දින දෙකකට වඩා උණ පවතී නම් රෝගීයා රජයේ රෝහලට ඇතුළු කරන්නැයි රජයේ රෝහල උපදෙස් දෙයි.
කොළඹ ජාතික රෝහල,රිජ්වේ හා කළුබෝවිල රෝහල් වලට ඇතුළු වු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ බවත් ඔවුන් උණ සැදී දින ගණනාවකට පසුව රෝහල් ගතවී ඇති බවත් හිතුමතේ වේදනා නාශක බෙහෙත් පාවිච්චි නොකරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඉල්ලීමක් කරයි.
පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක පාවිච්චි නොකරන ලෙසද ඔහු කියයි.
ගිය වසරේ කොළඹ ළමා රෝහලේ ඩෙංගු රෝගීහු 3631 දෙනෙක් ප්‍රතිකාර ලැබුහ.ඉන් 501 දෙනෙක් ඩෙංගු රක්තපාතයෙන් පෙළුණු අතර 17 දෙනෙක් මරණයට පත් වුහ.
මරණයට පත් වුවන් රෝහල්ගත වී ඇත්තේ උණ හැදී දින තුන ඉක්ම වීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල්වල නිතරම වගේ කවුරු හරි වැඩ වර්ජනයක් එහෙම නැති දවස් වල එක්කෝ බෙහෙත් හිඟයක් .(නදී)
අර අම්බලන්ගොඩ පැත්තේ ආයුර්වේද දොස්තර නෝනා කෙනෙක් ඩෙංගු වලට ප්‍රතිකාර කරනවා කියල පසු ගිය කාලේ පත්තර වල තිබුනේ. එයා ගැනත් විස්තර ටිකක් ජනතාවට දැනුවත් කරන්න. මම හිතන්නේ එයා ප්‍රතිකාර කරන්නේ නොමිලේ.(නදී)
උන කියන්නේ මාරාන්තික රෝගයක් සෙල්ලමට ගන්න එපා (දී)
දුකයි අපේ රටේ ඔය ඩෙංගු උනෙන් මැරෙන අය බේරගන්න බෙහෙතක් නැති එකට.(නදී)
හොඳ ලිපියක් (නි)
වැදගත් තොරතුරක්...ඔබට පින් ...(නදී)