දෝහා කටාර් ඔස්සේ ඉතාලිය බලා පිටත් වු ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මල්ලක බැරි වීමකින් 9.එම්.එම් උණ්ඩ දෙකක් තිබි ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් සොයා ගැනීමත් සමඟ ඔහු දෝහා ගුවන් තොටුපළෙන් නැවත හරවා එවා තිබු බව පොලීසිය පවසයි.
පසුගිය 03 දා සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් දුෂ්යන්ත එපිටවල මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරුණු අතර මෙම නඩුව ලබන ජුලි 29 දිනට කල් තැබිණි.
මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ ලුණුවිල වර්ණකුල සූරිය සුරංග මනෝජ් කුමාර ප්‍රනාන්දු (35) නම් අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ඒක කොහොමද බැරිවිමක් වෙන්නේ. පුදුමේ ලංකාවේදී අහු නොවුනු එක නේද? (ර)
බැරි වීමකින්.? මේක හිතන්නවත් පුලුවන්ද? අපිට බැරිවීමකින් උනානම් මොකද වෙන්නේ... (ර)
"බැරි වීමකින් 9.එම්.එම් උණ්ඩ දෙක" ගුවන් යානය තුල පිපිරී ගියානම් "බැරිවීමකින්" අහස පුරා මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමට හිතා ඉන්න ඇති. (ර)
මේක බැරීවීමක් නොවේ අත්හදා බැලීමක්... (ර)
ලංකාවේ ගුවන්තොටුපොළේ ආරක්ෂාව මේ බැරිවීමෙන් පේනවා. රත්තරන් ගෙනියනවා වගේ තැනක ගෙනිච්චද ? (ම)
තහනම් කරන්න ඕන ගුවන් ගමන් කාලෙකට. (ම)
මට හිතෙන්නේ දැන් ලංකාවේ ආරක්ෂක තත්වය අන්තිමයි කියලයි. (නි)
ලංකාවේ ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලාද? (නි)
හරි පුදුම දේවල්නේ අපේ අයට අමතකවෙන්නේ (නි)
බැරිවීමකින් ගුවන් යානය ආපසු ලංකාවට ගොඩබෑවා නම් තමයි හොඳ (නි)
පුදුමාකාර බැරිවීමක්නේ වෙලා තියෙන්නේ (නි)
මේ මගියා කටුනායක ගුවන් තොටුපළේදී අල්ලලා මිගමුව අධිකරණයට ඉදිරිපත් කළා කියල මේ ලිපියේ පැහැදිලිවම තියනවා. මේක තේරුම් ගන්න බැරි මෝඩයෝ ලියනවා ලංකාවෙදි අල්ලගන්න බැරිවුණ එක තමා පුදුමේ කියලා (නි)