උඩවලව පොලිසියේ සැරයන්වරයකුගේ හා සබරගමු සමන් දේවාලයේ පූජාවකට යමින් සිටි අයකුගේ එක සමාන ගමන්මලු මාරුවීම නිසා පොලිස් සැරයන් ගොඩකවෙල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. හම්බන්තොට වවුනියාව බසයෙන් යන්නට ආ මේ දෙදෙනාගේ බෑග් මාරුවී ඇත්තේ බස් නැවතුමේදීය. සැරයන් ගොඩකවෙල පොලිසියට දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ තම බෑගය බසයේ මගියකුගේ බෑගයට මාරුවී ඇති බවයි. පොලිසිය ඒ බසය ගොඩකවෙලදී නවත්වා බෑගය පිරික්සීය. එහි ගංජා කිලෝ පහකි. බෑගය රැගෙන යාමට ආ සාරයන් අත්අඩංගුවට ගැණිනි. සැරයන් ළඟ තිබූ බෑගයේ වුයේ පූජාවට ගෙනා පළතුරුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ සැරයන්වරයා අවංක පුද්ගලයෙකු බවයි (නි)
සාජන් අයියේ බඩු හරිද?(නදී)
සැරයන්ට මොලේ කළදක්වත් නැද්ද?ගංජා මල්ල හොයාගන්න පොලිසියට කියලා. (නි)
සර්ජන් නල්ල තම්බි නොවෙයි නේද? (නදී)
මදැයි කොළා! (නි)
ගංජා බෙහෙත් තමයි. මම දන්නවා. ආයුරුවේදය බලන්න මද පමණින්.(නදී)
සමන් දෙවියන්ගේ අනුහසින් වුන දෙයක්. සාජන් මහත්තය පොලිසියට බඳවා ගන්න වෙලාවේ බුද්ධි පරීක්ෂණයකුත් තිබුනද? නෑ මං නිකමට ඇහැව්වේ. (නි)
පොලිසියටත් ගංජා විකිනීමේ අයිතිය ලබාදිය යුතුයි. ලංකාවෙ ගංජා බේතට හොඳයි කියලා අර කට්ටිය නිර්දේශ කරලනෙ තියෙන්නෙ.(නදී)
හොරුන්ගෙත් හොරු පොලිස් හොරු (නි)
අයියෝ සල්ලි
මේ වගේ දේවල් හින්දි සිනමා වල විතරක් නොවෙයි ඇත්තටම වෙනවා.මෙවර අවුරුද්දට මගේ බිරිඳ දුව සහ පුතා ලංකාවට එනවිට සිංගප්පුරු ගුවන්තොටුපොළේදී අපේ ලැප්ටොප් පරිගණකය කියා පුතා(වයස 11) වැරදීමකින් ඔහු අසල වාඩිවී සිටි වෙනත් මගියෙකුගේ පරිගණකයක් කරේ දමාගෙන ඊළඟ ගුවන් යානයටත් ගොඩවුන පසු දැනගෙන ආපසු ගොස් පුද්ගලයා සොයාගත නොහැකිවූ නිසා ගුවන්තොටුපලට බාරදීලා. වාසනාවට බෝම්බයක් හෝ මත්කුඩු වැනි දෙයක් එහි තිබුනා නම් ඇතිවෙන තත්වය මහා විනාශයක්. (නි)
සමන් දෙවියන්ගේ අනුහස පෙනෙන සිදුවීමක් (නි)
අපරාදේ මාරුව ඇරගත්තේ. පූජාවට ඒවා තිබ්බා නම් දෙවියොත් කැමතිවෙයි. (නි)
හැමදාම වංචාවලට ඉඩ නැහැ (නි)
2004 වසරේ අප ඇමරිකාවේ පදිංචියට යනවිට එම රටේ සිටින අප දන්නා කෙනෙකුගේ හිතවතෙකුගේ කිසියම් පාර්සලයක් ලංකාවේ සිට ගෙන්වා ගන්නට අපෙන් ඉල්ලුවා. පාර්සලය ගෙන්වා ගන්නට අවශ්‍ය පුද්ගලයා තදින් දෙවියන් අදහන කෙනෙකු බවත් දෙවියන්ට දුම් ඇල්ලීමට කුඩු කියා ලංකාවේ සිටින ඔහුගේ බිරිඳ කියා කෙනෙකු පාර්සලයක් දීල ගියා. ලංකාවේ ගෙදරින් පිටත්වීමට පෙර කෝකටත් පාර්සලය හිල්කර ටිකක් එලියට ගෙන බැලුවිට ගංජා ඇටවලට සමාන ඇට එහි කලවම්ව තිබුන නිසා අසල වැසියකුට එය බාරදී පිටවුණා. ඇමෙරිකාවට ගියපසු පාර්සලය ගැන දුරකතනයෙන් විමසු ඔහුට අප කිය සිටියා බර වැඩි නිසා නොගෙනා බවත් එය බිරිදට අසල්වැසියාගේ නිවසින් ලබාගන්නා ලෙසත්. මාසයකට පසුත් නොගත් නිසා එය විසිකළ පසු එතන ගංජා පැල වුනබව ආරංචි වුණා. මම එම පාර්සලය ගෙන ගියා නම් සමහරවිට අපි තවමත් ඇමෙරිකාවේ හිර ගෙදරක. මෙය හින්දි සිනමා කතාවක් නොව සත්‍ය සිදුවීමක් බැවින් කරුණාකර මෙය පලකරන්න. කියවන අය තවත් අයට යවන්න. මෙවැනි දේවල් නිසා අමාරුවේ වැටිය හැකි නිසා තම පවුලේ කිට්ටුම අයගේ හැර කිසිවක් රටින් ගෙන යන්න එපා. ගංජා නොව කිසිම පැළයක්,ඇටයක්,පොත්තක් සමහර රටවලට ගෙනයාම රටින් පිටුවහල්කිරීමට හේතුවක්.(නදී)
සාජබ්ට් වුණාට මොලය පිගිටල තියෙන්නේ හොරවැඩ වලට පමණයි වගේ. මහජනයාට මේ අයගෙන් සේවයක් බලපොරොත්තු විය හැකිද ? (නි)
සැරයන් බබා. මේ වගේ දේවල් හින්දි සිනමා වල නම් තියනවා. (නි)
කොහොමට ගංජා, කුඩු, වැඩිහරියක් බෙදාහරින්නේ ආරක්ෂක අංශ නිලධාරීන් තමා. මොකද එයාලව චෙක් කරනවා අඩුයිනේ (නි)
වැටුපකින් ජීවනවියදම පියවගන්න බැරුව ගියහම අමතර ආදායමක් හොයාගන්න කල උත්සාහයයක නිදසුනක් මේ.(නදී)
මේවට තම ඉල්ලන් කනවා කියන්නේ. මෙන්න අපේ ශ්‍රී ලංකාවේ පොලිස් නිලදාරීන් (නි)
ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? ගංජා කිලෝ 5ක්? කාගේද පලතුරු බැගය ? හැබය් ඉතින් පලතුරු තිබුනේ පොලිස් සැරයන්ගේ බෑග් එකේ නම් එයා ඉල්ලගෙන කාලා තියෙන්නේ, නේද? (නි)
ලයිට් බිල ගෙවාගන්න බැරුව වෙන්නඇති අනේ පව්.(නදී)
ගංඡා එයාගෙමනම් පොලිසියටම නැතිවුන බව කියයිද? රාලහාමි අහිංසකයෙක්.(නදී)
වැටත් නියරත් ගොයම් කා නම්.... කාට පවසම් ඒ අමාරුව.(නදී)
හතර බීරි කතාවක් වගෙයි (නි)