ජනතා ඉල්ලීම්වලට උණ්ඩයෙන් පිළිතුරු දෙන ඒකාධිපති රාජපක්ෂ රෙජිමටය ඡන්දයෙන් පිළිතුරු දෙමින් සිය විරෝධය පළ කිරීම සඳහා පළාත් සභා මැතිවරණයේදී එක්සත්ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි මධ්‍යම සහ වයඹ ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත්ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.
නිරායුද ජනයා වෙඩි තබා ඝාතනය කිරීම වහාම නතර කරමින් නීතීයේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස ඒකාධිපති රෙජිමයට අනතුරු ඇඟවීමේ පණිවුඩය ලබා දීමේ කාලය එලඔ ඇති බව වික්‍රමසිංහ මහතා කීවේය.
නැවත වතාවක් ගම්වලට වැදී තරුණ තරුණියන් ඇතුළු අහිංසක සහ අසරණ ජනයාට වෙඩ් තබා ඝාතනය කිරීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේම වගකීම හා කාර්ය භාරය වන්නේයැයි ද හේ අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසිකා ගේ අදහස් ගැන අපිට පුදුමයි. 60000 ක් මැරුනේ ත්‍රස්තවාදය නිසයි. එහෙනම් උතුරේ යුද්දේ ඉවර කිරීමට මොන තරම් මරන්න සිදු වුනාද. ත්‍රස්තවදයේදී සිංහල උනත් දෙමල උනත් ඒ සේරම මිනිස් ජිවිත. රතුපස්වල මැරුනේ ත්‍රස්තවාදීන් නොවෙයි. මේ වෙනස හරිහැටි තේරුම් ගැනීමට උත්සහ කරන්න. ජාතිවාදී ස්වරුපයෙන් මේ දෙස බලන්නේ නැතිව.(නදී)
උණ්ඩයෙන් පිළිතුරු දුන් මෙවැනි අවස්ථා රාශියක් තියෙනවා අපේ මෑත ඉතිහාසයේ. එකක් තමයි 80 ජුලි වර්ජනයේ සෝමපාල මහතාගේ ඉරණම. (නදී)
දැන් මෙතන ආණ්ඩුවට වැරදි කියා කියා ඉන්න අයම ආණ්ඩුවට ඡන්දෙ දීලා පස්සේ මේ වගේ තැන් වල ආණ්ඩුවට බනින්න එහෙම එපා හොඳද? (නි)
කටට එන දේවල් එමටයි තෙපලන්න. මොකට කියනවද වස පිටිකිරි බි ගොම පෙරා ගත් අයට.
අනේ අපි දන්නවා හැමදේම හොදට (නි)
රනිල් මහත්තයෝ, අපිට කවුරු කවුරුත් කළ දේවල් අමතක නැහැ. (නි)
"දැන් මෙතන ආණ්ඩුවට වැරදි කියා කියා ඉන්න අයම ආණ්ඩුවට ඡන්දෙ දීලා පස්සේ මේ වගේ තැන් වල ආණ්ඩුවට බනින්න එහෙම එපා හොඳද" මේක පුදුම කතාවක්නේ. හොඳදේ හොඳයි කියනවා. නරක දේ නරකයි කියනවා. ඒකත් කියන කෙනාගේ දැනුම් මට්ටම් අනුව. (නි)
මට නම් ඔය කාගෙන්වත් වැඩක් නැහැ (නි)
ඔබතුමාගේ කතාව හරි
යාරෙ තුට්ටුවට ගියත් බල්ලා හෙළුවෙන් වගේ අපේ ජන්දදායකයෝ හැමදාමත් නිරුවතින්. ඊළඟ පරම්පරාව ලොකුමහත් වෙලා හුල්ලනකොට තමයි තේරෙන්නේ මේ ආශ්චර්යය. (නි)
මේ පාර ඡන්දෙදි ඔයා පොඩි විවේකයක් අරගෙන නවකයන්ට තැනක් දෙන්න , එතකොට ආණ්ඩුවට ලේසි වෙන්නේ නැහැ (ත)
රනිල් මහත්තයෝ.. කොමෙන්ට්ස් වල හැටියටනම් ආණ්ඩුවට මේ පාර ඇපත් නැහැ..ඔයා මෙදා පාර ඔය පළාත් සබා දිනලා රැල්ල පටන් ගන්න. හැබැයි මේ පච බලකායත් එක්කනම් ඕක කරන්න බැහැ..බොරුවත් ඇත්තක් හැටියට මවලා දෙන්න පුළුවන් කට්ටිය පච බලකායට දාගන්න. මෙ අය වැලිවේරියේ මිනී තලෙයි මන්නාරමට පා කරන්න හදන අයනේ. කනවා ඉතින් ...අතේ පත්තු කර ගෙන හත්පොලෙත් ගා ගන්නවා.(නදී)
ජයවේවා ! (නදී)
අපි කැමතියි ඡන්දය දෙන්න. ඒ වුනාට හොරුත් ඒක්ක හෙළුවෙන් ඉන්න අපි කැමති නැහැ.(නදී)
එහෙනම් මේ වෙන කොට එක්සත් ජාතික පක්ෂය දිනල ගොඩක් කල්.(නදී)
බොරදියේ මාලු බෑම. මේකෙන් නැතිඋනේ 3කි. එතකොට 60000ක් මරපු ඔබලාටද ඡන්දය දෙන්න ඕනේ.(නදී)
කෝපි බොන්න ගියානම් ඔහොමවත් කියන්නේ නැහැ. (ස)
දුෂණයෙන් තොර රටක් බියෙන් සැකෙන් තොර ජීවත් වෙන්න පරිසරයක් ගොඩ නගන්න ,ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කර උගත් බුද්ධිමතෙක් තෝරා ගැනීම ඔබ සතු වගකිමයි (නි)
රසිකා ඕමාන්, ඔබ හරි. (නි)
අපිට අතීතයත් මතකයි තවම හොදට (නි)
අපි කැමති නැහැ අතීතයට නැවත යන්න (නි)
කරන්න නම් ඕනේ ඕකම තමයි (දී)
රට කඩන්න උස්සහ කරන අය ත්‍රස්තවාදී. කඩන්න හදන රට එකතුකිරිමත් ත්‍රස්තවාදීද? ලෙස්ලි ඕකේ වෙනස දන්නවද?(නදී)
ලෙස්ලි ලෝට් මහත්තයෝ රතුපස් වල මලේ සාමාන්‍ය වැසියෝ, අනේ අම්මපා රනිල් මහත්තයලගේ ආණ්ඩු කාලේ එහෙම මිනිස්සු මරලම නැද්ද? මම දැක්කේ හීන ද මන්දා.(නදී)
රසිකා 60000 ක් ගැන කියනවා. එතකොට උතුරේ යුද්දෙදි මොන තරම් මරල දැම්මද ? එහෙම හිතුවොත් මේ ආණ්ඩුවත් වරදක්ද කරලා තියෙන්නේ ? ත්‍රස්තවාදයේදී මේක තමයි ස්වභාවය. දෙමල උනත් සිංහල උනත් ඔක්කොම මනුස්ස ජිවිත රතුපස්වල මරල දැම්මේ ත්‍රස්තවාදීන් නෙමෙයි.(නදී)
දයාසිරිත් ගියායින් පස්සේ එජාපෙ හොඳම කථිකයා රනිල්. ජයවේවා! (නදී)
කවුරු කලත් ඔහොම තමයි. පව් බබාට කැමැත්ත දෙන්න.(නදී)
උන්ඩේට ඡන්දෙන් උත්තර දීලා මල්ටි බැරල් එකක් ඔලුවේ ගහගන්න අපිට බැහැ රනිල් මහත්තයෝ. කාගේ කාගේ කෙරුම් අපිට අමතක නැහැ.(නදී)
පව් කළ දැයක ඉපදීමයි පවලොකුම හෙළ දැය වුවමනා නෑ හෙලයාහටම පරයන් රජකරනු දැක දැක හිසමතම ඇහැ කන වහන් ඉඳුමයි අද හෙළ ලෝදහම.(නදී)
87/90 ටයර් වල ගිය අයට අනේ නැගිටලා කතා කරන්න පුලුවන්නම්.(නදී)
වැරදිලාවත්ද ? 1988 - 1989 කාලයේදී නිරායුද තරුණයෝ ටයර්වල දාල පිච්චුවේ කව්ද ?(නදී)