IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උඩවලවේ සැරයන් විහින් අමාරුවේ

උඩවලව පොලිසියේ සැරයන්වරයකුගේ හා සබරගමු සමන් දේවාලයේ පූජාවකට යමින් සිටි අයකුගේ එක සමාන ගමන්මලු මාරුවීම නිසා පොලිස් සැරයන් ගොඩකවෙල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. හම්බන්තොට වවුනියාව බසයෙන් යන්නට ආ මේ දෙදෙනාගේ බෑග් මාරුවී ඇත්තේ බස් නැවතුමේදීය. සැරයන් ගොඩකවෙල පොලිසියට දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ තම බෑගය බසයේ මගියකුගේ බෑගයට මාරුවී ඇති බවයි. පොලිසිය ඒ බසය ගොඩකවෙලදී නවත්වා බෑගය පිරික්සීය.  එහි ගංජා කිලෝ පහකි. බෑගය රැගෙන යාමට ආ සාරයන් අත්අඩංගුවට ගැණිනි. සැරයන් ළඟ තිබූ බෑගයේ වුයේ පූජාවට ගෙනා පළතුරුය.



අදහස් (0)

උඩවලවේ සැරයන් විහින් අමාරුවේ

කුරුවිට Wednesday, 22 May 2013 03:09 PM

මට නම් හිතෙන්නේ සැරයන්වරයා අවංක පුද්ගලයෙකු බවයි (නි)

:       0       0

අමිළ Wednesday, 22 May 2013 03:10 PM

සාජන් අයියේ බඩු හරිද?(නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 22 May 2013 10:20 PM

සැරයන්ට මොලේ කළදක්වත් නැද්ද?ගංජා මල්ල හොයාගන්න පොලිසියට කියලා. (නි)

:       0       0

පාලිත Wednesday, 22 May 2013 11:32 PM

සර්ජන් නල්ල තම්බි නොවෙයි නේද? (නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 22 May 2013 04:11 PM

මදැයි කොළා! (නි)

:       0       0

ලක්සිත ෆ්‍රංසය Thursday, 23 May 2013 12:53 AM

ගංජා බෙහෙත් තමයි. මම දන්නවා. ආයුරුවේදය බලන්න මද පමණින්.(නදී)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 12:08 PM

සමන් දෙවියන්ගේ අනුහසින් වුන දෙයක්. සාජන් මහත්තය පොලිසියට බඳවා ගන්න වෙලාවේ බුද්ධි පරීක්ෂණයකුත් තිබුනද? නෑ මං නිකමට ඇහැව්වේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 22 May 2013 12:13 PM

පොලිසියටත් ගංජා විකිනීමේ අයිතිය ලබාදිය යුතුයි. ලංකාවෙ ගංජා බේතට හොඳයි කියලා අර කට්ටිය නිර්දේශ කරලනෙ තියෙන්නෙ.(නදී)

:       0       0

දම්මි Thursday, 23 May 2013 07:20 AM

හොරුන්ගෙත් හොරු පොලිස් හොරු (නි)

:       0       0

සුමුදු Wednesday, 22 May 2013 12:43 PM

අයියෝ සල්ලි

:       0       0

තිසල් Wednesday, 22 May 2013 06:35 PM

මේ වගේ දේවල් හින්දි සිනමා වල විතරක් නොවෙයි ඇත්තටම වෙනවා.මෙවර අවුරුද්දට මගේ බිරිඳ දුව සහ පුතා ලංකාවට එනවිට සිංගප්පුරු ගුවන්තොටුපොළේදී අපේ ලැප්ටොප් පරිගණකය කියා පුතා(වයස 11) වැරදීමකින් ඔහු අසල වාඩිවී සිටි වෙනත් මගියෙකුගේ පරිගණකයක් කරේ දමාගෙන ඊළඟ ගුවන් යානයටත් ගොඩවුන පසු දැනගෙන ආපසු ගොස් පුද්ගලයා සොයාගත නොහැකිවූ නිසා ගුවන්තොටුපලට බාරදීලා. වාසනාවට බෝම්බයක් හෝ මත්කුඩු වැනි දෙයක් එහි තිබුනා නම් ඇතිවෙන තත්වය මහා විනාශයක්. (නි)

:       0       0

සදුන් Wednesday, 22 May 2013 06:38 PM

සමන් දෙවියන්ගේ අනුහස පෙනෙන සිදුවීමක් (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 22 May 2013 01:29 PM

අපරාදේ මාරුව ඇරගත්තේ. පූජාවට ඒවා තිබ්බා නම් දෙවියොත් කැමතිවෙයි. (නි)

:       0       0

ඉරෝකා Wednesday, 22 May 2013 06:45 PM

හැමදාම වංචාවලට ඉඩ නැහැ (නි)

:       0       0

හේලි Wednesday, 22 May 2013 07:05 PM

2004 වසරේ අප ඇමරිකාවේ පදිංචියට යනවිට එම රටේ සිටින අප දන්නා කෙනෙකුගේ හිතවතෙකුගේ කිසියම් පාර්සලයක් ලංකාවේ සිට ගෙන්වා ගන්නට අපෙන් ඉල්ලුවා. පාර්සලය ගෙන්වා ගන්නට අවශ්‍ය පුද්ගලයා තදින් දෙවියන් අදහන කෙනෙකු බවත් දෙවියන්ට දුම් ඇල්ලීමට කුඩු කියා ලංකාවේ සිටින ඔහුගේ බිරිඳ කියා කෙනෙකු පාර්සලයක් දීල ගියා. ලංකාවේ ගෙදරින් පිටත්වීමට පෙර කෝකටත් පාර්සලය හිල්කර ටිකක් එලියට ගෙන බැලුවිට ගංජා ඇටවලට සමාන ඇට එහි කලවම්ව තිබුන නිසා අසල වැසියකුට එය බාරදී පිටවුණා. ඇමෙරිකාවට ගියපසු පාර්සලය ගැන දුරකතනයෙන් විමසු ඔහුට අප කිය සිටියා බර වැඩි නිසා නොගෙනා බවත් එය බිරිදට අසල්වැසියාගේ නිවසින් ලබාගන්නා ලෙසත්. මාසයකට පසුත් නොගත් නිසා එය විසිකළ පසු එතන ගංජා පැල වුනබව ආරංචි වුණා. මම එම පාර්සලය ගෙන ගියා නම් සමහරවිට අපි තවමත් ඇමෙරිකාවේ හිර ගෙදරක. මෙය හින්දි සිනමා කතාවක් නොව සත්‍ය සිදුවීමක් බැවින් කරුණාකර මෙය පලකරන්න. කියවන අය තවත් අයට යවන්න. මෙවැනි දේවල් නිසා අමාරුවේ වැටිය හැකි නිසා තම පවුලේ කිට්ටුම අයගේ හැර කිසිවක් රටින් ගෙන යන්න එපා. ගංජා නොව කිසිම පැළයක්,ඇටයක්,පොත්තක් සමහර රටවලට ගෙනයාම රටින් පිටුවහල්කිරීමට හේතුවක්.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 22 May 2013 01:55 PM

සාජබ්ට් වුණාට මොලය පිගිටල තියෙන්නේ හොරවැඩ වලට පමණයි වගේ. මහජනයාට මේ අයගෙන් සේවයක් බලපොරොත්තු විය හැකිද ? (නි)

:       0       0

රුවන් Wednesday, 22 May 2013 02:00 PM

සැරයන් බබා. මේ වගේ දේවල් හින්දි සිනමා වල නම් තියනවා. (නි)

:       0       0

රුවන් Wednesday, 22 May 2013 02:02 PM

කොහොමට ගංජා, කුඩු, වැඩිහරියක් බෙදාහරින්නේ ආරක්ෂක අංශ නිලධාරීන් තමා. මොකද එයාලව චෙක් කරනවා අඩුයිනේ (නි)

:       0       0

පෙරේරා Wednesday, 22 May 2013 07:38 PM

වැටුපකින් ජීවනවියදම පියවගන්න බැරුව ගියහම අමතර ආදායමක් හොයාගන්න කල උත්සාහයයක නිදසුනක් මේ.(නදී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 22 May 2013 02:35 PM

මේවට තම ඉල්ලන් කනවා කියන්නේ. මෙන්න අපේ ශ්‍රී ලංකාවේ පොලිස් නිලදාරීන් (නි)

:       0       0

චන්දි Wednesday, 22 May 2013 02:38 PM

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ? ගංජා කිලෝ 5ක්? කාගේද පලතුරු බැගය ? හැබය් ඉතින් පලතුරු තිබුනේ පොලිස් සැරයන්ගේ බෑග් එකේ නම් එයා ඉල්ලගෙන කාලා තියෙන්නේ, නේද? (නි)

:       0       0

අසාද් Wednesday, 22 May 2013 08:22 PM

ලයිට් බිල ගෙවාගන්න බැරුව වෙන්නඇති අනේ පව්.(නදී)

:       0       0

සනත් Wednesday, 22 May 2013 08:27 PM

ගංඡා එයාගෙමනම් පොලිසියටම නැතිවුන බව කියයිද? රාලහාමි අහිංසකයෙක්.(නදී)

:       0       0

ජානක( කහවත්ත) Wednesday, 22 May 2013 08:28 PM

වැටත් නියරත් ගොයම් කා නම්.... කාට පවසම් ඒ අමාරුව.(නදී)

:       0       0

රණා Wednesday, 22 May 2013 02:57 PM

හතර බීරි කතාවක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site