(අංජුල මහික වීරරත්න)
ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොණරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ වෙතින් කරන ලද ඉල්ලිමක් පරිදි මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලි ඔය අමුණ ඔස්සේ උඩ වලවේ ජලාශයට ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා කීය.
ඒ අනුව දිනකට අක්කර අඩි 1200ක ජල ප්‍රමාණයක් උඩවලවේ ජලාශයට ලබා ගැනීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
මෙය ඉතා සුළු ජල ප්‍රමාණයක් වුවද දැනට ජල හිඟය නිසා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කුඹුරු වලින් යම් කොටසක් හෝ බේරා ගැනීමට හේතු වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මේ වනවිට නියඟයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට දෙකක් දක්වා අඩු වී තිබීම හේතුවෙන් උඩවලවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරු වලින් අක්කර 65,000ක් හානි වීමේ අවදානමට ලක්ව ඇති බවයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උඩවලවේ ගොවීන් ගැන මොණරාගල ගොවි සිත් උණු වෙති
Lalla Wednesday, 02 August 2023 12:53 PM
වතුර නැතිව මගුලකටද ඔය තරමට කුඹුරු වපුරන්න ඉඩ දුන්නේ? ඒකට වගකියන්න ඕනෑ අයට නීතිය ක්‍රියාත්මක කරන්න...