන් සැමගේ කැපවීම අගය කල යුතුයි. (ස)
මුස්ලිම් අය කොහොමත් මෙහෙට ආවේ වෙළදාම් කරන්න විතරනේ, (නි)
දැන් ඔය ගොල්ලො ඔප්පු කරන්න හදන්නෙ උතුරේ දෙමළ ජනතාව හිටියෙ නෑ, සිංහල බෞද්ධ ගොවිගම මිනිස්සු තමයි හිටියෙ. ඒ අය එහෙන් එළවා දැම්ම කියලනේ. බුදු සරණයි ඔයාලට! (ස)
උතුරේ තමයි අපේ ඉතිහාසය තියෙන්නේ එක හාරලා පෙන්නන හැමතැනම අපේ සිංහල ඉතිහාසය තියනවා කියලා (ස)
පුදුමේ කියන්නේ මේ ගොල්ලන්ට හම්බවෙන්නෙම බෞද්ධ නටඹුන් විතරක්ම වීමනේ. (ස)
පෙරුමාල්, ඒකනේ ඉතින් ඉතිහාසය පුරාවට කලේ. සිංහල ඉතිහාස පොත් වලින්, උතුරේ දෙමළ නායකයන් ඉවත් කිරීමේ සහ සිංහල නායකයින් හිටියා කියල කියන්න පොටක් සොයනවා ඇති .. උතුරේ දෙමළ ජනයාට පැරණි ඉතිහාසයක් , ලස්සනය ගෞරවනීය සංස්කෘතියක් තියෙනවා. (ස)
තර්සාන් ඔබ ඉස්ලාම් ලබ්ධිකයෙක් බව පැහැදිලියි. මේක සිංහල බෞද්ධයන්ගේ රට. අපේ අතීත මිනිසුන්ගේ හොඳකම නිසා මුස්ලිම් හා දෙමළ අයට මේ රටේ ඉන්න ලැබුණා. මතක තියාගන්න. ක්‍රිස්තු වර්ෂ 1300 ට පෙර කිසිම මුස්ලිම් සාධකයක් මේ රටේ නෑ. ක්‍රිස්තු වර්ෂ 1250 ට පෙර කිසිම හින්දු සාධකයක් මේ මහ පොළොව මත නෑ. (ස)
බුද්ධාගම කිසිම ජාතියකට, වර්ණයකට, කුලයකට, භාෂාවකට හෝ අයිති නැහැ. බුද්ධාගම ලෝකයේ උසස්ම ධර්මයයි. එයට අපහාස කරන්න එපා. (නි)
පල්ලිය කියල එකකුත් හොයාගෙන තියෙනවා නේද තර්සාන්? පෙරුමාල් කලබල නොවී ඉන්නකෝ, එයාලා කෝවිලුත් හොයාගන්නකල්. (ස)
සිංහල බෞද්ධ රටක බෞද්ධ නටබුන් නැතිව වෙන මොනවද තිබිය යුත්තේ?අනිකුත් හැම දෙයක්ම පසුව ආපු ඒවා.පිටරැටියෝ කලේ අපේ උරුමය විනාශ කර ඔවුන්ගෙ කුණු කන්දල් ගොඩ නගපු එක.නිදහසින් පසු පිරිසිදු සිංහල බෞද්ධයෙක් රට කරනකොට ඒ විනාශ කරපු ඉතිහාසය මතු කර ගන්නේ නැතිව කළු සුද්දන්ට ඕනේ දේම කරන්නද කියන්නේ?එජාපෙ ඉන්න සිංහල බෞද්ධ මන්ත්‍රීලා එලව එලවා එහි බලය වෙන කණ්ඩායමකට ගන්න යන්නේ මොකටද කියල අපි දන්නවා. (ස)
වැඩිදුර විස්තර සඳහා පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගේ " සිංහල බෞද්ධ උරුමය" පොත බලන්න. ප්‍රභාකරන් ලකුණු කළ සීමාවෙ 98%ක් ම ඇත්තේ සිංහල බෞද්ධ උරුමයයි. (ස)
බෞද්ධ රටේ බෞද්ධ නටබුන් පමණි. ඇයි අවුල්ද? (නදී)
මේ අදහස් දුටුවිට හිතෙන්නේ අනුන්ගේ ආගම් වලින් ලංකාවෙ මිනිසුන්ගෙ ඔළු මඥ්ඥං වී ඇති බවයි. පුරාවිද්‍යා ගවේශනයක් යනු පැරනි ජනතාවගේ ජීවන තොරතුරු ඉස්මතුවන සාධක සොයා බැලීමයි. ආගම යනු මානව ජීවිතයේ ඉතා සුලු අංගයක් පමනි.
රටේ උරුමය සිංහල බෞද්ධයන්ටමද? (ස)
විශ්වනාත්, දන්නා දෙයක් කතා කරන්න (නි)
ඉතාම වටිනා සොයාගැනීම් රැසක්.ජාතියේ ප්‍රණාමය එම උත්සාහවන්ත ගවේෂකයන්ට හිමිවිය යුතුයි. එමෙන්ම අපගේ රාජ පාලනය ඉතිහාසයේ රටේ උතුරු කොනෙත් තිබුණු බවට හොඳම සාක්ෂියක් වූ වල්ලිපුරම් රන් සන්නස නැවතත් සොයා ගන්න උත්සාහ කරමු. (නි)
රටේ උරුමය හැමෝටමයි.නමුත් අතීත සිංහලයාගේ හැකියාවන් යටපත් කරමින් අසිංහලයා සිංහල අයිතිය උදුරගන්න හදනකොට,අතීත සිංහල බෞද්ද අයිතිය නසන්න හදනකොට රිදෙන්නේ නියම සිංහල බෞද්ධයන්ට.නැගිටින්නෙත් ඒගොල්ලොම තමයි. (නි)
පිල්ලේට සහ මෙහෙ සිටින ඊළාම්වාදීන්ට මේවා පෙන්විය යුතුයි (නි)
උතුරේ සිංහල බෞද්ධ අයිතිය ගැන කතාකරන සැමට මගෙන් ස්තූතිය (නි)
හොද කාර්යයක්. ඉදිරියට කරගෙන යන්න (නි)
මේ සියලු දෙයින් ඉතිහාසයට වඩා ජාතියක් ඉස්‌මතු කලේ නම් ප්‍රතිපලයක් නැත.(නදී)
ඔය මහත්වරුන්ට ස්තුතියි, නැගෙනහිර බොදු උරුමයද මෙලෙස සොයා ආරක්ෂා කරන්න (නි)
මේ ජාතික උරුමයන් මේ රටේ පුරවැසියන්ගේ අභිමානයයි.එය ආරක්‍ෂා කරගැනීම අපි කාගේත් යුතුකමකි.වළගම්බා රජතුමා ගල්ලෙන් වල කදවුරු බැද සිටි කාලයේ ගල්කටාරම් කොටා වැසිජලය ලෙන් තුලට නොඑන ලෙස සකස්කර වෙහෙර විහාර කර තිබෙනවා. ඉන් රන්ගිරි දඹුල්ල,වාරණ,කූරගල ආදි වශයෙන් බොහෝ තැන් දක්නට තිබේ. මේ පින්බිම සුරැකීම අපේ යුතුකමයි.එසැන පුවත් වලට සහ සියලුම පුරාවිද්‍යා නිලධාරින්ට සැමට තුති. (නි)
මේ අපගේ ඉතිහාසයේ අභිමානයයි (නි)