උඩුවේ ධම්මාලෝක හිමියන්ට ආගමික වැඩසටහනක් සඳහා ඔක්තෝබර් 5 වැනිදා සිට 27 වැනිදා තෙක් ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (5) අවසර දුන්නේය.
යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔක්තෝබර් 28 වැනිදා විදේශ ගමන් බලපත්‍රය උසාවියට දෙන ලෙසද ධම්මාලෝක හිමියන්ට නියෝග කැරිණි.
අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බව කියන සිද්ධියකට සැකපිට ධම්මාලෝක හිමියෝ උසාවියෙන් ඇප ලබා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ හාමුදුරුවරු කරන ධර්ම ප්‍රචාරයක් නැහැ. බුද්ධාගමට මෙහේ පන්සල් වලට වඩා විශ්ව විද්‍යාල වලින් වැඩක් කෙරෙනවා (නි)
නිවන තියෙන්නේ ඇමෙරිකාවේද? බුදු හාමුදුරුවෝ කිවුවේ එහෙමද? නිවන හොයා යාම හෝ කම්සැප සොයා යාම හෝ දෙකෙන් එකක් තෝරාගන්න (නි)
ගිහි ජීවිතය අතහැර පැවිදි ජීවිතයට ඇතුලු වන්නේ සියලුම සම්පත් අලුයම ලූ කෙළපිඩක් සේ සළකා නේද? එසේනම් මන්ද මෙවන් භික්ෂූන් භෞතික සම්පත්, සමග ඇලී ගැටෙමින් වැඩවෙසෙන්නේ? මේනයින් බලන කල ගිහියා භික්ෂුවට වඩා හොඳයි. මන්ද ඔවුන් භෞතික සම්පත් භුක්ති විඳින ගමන්ම නිවන කරාත් යොමුවෙනවා. (නි)
ඇමෙරිකාවට ගිහින් බොරු බණ කියන්න යන්න එපා. කියලා දෙන්න අහිංසක දරුවෙක් මවගෙන් වෙන් කරලා දම්වැල් වලින් ගහක බැඳලා ඉන්නකොට අම්මාටත් දරුවාටත් ඇතිවෙන දුක පිළිබඳව (නි)
ඔබවහන්සේ වැඩසිටින ඇමෙරිකාවේ ආරාමය අසළටත් අලිපැටවු ගෙනවිත් දමන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න හාමුදුරුවනේ. (නි)
අපි නම් අදාළ තැන්වලට දන්වලා තියෙන්නේ අවශ්‍ය සියල්ල. ලංකාවේ වගේ නෙමෙයි ඇමෙරිකාවේ නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක වෙනවා. අපි බලාගෙන ඉන්නේ මෙහෙට එනතුරු (නි)
ඔබවහන්සේ ගේ වැඩමකරවීම සසරබය දුරුකිරීම ට හේතු වේවා! (බ)
හාමුදුරුවරු මොකටද මෙහෙම විදේශගත වෙන්නේ (නි)
රට ගියාට කමක් නැහැ, දේශපාලනය ගැන නැතුව බුදු දහම ගැන කතා කරනවා නම් (නි)
ඔබවහන්සේ ඇමරිකාවට වඩින එක ගැන සතුටුයි. (නි)
ලංකාවේ නීතියක් තියෙනවා කියලා පෙන්නන්න ඔබ වහන්සේට වෙච්ච කරදරය හොඳ අවස්ථාවක්. ලංකාවේ හැමතැනකම නීතිය ක්‍රියාත්මක වෙනවා කියා ලෝකයට පෙන්වන්න අවශ්‍යයි. එහෙන් මෙහෙන් ඇවිල්ලා රට බෙදන්න, ජ්‍යාත්‍යන්තර උසාවි ඇතිකරන්න කියලා කියන කට්ටියට උත්තර දෙන්න පුළුවන්වේවායි පතමි. (නි)
හිරේ විලංගුවේ ඉන්නත් සිදුවුණ පුද්ගලයන් කොහොමද සමාජයට අවවාද අනුශාසනා ලබාදෙන්නේ කියන එක අපිට ගැටළුවක් (නි)
බුද්ධ පුත්‍රයෙකුට මේ දේවල් අවශ්‍යද? (නි)
මේක බුදුදහමටත් අපහාසයක් නේද? දේශපාලනය මොකටද හාමුදුරුවරුන්ට? (නි)
අනේ ස්වාමිනි, ඔබවහන්සේ මෙහාට වඩින්න. ඇවිල්ලා මෙහෙම නවතින්න. (නි)
අප්පේ, මේ අයට තියෙන රට සවාරි? (නි)
එතුමන් වහන්සේලා ඉන්නේ සමාජයට අවවාද අනුශාසනා කරන්නද? බුදු දහම ඉගැන්වීමට සහ තමන්ගේම නිර්වාණය අවබෝධ කර ගන්නද? අපි ඔක්කොම ඉන්නේ හිර ගෙදරක තමා. සමාජය විසින් හිරගෙයක් කියලා හදාගෙන තියෙනවා නම්, එතනට ගිහින් ආ පුද්ගලයාගෙනුත් දෙයක් ඉගෙනගන්න (නි)
අනේ හාමුදුරුවනේ, රට යන සල්ලි ටික අපේ දුප්පත් පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සේලාට ලබාදී ඔවුන් වැඩසිටින පන්සල් දියුණු කරන්න දායක වෙන්න (නි)