උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් දිනාගැනීම සදහා වතුකරයේ ජනතාවගේ සහාය නොමදව හිමිවන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධාක‍්‍රිෂ්ණන් මහතා පැවසීය
එමෙන්ම යුද්ධයෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් වනු ඇති බවද ඒ මහතා සදහන් කළේය
කොකුවිල් හින්දු විදුහලේ 09 වනදා පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පලකර තිබුණු අතර එහිදී ඒ මහතා මෙසේද කීවේය.
“දින දහයක් පුරා වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන්න කියලා දැවැන්ත විරෝධතාවක නිරත වෙනවා.වතුකම්කරුවන්ගේ එම විරෝධතාවයට සහාය පලකර උතුරෙත් විරෝධතා සිදුවුණා.උතුරෙන් හඬක් නැගුණා.ඒ ගැන මා සතුටු වෙනවා.අප උතුරු නැගෙනහිර පළාත්වලින් පාර්ලිමේන්තුවට පත්වූ මන්තී‍්‍රවරුන් සමගින් එකතු වෙලා අප සැමගේම ඉල්ලීම් සදහා බලකර යුතුයි.
පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමක් අවශ්‍යයි කියල උතුරේ දෙමළ ජනතාව අරගල කර සිටින මොහොතක මෙම ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු ඉටුවන ආකාරයේ දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර පළාත්වලට ලබාදිය යුතුයි.ඒ වෙනුවෙන් වතුකරයේ ජනතාවගේ පූර්ණ සහාය හිමිවෙනවා.අපි වතුකරයේ සිටියත් උතුරු නැගෙනහිර වතුකරය කියලා වෙනස් විදිහට සලකන්නෙ නැහැ.සෑම පළාතකටම සමාන සැලකිල්ලක්මයි දක්වන්නේ.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සිංහල මෝඩයන්ට තාම තේරෙන්නේ නැහැ මොනවද වෙන්නේ කියල .2020 වන විට රටක් ඉතුරු වේවිද සිංහලයන්ට (බ)
ඊලාම් ලැබුනත් මෙයාලා කවදාවත් සෑහීමකට පත් වෙන්නේ නෑ. (ර)
මහින්දගේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ (නි)
මේවා ආපස්සට හරවන්නත් බෑ. (හේ)
මේ වගේ වැඩ කරන්න එපා.(හේ)
ඊලම් ලබුනයින් පස්සේ පටන් ගන්නේ මායිම් යුද්ධ. (හේ)
නිදහස වැඩි උනාමත් ඒක වල් බූරු නිදහසක් වෙනවා නේ....(හේ)
මේකට තමයි කියන්නේ කොහේදෝ යන නයි කොහෙද මන්දා දාගෙන කනවා කනවා කියනවා කියලා. (නි)
සිංහලයන්ට දුවන්න තමයි වෙන්නේ. ඉල්ලන් කන්න එපා (නි)
බලපෙරේත, බඩගෝස්තරවාදී දේශපාලකයනට ගැතිකම් කරන මිනිසුනි, දැන්වත් මේ ජාතිවාදය කුමක්ද කියන එක වටහා ගනිව්! මේ යහපාලනය පමණක් නොව හිටපු නායකයාද, 1977 පසු බිහිවූ සියලු නායකයන්ද මේවාට වගකිව යුතුය (නි)
කවුරු කොහොම කිවුවත් ඒ මිනිස්සු හරි එකමුතුයි (නි)
සිංහල ජනතාවගේ ඉල්ලීම් දිනාගන්න දේශපාලකයෙක් අපිට නැතිවුණානේ අම්මපා. (නි)
අපෙන් ඡන්ද අරන් රට නැති කරනවා. සිංහලයන්ට නිකන් ලැබුන රටනේ, කිසි අගයක් නැහැ (නි)
හාහ් හා!! ඔය එන්නේ යහපාලන සංහිදියා රැගුමේ උච්චතම අවස්ථාව! (බ)
යහපාලන භූමිකාවේ 'කඩාවැටීමෙ' ජවනිකාවේ කොටස (හේ)
මේ වගේ ප්‍රකාශ නිසා රට තුළ විවිද ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.(හේ)