පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියනට දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ හිමියන් මුදාහරින ලෙසත් ඔවුන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කැර ඇත.
සාක්කිකරුවන්ගේ වත්කම් සහතික ඉදිරිපත් කරන ලෙසද නියෝග කැරිණි.
ඇප ගැනීම සඳහා ධම්මාලෝක හිමියෝ මහර බන්ධනාගාරයේ සිටි උසාවියට ගෙන එනු ලැබූහ. තමන් වහන්සේ කිසිදාක බොරු නොකරන බවත් කිසිවෙකු සමග අමනාප නැති බවත් අලි පැටවුන් අල්ලා ගැනීමට අලි අම්මලා මරා දැමීමට විරුද්ධ බවත් ඒ හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුන් වහන්සේලාගේත් යම් යම් වැරදි ඇති. ඒ වුණත් සඟ පරපුර අතීතයේ සිටම මහා පවුරක් සේ රට රැකගත්තා. කිසි දිනෙක ඒ කෙළෙහිගුණය අමතක නොකළ යුතු බව සහ සඟ පරපුර රැකගත යුතුබවත් මගේ අදහසයි. (නි)
සුමිත්‍ර, සතෙක් හදාගැනීම නම් වරදක් නැහැ. අනික කවුරුහරි දාලා ගිය සතෙක්නෙ. ඔය බලු පැටවූ පුස් පැටවූ ගෙනිහින් දාන්නේ පන්සල් වල නේද? ඒ ආණ්ඩුව කාලේ වෙන්න බැරි දෙයක් නැහැ. ආසියාවේ ආශ්චර්යනේ, නේද සුමිත්‍ර?? (නි)
අර කැලෑ පාලුවාව හිරේට දක්කන්නෙ නැද්ද? (බ)
කැලේ ඉන්න අලිපටියෙක් ඇති දැඩි කරපුවම රජයට පාඩු වෙන්නේ කොහොමද, රජයේ වාහන මුළු පවුලම පාවිච්චිකරන මැති ඇමතිලා ඉන්නේ. (ර)
උඩුවේ හිමි බලන්න අද පැමිණ ඉන්න සෙනඟ සංඛ්‍යාවෙන්ම අපි බොහෝ දේ තේරුම්ගත්තා (නි)
ඇසිලින් අක්කත් වලිගෙ එල්ලිලා දිවියලෝකේ ගිහින් ආපු උපාසිකාවක් වගෙයි! (බ)
මමත් හොද බෞද්ධයෙක් තමයි.එත් මොකට ඇප දුන්නද? වරදට දඩුවම් දෙන්නම ඕනේ. (ම)
අර ඉල්ලපු විදිහට රුපියල් 10 ගානෙ දුන්නද දන්නෙ නැහැ නේද කට්ටිය, ඇප ගන්න. (නි)
පාරේ ඉන්න සතෙකුට කන්න බොන්න දෙන එකයි, කැලේ ඉන්න ඇතින්නක් මරලා අලි පැටියෙක් බලෙන් ගෙනවිත් දම්වැල් දාලා ආදරයෙන් බලන්න එකයි දෙකම සමානයි මේකේ ඉන්න සමහරුන්ට (නි)
උන් වහන්සේට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න. යථා කාලයේදී මේවා පටිසන් දෙනවාමයි. (නි)
ශාසනයට කොච්චර දෙයක් කරන්න තියෙද්දි ද මේ අනවශ්‍ය දේ වලට පැටලෙන්නේ. කෙසේ වෙතත් රටේ නීතියට හාමුදුරුවරු ගරු කරන්න ඕන, එතකොටනේ විනයක් තියෙන්නේ.. (ම)
දැන් රටේ ලොකුම ප්‍රශ්නය මේකද එතකොට? අනේ මන්දා අපේ මිනිසුන්ටත් මොනවා වෙලාද කියලා (නි)
සාමණේරකම ඉක්මවූ භික්ෂුවක් උපසම්පදා ශීලය ආරක්ෂා කළයුතුයි. සමහර හාමුදුරුවරුන්ට නම් පසුගිය දිනවල පංච ශීලයවත් රැකගන්න බැරිවුණානේ. (නි)
සියල්ලටම වඩා වැරදියි චීවරයක් ඇඳගෙන මුසාවාද කීම. ඉබාගාතේ යන අලි ඉන්නවා කියන එක පිළිගන්න පුළුවන්ද මේ කොළඹ? (නි)
මමත් විජේගේ අදහසට එකඟයි. (බ)
මෙතන තිබෙන යටි අරමුණු ගැන හිතන්න. සිංහල බෞද්ධ අයට එරෙහිව ඉතා බලගතු කුමන්ත්‍රණයක් ලෝකය පුරා ක්‍රියාත්මක වෙනවා. අනාගතය ඉතා භයානකයි. සතෙක් මුල්කරගෙන වෙන අරමුණු මුදුන්පත් කරගන්න හදනවා. ඔය අලි පැටවුන්ට වඩා ප්‍රශ්න අද රටේ නැද්ද? (නි)
මෙයාලගෙන් බන අහන අයට මොකද කරන්නේ (බ)
නන්ද වැන්නන්ගේ අදහස් වලින් ජනතාවගේ සිත් වල ඇති සැබෑ හැඟීම් පිළිබඳ මොනවට පැහැදිලි වෙනවා. (නි)
මම හිතුවෙ හාමුදුරුවො සිය කැමැත්තෙන් වැඩිපුර දවස් කීපයක් හිරගෙදර ඉදියි කියල.මෙන්න හැරෙන තැපෑලෙන් එනව. (බ)
සතෙක් හදාගත්ත කියල මම නම් අහල නැහැ ශාසනයට විපතක් වෙනවා කියල. මිනිස්සු කමෙන්ට් දාන්නේ හාමුදුරුවෝ හරියට මහා ලොකු විනාශයක් කළා වගේනේ. (බ)
අනේ මහත්වරුනේ බුද්ධ ශාසනයට...... හාමුදුරුවන්ට...... ගරහන්නේ නැතුව ඉන්නවද........? නීතිය රකින හැටි තේරෙනවා අද රටේ වෙන දේවල් දැක්කම. පන්සලේ අලි පැටියෙක් හිටපු එක තමයි අද කාටත් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.......(බ)
ආනන්ද, අලි හදන්න බලපත්‍රයක් අවශ්‍ය බව ඔයා දන්නෙ නැද්ද? ඒක හාමුදුරුවෝ වුණත් නොදන්න විදියක් නැහැ (නි)
දැන් මේක පුර්වාදර්ශයක් වෙයි නේද? අලි සෙල්ලම්වලට රිමාන්ඩ් එකේ ඉන්න අනික් අලි මහත්තුරුත් දැන් ඇප ඉල්ලයිනේ. ඉස්සරහට එන්න ඉන්නවයි කියන ලොකු අයත් කරදරයකින් තොරවම එළියේම ඉඳියි නේ. මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. (බ)
ඇප ලැබුණත්, මිනිසුන් තුල ඇති වූ කලකිරීම නම් අඩු වන්නේ නැහැ හාමුදුරුවනේ.....(බ)
හිමියනි, සිදුවූ කිසිවකින් නොසැළී ඔබවහන්සේගේ ශාසනික සේවාව ඉදිරියට කරගෙන යන්න (නි)
අපරාදේ! අලින්ගේ වලිගයේ එල්ලිලා අර පැරණි කතාවක වගේ දිව්‍ය ලෝකෙට යන්න හිතාගෙන ඉන්න අයට මෙවැනි වැටලීම් වලින් අසාධාරණයක් සිදුවෙනවා නේද? එක අතකට තමන් කාලා ඉතිරිවෙන දෙයක් අලියාට කන්න දීලා හදාගත්තාට පව් සිද්ධ වෙනවද, නේද? (නි)
හාමුදුරුවනේ, මුසාවාද කියලා නම් තව තවත් පවු සිද්ධකරගන්න එපා. මේ වීඩියෝ එකෙත් කියනවා " මම බොරු කියලා නැහැ.." කියලා. ඒ කියන්නේ තවමත් කියන්නේ අර අලි පැටියා කවුදෝ කෙනෙක් පන්සලේ අතහැරලා ගිහින් කියලානේ (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ මින් ඉදිරියටවත් මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න වලට පැටළෙන්නේ නැතුව ඉන්න (නි)
මේක සතෙකුට වදදුන් වරදක් නොවේ සතකු කරුණාවෙන් හදාවඩා ගැනීමක් මේවා වැරදිනම් ඔය දේශපාලුවෝ ඔක්කොම ඉන්න ඕන හිරේ (හේ)
විජේගේ අදහස මමත් අනුමත කරනවා. එයයි සිදුවිය යුත්තේ. (නි)
ටිකිරිබණ්ඩා - නුගේගොඩ ඔයා හොඳ බෞද්ධයෙක් නම් ඔහොම කියන්නේ නෑ. මම කතෝලිකයෙක් වෙලත් කියන්නේ හාමුදුරුවන්ට දඬුවම් කරපු එක වැරදියි. නිකරුනේ අලි මරා දාන ලංකාවේ හාමුදුරුවෝ හාමුදුරුවෝ කලේ අලි පැටියා ආදරෙන් හදා ගත්ත එක. (ර)
කැලයේ ඉන්න සතෙක් රත්තරන් දම්වැලකින් බැන්දත් ඒක වදයක්ම තමයි. (ර)
භික්ෂුන්ගෙන් සිදුවිය යුත්තේ ශාසනයට ප්‍රයෝජනයක් මිස මෙවන් ආකාරයේ දේවල් නොවේ. (නි)
වනය විනාස කරන අය ගන්නේ නැද්ද.? (ර)
පෙරහරට ඉන්න අලි ටික නවත්වන්න ගොඩක් යට උවමනාව තියෙනවා. දේවානන් පියතිස්ස රජුගේ කාලේ ඉඳල ධාතුන් වැඩම කරපු ආකාරය නැවත වන්න සෑහෙන උනන්දුවක් සුද්දන්ටත් තිබුන එක හරි ගියේ නැහැ.(රේ)
උපසපන් භික්ෂුවකට සතුන් ඇතිකිරීමට විනය පිටකයේ අවසර තිබේද? උසාවියට උසාවියේ වැඩ කරගන්න දීලා අපි නිශ්ශබ්දව හිඳිමු. (නි)
දැන් ඉස්සරහට හාමුදුරුවෝ මේ ගැන මොකද කරන්න හිතාගෙන ඉන්නේ කියලත් දැනගන්න කැමතියි අපි. (නි)
අවුරුද්දැක අලි පැටියෙක් මවු ඇතින්නගෙන් වෙන් කරගෙන හදන එක ලොකු සේවයක් හැටියට දකිනවා සමහරු. තවත් අය පෙරහරට අලි නැතිවෙයි කියල බයේ. හොරෙන් අල්ලගත්තු අලි පෙරහරේ ගෙනියන එකද හරි නියමිත ක්‍රමයට රජයෙන් ලබාගත් අලි ඇතුන් ගෙනියන එකද හරි? සෑම පුරවැසියෙක්ම රටේ නීතියට අවනත විය යුතුනැද්ද? (රේ)
හාමුදුරු කෙනෙක් බොරු කියනවා නම් ඒක විශාල අකුසලයක් නේද? (නි)
අපේ හාමුදුරුවනේ, අපි ඔබ සමඟයි. ආගමක් දහමක් නැති අය ඕනෑ දෙයක් කියපුදෙන්. බලනකොට කෝ අපිට රටක්? (නි)
ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ, නීතිය කාටත් එකයි. ඒකයි මෙතනදී සිද්ධවුණේ. (නි)
අලි පැටියෙක් ළඟ තබාගත් හාමුදුරුවන් හිරගෙට. දැහැමින් සෙමින් පාලනය වෙනුවට යහමින් හොරෙන් පාලනයක් නම් බලාපොරොත්තු නොවෙමු. (නි)
අර මුළු ලෝකයක් වටිනා කැලයක් විනාශකර ගෙවල් හදනවා, කවුරුත් කතා නැහැ. මේ අලියා වෙනුවෙන්, අර රාජාලියා වෙනුවෙන් මිනිස්සු, හාමුදුරුවෝ හිරේට දමනවා. මට හරියට තේරෙන්නෙ නැහැ මේ වෙනස මොකක්ද කියලා (නි)
හොද බෞද්ධයෙක් කියන්නේ පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයන්ටයි. (ර)
සුමිත්‍රා බස්නායක, බුදුහාමුදරුවෝ සත්ත්ව හිංසනය කොහොමවත් අනුමත කළේ නැහැ. (නි)
එදා සිටම බෞද්ධයන් අලි ඇතුන් සහිත පෙරහැර කිරීම ගැන සමාජයේ යම් කොටස් සිටියේ අකමැත්තෙන්.මේ උත්සාහය සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අලි ඇතුන් සහිත පෙරහැරවල් ඉතිහාසයට එක්කරන්න කියන එක පැහැදිලියි. දැනටත් පසුගිය කාලයේ සිටියාට වඩා ඉතාම අඩු සංඛ්‍යාවක් තමයි පෙරහැරවල අලි ඇතුන් සිටින්නේ. (නි)
සත්‍යය කවදාහරි ජයගන්නවා හාමුදුරුවනේ. අපි කාලයට ඉඩදෙමු. (නි)
සරත්, ලෝකය දියුණු වෙනවා. නමුත් අහිංසක අලි ඇත්තු ටිකට දම්වැල් දාලා කරන අපරාධය එහෙමමයි. සරත්ලා වගේ අයගෙ හිත සනසවන්න කියලා අහිංසක සතුන්ට මෙහෙම කරන එක හරිද? මේ අලි හදන්නෙ තමන්ගෙ ලොකුකම් රටට පෙන්වන්න. (නි)
අනේ සරත්, තමන්ට වෙනවට කවුරුත් කැමති නැහැ. කැලේ ඉන්න අහිංසක සත්තු මව් ඇතිනනගෙන් වෙන්කරලා මේ කරන වැඩ හොඳයි ඔයාලා වගේ අයට. හාමුදුරු කෙනෙකුට කොහොමත් මේ වැඩ ගැළපෙන්නෙ නැහැ. (නි)
හොද බෞද්දයෙක් කියන අය ගැන දුකයි. මොකද මේවට දාලා තියන අදහස් බලපුවම. (ර)
සරත්ලා වැනි අය තමන්ගේ ඇස් පිනවාගන්න අහිංසක සතුන්ට දම්වැල් යදම් දා ප්‍රදර්ශනය කරමින් වද දෙනවාට කැමතියි. ඕවට තමයි කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. (නි)
අහො දෙව්දත් නොදුටු මොක්පුර කියලා තමයි කියන්නේ වෙන්නෙ මේවාටයි. බුදුහාමුදුරුවො කවදාවත් දේශනා කරලා නැහැ අහිංසක සතුන් පන්සල් වල හදන්න කියලා. කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්න තියරිය තමයි මේ කරන්නේ. (නි)
අපේ රටේ ලොකු ලොක්කෝ සහ විවිධ පන්සල් වල අලි ඇත්තු හදන්නෙ තමන්ගේ තත්වය පෙන්වන්න. ඒක කවුරුත් දන්නා දෙයක්. සසර කළකිරිලා නිවන් අවබෝධ කරගන්න කියලා සිවුරක් දාගත් හාමුදුරුවරුන්ට මොන අලිද? (නි)
රුවන්, ඔයා කියන විදියට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් කිසිම දෙයක් කරන්න වෙන්නෙ නැහැ. ඇයි එකක් ඇල්ලුවාම කියනවා ඇයි අරක ඇල්ලුවෙ නැත්තේ, ඒක අල්ලලා ඊටපස්සෙ මේක අල්ලන්න කියලා. වැරැද්ද දුටු තැන ක්‍රියාත්මක වියයුතුයි. රටම එකපාරට හදන්න බැහැ. (නි)
අනේ මේ නිවන් යන්න හිතාගෙන අනෙක් මිනිසුන්වත් නිවන් යවන්න ආදර්ශ දෙන අයද? දඩ කනවා. යොමා බුදු නෙත කුළුනිනේ.....වඩිනු මැන බුදු ස්වාමිනේ.......... (නි)
භික්ෂුවක් බවට පත්වෙන්නේ සියලුම ආසාවල් අත්හැරලා සසර කෙටිකරගන්න මිසක් අලි ඇතිකරන්න නෙමෙයිනේ. අලි හදන තැන් රජයෙන් වෙන් කරලා තිබියදී හාමුදුරුවන්ගෙන් රටට වියයුතු කාර්යය ඉටුනොකර වෙන වෙන දේවල් කරන්න ගිහින් තමයි මේ කරදරයට පත්වෙන්නේ. (නි)
අලියෙක් හදන්න සල්ලි හා ඉඩකඩ ඇත්නම් එයට කිසි බාධාවක් නීතියෙන් නැහැ. නමුත් මේ ලියාපදිංචි කරගන්න බැරිවෙන්නේ මව් ඇතින්නට වදදී මරා පැටියා වෙන්කර ගන්නකොටයි. අලියෙක් පන්සලේ හැදුවාට නෙමෙයි මේ නීතිය ක්‍රියාත්මක කළේ. ලැබුණ විදියක් ඔප්පු කරගන්න බැරුව ලියාපදිංචි නොකර අලි හැදුව නිසයි. (නි)
කසුන්, පන්සලේ අලි පැටියෙක් හිටපු එක නෙමෙයි ප්‍රශ්නය. අලි පැටියෙක් ලියාපදිංචි නොකර තබාගැනීමයි. නිසි ක්‍රමයට ගත් අලි පැටියෙක් නම් ලියාපදිංචි කරගන්න පුළුවන්. (නි)
හැමෝම මෙ ගැන චැට්. එත් වැට් නිසා අප ෆ්ලැට්. (ර)
හාමුදුවෝ ගැන විවේචනය කරන උපාසක අප්පුලාගේ කතා ඇහුවහම මට හිතෙනවා මුළු ලෝකෙම බුදුවෙලා වගේ කියලා (නි)
එතකොට කැලේ ඉන්න සතුන්ට වෙඩි තියලා, මදු ගහලා, හක්කපටස් දාලා, කැලෑ එළිකරලා කොච්චර හානි කරනවද? අලි මිනිසුන්ගේ ජීවිත කීයක් නැති කළාද? අලි පැටියෙක් කන්න බොන්න දීලා හදාවඩා ගැනීම මේතරම් වරදක්ද? (නි)
ලංකාවේ සමහර පන්සල් වල අලි ඇතුන් සිටිති , නමුත් මට කණගාටු බල්ලෝ බළලු පන්සල් වලට ගෙනත් දානවා වගේ අලි පැටියෙකුත් පන්සලට ගෙනත් දාපු බවට " කියපු කතාව. (ර)
නිර්භීතව නියමිත දිනය වෙනතුරු ඇප ඉල්ලන්නේ නැතුව හිටියා නම් අද දවසේ නියම නිර්භය භික්ෂුවක් හැටියට රටම පිළිගන්නවා (නි)
ඇසිලින්, ඔයාගේ ශ්‍රද්ධාව නම් හොඳයි. ඉතින් අපිට නිතිය සැමට ක්‍රියාත්මක වෙන්ට ඕනේ නැද්ද, (බ)
මෙවැනි හාමුදුරුවරු ඉස්සරත් හිටියා නම් මේ වෙනකොට බුද්ධ ධර්මයත් නැතිවෙලාම ගිහින්. පන්සලකට යන කෙනෙක් හොයාගන්න බැරි තරමට පන්සල් එපා කරලා ඉවරයි. (නි)
මේ හිමියන් ගැන මගේ සිතේ තිබුන පැහැදීම එහෙමපිටින්ම නැතිවුණා. දැන් තිබෙන්නේ කළකිරීමක් (නි)
වරද මොකක් උනත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී මෙයට වඩා ගෞරවණීය ක්‍රමයකට සිදුවනවා නම් හොඳයි. (ර)
අටලෝ දහමින් කම්පා නොවෙන්න හාමුදුරුවනේ. මේවායින් තවත් ශක්තිමත් වෙන්න (නි)
නුවන් , පාටලී වැනි පුද්ගලයන් සුපිරි බෞද්ධයෝ වෙන්න පුළුවනි. අපි බෞද්ධයෝ හැටියට දන්නා තරමින් මේ අලි නඩත්තුව හාමුදුරු කෙනෙකුට ගැලපෙන දෙයක් නොවෙයි. ඇරත් , කරුණාවෙන් හදා වඩා ගැනීමක් වෙලා තියෙන්නේ කොහොමද .. දම්වැල් වලින් බැඳගන? කරුණාවක් තිබුනා නම් මේ සතාව වන ජීවී නිලධාරීන්ට බාරදීලා කැලේට පිටත් කරන්න තිබුනා නේද? (ර)
සත්‍යය කවදාහරි ජයගන්නවා හිමියනේ. අපි දන්නවා ඔබවහන්සේ ගැන (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේගේ ගමන දිගටම යන්න. අපි ඔබවහන්සේ සමඟයි (නි)
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි! අපි ඔබවහන්සේ සමඟ ඉන්නවා (නි)