යාපනය පලාලි අධි ආරක්ෂිත කලාපයේ නිදහස් කැරුණු ඉඩම් අක්කර 701ක නැවත පදිංචි කිරිමේ කටයුතු තෛපොංගල් දිනයේදී සිදු කිරීමට නියමිත බව උතුරේ දේශපාල ආරංචි කියයි.
මෙම ඉඩම් වල පදිංචි කරුවෝ යුද සමයේ ආරක්ෂිත ස්ථාන කරා ගියහ.
ඉන්පසු ඉඩම් යුද හමුදාව යටතේ තිබුණි.
පලාලි අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 1734ක් අදියර දෙකක් යටතේ නිදහස් කැරුණු අතර එම ආරක්ෂිත කලාපයේ ඉතිරිව ඇති ඉඩම් අක්කර 5066 අදියරෙන් අදියර ඉදිරියේදී නිදහස් කිරීමට සැලසුම් කර ඇතැයිද සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉඩම් යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල් වලටත් ලියාදෙන්න සළකා බලනවා නම් හොඳයි (නි)
මේ නැවත පදිංචිවන ජනතාවනට යටිතල පහසුකම්ද (ජල,විදුලි,මාර්ග,සන්නිවේදන) ලබාදෙනවා නේද? මෙතෙක් එම ඉඩම් රැකදුන්නාට ශ්‍රී ලංකා යුධ හමුදාවට අපේ ආචාරය...! (නි)
මේවා බේරාගත්තේ කවුද කියලා අද කාටත් අමතකවෙලා. එය කණගාටුවට කරුණක්. මුදල්, බලතල ඉදිරියේ අප අසරණවෙලා. මේ ගැන සිතනවාට වඩා වෙන කරන්න දෙයක් නැහැ. (නි)
හොඳයි හොඳයි ඔහොම යමු (නි)
උතුරේ අවතැන්වූ සිංහලයන් ගැන පියවරක් ගන්නේ නැද්ද ? (කෞ)