උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි විසින් කැරුණු පත් කිරීම් අවලංගු කිරීමට උතුරු පළාත් සභාව අද යෝජනාවක් සම්මත කළේය.
ආණ්ඩුකාරවරයා විසින් කැරුණු පත්වීම්වල නිලධරයන් එම තනතුරුවලට සුදුසු නැතැයි එම යෝජනාවේ දැක්වේ.
දෙමළ ජාතික සංධානය උතුරු පළාත් සභාව පාලනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සෙතක් වන දෙයක් හැර අන් කිසිවක් එපා (දී)
පළාත් සභාව එදා ජේ ආර් ගෙනාවේ යුද්ධයට විසඳුමකට. යුද්ධය ඉවර උනාම කරන්න තිබුන පළවෙනිම දෙය තමයි පළාත් සභාව සහ ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කරන එක. අනෙක් පළාත්වල දේශපාලන හයිය තියාගන්න ආණ්ඩුව ඒක කලේ නෑ. මේ පුංචි රටට ප්‍රාන්ත අවශ්‍ය නෑ. යහපත් සාධාරණ පාලන ක්‍රමයක්, විශ්වාසවන්ත අධිකරණයක්, ස්වාදීන පොලිසියක්, හැමට සමානව සලකන ගරුකරන සමාජ වටපිටාවක් විතරයි ඕනෑ. සිංගප්පුරුව දිහා බලන්න. (නදී)
පතිරණ ඔබ හරි, පළාත් සභා අහෝසි කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.(දී)
හේමන්ත මහත්මයාගේ අදහස ඉතාම වැදගත් කළ යුත්තේ එයයි. ඒත් රටේ ඉහළ පුටු රැක ගන්න ඒවා කරලා බැරි නිසා රටට මොනවා උනත් ඔය වගේ දේවල් නම් කරන්න හිතන එකකුත් නැහැ.(දිල්)
නිහාල් නොදන්න මගුලට කට දාල වරිගේ නසන්න එපා.(නදී)
ඕක තමයි කියන්නේ යුද්දේ දිනුවට යුද්දේ ඇතිකළ ප්‍රශ්නේ විසඳිලා නැහැ කියලා.(නදී)
පළාත් පරිපාලනයට අදාල බලතල ව්‍යවස්ථාවෙන් හිමිවෙන්නේ පළාත් සභාවට මිසක් ආන්ඩුකාරයට නෙමේ කියන මතයට මම එකඟ වෙනවා. ආන්ඩුකාරයට තියන්නේ ඒවා ව්‍යවස්තාවට එකඟද විරුද්දද කියල බලල තමන්ගේ අනුමැතිය දෙන එකනේ. පත්වීම් දීමේ අයිතිය ආන්ඩුකාරයට හිමිවෙන්නේ පළාත් සභාව විසුරුවා හැරියමනේ. බල්ලාගේ වැඩේ බුරුව කරන්න ගියහම මේ දේවල් වෙනවා. බලතල හිමි අයට ඒක කරන්න ඉඩ දෙමු. වැරදි සිදු උනොත් ඒවා හදන විදියත් තියනවනේ. මුනත් එක්කල තරහට නහය කපන වැඩ කරන්න කතාකරන එපා. ලෝකේ සහ අපේ රටත් වෙනස් වෙන නිසා රට නොබෙදා වෙනස සමග ඉදිරියට යමු. (නදී)
පළාත් සභා රටට විනයක් බව ජ වී පෙ එදා කිව්වා. නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ පළාත් සභා දැක්කේ තමන් ගේ දරු මුනුපුරාලට පරලිමෙන්තුවට එන්න හදපු රජ මාවතක් විදියට. උන් තමන්ගේ පවුල් වල පැවැත්ම සඳහා රටම විනාශයට ඇදල දැම්මා.(නදී)
ඒකමතිකව සම්මත වෙලා නම් සතුටු විය හෑකියි. දැන් දැන් දෙමල ජනතාවටත් තමන්ට අවෑසි ලෙස ජීවත්වීමේ හෑකියාව ලෑබිල තියනවා.(නදී)
සමහරු මේ රටට සෙතක් වෙන දෙයක් හැර කිසිවක් එපා කියන්නේ කුඩු හැර වෙන කිසිවක් එපා කියන එකද? (නදී)
ඇයි වෙන ආණ්ඩුකාරයෙක් පත් කරන්නේ නැත්තේ? එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ. (නදී)
ආණ්ඩුකාරවරයා විසින් පත්කරන නිලධාරීන් නිසා ඇතැම් අයගේ වැඩ වලට බාධාවක් ඇති (දිල්)
ඔය පනින්නේ කොටිය මල්ලෙන් එලියට.හෙට අනිද්දා ජයලලිතා ඇවිත් උතුරේ ඡන්දේ ඉල්ලාවී.මේවා දැන්ම නවත්වන්න (දිල්)
එතකොට උතුරේ පළාත් සබාවල ඉන්න හැමෝම ඉන්නේ සුදුසු තනතුරුවලද ? අනේ මගේ කට ! (දී)
ඇත්ත කතාව මට නම් ඕවා තේරෙන්නේ නැහැ ,, කොහොම උනත් දැන උගත් පිරිසක්නේ ඉන්නේ මට වඩා , රටට හොද දෙයක් කරන්න (දී)
පලාත්සභා පටන් ගනිත්දී විරුද්ද වුනු අයම එය පවත්වා ගෙන යනවා ඉදිරියේදී තව තවත් ගැටළු ඇතිවේවි දැන්වත් පලාත්සභා අහෝසිකර පක්ෂ ක්‍රමයක් නොමැති පාලන ක්‍රමයක් ඇතිකරමු (දී)
දැනට මේ සිදුවන සියල්ලෙන්ම පැහැදිලිවෙනවා විශේෂයෙන් මේ පළාත් සභාව රටේ අනෙකුත් පලත් සභාවලට වැඩිය වෙනස් ආකාරකින් කටයුතු කරන බව. මේ අයට අවශ්‍ය වෙන්නේ රට දෙකඩ කර නැවතත් අස්ථාවර කරන්නයි.(නදී)
නියපොත්තෙන් කඩන්න තිබුන දේවල් නේද මේ?දැන් ඉතින් පොරොවෙන් කපන්නත් පුලුවන්ද මන්දා? (ත)
පළාත් සභා අහෝසි කරන එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.(ත)
දැන් වත් තේරුම් ගන්න බැරිද දෙමල ජාතිවාදය. බල ලෝභී දේශපාලනය අමතක කර සිංහලයාගේ අනාගතය රැක ගැනීමට උත්සාහ කලොත් නරකද. බල ලෝබී සිංහල දේශපාලකයන්ට බලයට පැමිණීමටත් මේ රටේ සිංහලයන් ඉතිරි විය යුතුය.(නදී)
එක්සත් ජාතික පක්ෂය ඕවා දන්නා නිසා වෙන්න ඕනේ එදා අර විදියට ඡන්දෙ පැවැත්තුවේ. නැතුව නිකම්ම නිකම් නොවෙයි කියල දැන් නම් මටත් හිතෙනවා.(නදී)
මේවා ඉදිරියේදී ලොකු ප්‍රශ්න.ඒ නිසා දැන්මම විසදාගන්න ඕනි.(නදී)
විග්නේෂ්වරන් ගෙනයන්නේ ඊලාම් රජයක්ද ? ඇයි මහා ආණ්ඩුව ඇස්පියාගන ඉන්නේ ? පහුවෙනවිට පොරවෙන් කපා අස්කරන්නත් බැරිවෙයි. පින්තුරයේ ඉන්න කෙනා පමණක් විස්වාස කරන්න. ජිවත් වෙන අය විතරක් නොවෙයි මැරුණු අයත් අවතරා වගේ එන හැඩයි. .(නදී)
අපේ දුර්වල ක්‍රියා කලාපය නිසා ප්‍රභාට බැරි වුන දේ විග්නේෂ්වරම් ලේසියෙන්ම කරන්න හදනවා.(නදී)