තමන් අලි පැටියෙක් සන්තකයේ තබා ගන්නේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, එබැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා උඩුවේ ධම්මාලෝක හිමියෝ අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
එලෙස අත්අඩංගුවට ගතහොත් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන හෙයින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක වන්දියක්ද ලබා දෙන්නැයි උඩුවේ ධම්මාලෝක හිමියෝ ඉල්ලා සිටිති.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමට නිගා නොකර සිවුර කටු අත්තක පටලවා උපැවිදි වී ගෙදර ගියානම් බුද්ධාගමට කරන විශාල යහපතක් (බ)
හාමුදුරුවෝ තෙවැනි සිල් පදේ කොහොම වෙතත් , හතරවෙනි සිල් පදේ නම් කඩනවා කියල පහුගිය දොහේ කියපු දේවල් වලින් තේරුණා .හාමුදුරුවනේ බණට කියනවා නේද බල්ලොත් එක්ක බුදිය ගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියල, එ්ත් අලියොත් එක්ක බුදියගත්තොත් මොකද වෙන්නේ කියල පෙත්සම් විභාගෙන් පස්සේ දෙසමු නේද , (බ)
අලියා අත්අඩංගුවට ගනු. (බ)
ඒ පාර මේකෙනුත් බිස්නස් එකක් කරන්නද සූදානම් වෙන්නේ? (නි)
සඟරුවන අලි සුරතල් කරනවා. ජනතාව ධර්මය නොදැන අපරාධවල පැටළෙනවා. අහෝ පින්බිමට ගිය කල! (නි)
මොකටද හාමුදුරුවනේ බයවෙන්නේ, ඔබවහන්සේ වරදක් කරලා නැත්නම්. පෙත්සනුත් ලියන්න ඕනෑද ඕකට? (නි)
හාමුදුරුවෝ මාධ්‍ය සාකච්ඡාවක් එහෙම තියලා අත්අඩංගුවට පත්වීමට බය නැති බවත්, වරදක් නොකළත් පෙර කර්මයක් නිසා හිරේ යන්න වෙන බවත් කිව්වා නේද? (නි)
වරදක් කළවිට නිදොස් බව ඔප්පු නොකර එහෙම වන්දි ඉල්ලන්න අපිටත් පුලුවන්ද? (නි)
හාමුදුරුවෝ මුලින්ම කිවුවේ මම හිරගෙදරට යන්න බය නැහැ, එහෙදි හම්බවෙන හිරබත දානයක් කියලා හිතාගෙන වළඳනවා කියලයි. නමුත් දැන් හාමුදුරුවො බයවෙලා. කෝටි ගණන් සල්ලිත් ඉල්ලනවා. අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ප්‍රාණ බයක්! (නි)
මේක පුදුම කතාවක්නේ. නීතියත් කඩලා, තව වන්දිත් ඉල්ලනවා. (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේම නේද දේශනා කළේ තමා අත්අඩංගුවට පත්වීමට සුදානම් කියලා. දැන් බැහැ වගේ කියලා හිතෙනවද? පස්සේ දේශනා කරයිද දන්නේ නැහැ සනීප නැහැ රෝහල් ගතවෙන්නත් ඕනෑ කියලා (නි)
පෙත්සමක්? (නි)
පසුගිය දිනවල මෙම හිමි නම කිවුවේ තමා වරදක් නොකළා මෙන්ම, රිමාන්ඩ් බාරයට යෑමට වුවද බියක් නොමැති බවය. මේ අලි පැටියා කවුදෝ හොරෙන් පන්සලට ගෙනවිත් කියාය. (නි)
ඉතින් වැරැද්දක් කළේ නැත්නම් මොකටද මේ වගේ ඉල්ලීම්? (නි)
මේක පුදුම රටක්නේ. එතකොට ඔය හිරගෙවල් තියෙන්නේ නැති බැරි අයට විතරද? (නි)
ඔය විදියට ඕනෑම වරදක් කරලා අත්අඩංගුවට ගන්න එපා කියලා අධිකරණයට යන්න පුලුවන්නම්, වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ කොහොමද? ඔබ වහන්සේ වන්දි ඉල්ලන්නේ බයකරන්නද? රටේ නීතිය කටත් එකයි හාමුදුරුවනේ (නි)
නිකම් බයක් ඇති කරගෙන පෙත්සම් ගහනවා. මගේ සීයා කියනවා රාජපක්ෂ පවුලේ අය වගේම, මේ හිමියනුත් "මුහුද හත් ගවුවක් තියාගෙන අමුඩ ගහනවා " කියලා. අනේ මන්දා (නි)
අනේ රුපියල් දෙකෝටිය දීලා අපේ මේ සිල්වත් හිමිනම නිදහස් කරන්න (නි)
අනේ සාධු සාධු!! (නි)
අලුත්ම ලෙඩේ. ඉස්සර රෝහල් ගතවෙනවා, දැන් මේ සෙල්ලම. අනේ අපේ ගමේ හොර පොල් කඩපු පේදිරිස්ට මේ නීතිය ගැන කවුරුත් කියලා දුන්නේ නැහැනේ. (නි)
අපෙන් රුපියල් 10 ගණනේ ආධාර ඉල්ලලා තිබුනේ මේකට වෙන්න ඇති නේද? (නි)
අපි මේවට මොනවා කියන්නද? (නි)
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක වන්දියක්? අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපිට දේශනා කළේ හතුරාටත් මෛත්‍රී කරන්න කියලනේ. (නි)
දුටු, නොදුටු, හිතවත්, අහිතවත් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! මට වන්දි ගෙවත්වා....! (නි)
එතකොට අලින්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන මොකද කියන්නේ? (නි)
මේක දැන් විලාසිතාවක් වෙලා වගෙයි (නි)
පණ බේරගන්න පන්සලට ආ අලි පැටියා බලාගත්තට හාමුදුරුවෝ හිරේ දාන එක වැරදියි නේන්නම් (නි)
බෞද්ධ භික්ෂුවක් විදියට සිවුරක් දරාගෙන කරන කියන දේවල් බුදු දහමට අගෞරව කිරීමක් නොවේද? (නි)
චීවරයට නිගරු කරනකොට ඔහොම වෙනවා. දැන්වත් මේවා නවත්වන්න. (නි)
උසාවියේදී ඇත්ත කියලා සමාව ඉල්ලුවා නම් නේද හොඳ? (නි)
ආනන්ද, සර්පයා දුටුවාද? (ර)
හාමුදුරුවෝ නෙමෙයි නේද අත්අඩංගුවට ගන්න ඕනෑ, පන්සල ළඟ මේ අලි පැටියා හළලා ගිය කෙනා නේද? (නි)
අනේ කවුරුන් විසින්දෝ පන්සලේ තනිකර ගිය අලි පැටියා වෙනුවෙන් අත්අඩංගුවට ගතහොත් සිරගෙදරින් දෙන දානේ වේල වළඳනවායි කී හාමුදුරුවෝ නේද දැන් අත්අඩංගුවට ගත්තොත් වන්දි ඉල්ලීමට සුදානම් වන්නේෙ? (නි)
හැබෑ නේන්නම්. අලි පැටියෙක් පන්සල ළඟ ගෙනත් දාලා මේ අහිංසක හාමුදුරුවන්ව අමාරුවේ දාලා, ඒ මදිවට අත්අඩංගුවට ගන්න හදනවා. (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..... (නි)
ඔය විදිහේ අතුරු නියෝග ඉල්ලුවේ එකම බෝට්ටුවේ කට්ටියම නේද? (නි)
අර රුපියල් දහය ගානේ නඩුවට පුජා කරන්න කියපු එක අහලා මාත් මේ කීයක්හරි දෙන්නයි හිටියේ. කෝටි දෙක හමාරක් ලැබුනාම මගේ රුපියල් දහය ආපහු දෙනවා නේද හාමුදුරුවනේ? (නි)
හොරු, කුඩුකාරයෝ, මිනීමරුවෝ ඔක්කොම මූලික අයිතිවාසිකම් නඩු දාලා අල්ලන්න ඉඩදෙන්න එපා කියලා උසාවි නොගිහින් ඉඳීවි (නි)
එහෙනම් කලින් කිවුවේ අත්අඩංගුවට ගන්න කියලා (නි)
"ආනන්දය , විසකුරු සර්පයෙක් " බිම වැටි තිබු මුදල් පසුම්බියක් දුටු බුදුන් වහන්සේ පැවසුහ. නුදුටුවේද, නොඇසුවේද මේ දහම් පදය. (ර)
මේ නම් හොඳ පුර්වාදර්ශයක් නෙමෙයි. මේ විදියට ගියොත් හැම අපරාධකාරයෙක්ම වැරදි කරලා මේ ක්‍රමය අනුගමනය කරාවි. (නි)
ඔය අලි පැටවා පන්සල් වත්තේ සිටිනවා දුටු ගමන්ම ඔබ වහන්සේට තිබුනේ පොලිසියට දැනුම් දෙන්නයි. හොර බඩු ළඟ තබාගැනීම නීතිවිරෝධියි. පිරිවෙනේදී උගන්වන්නේ අනුන්ගේ භාණ්ඩයක් හමුවුණොත් අයිතිකාරයා සොයා ආපසු බාරදෙන්න කියා නොවේද? බුදුදහමේ උගන්වන්නෙත් අන්සතු දේ නොගන්න කියා නේද? (නි)
බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මෙහෙම වුණාද අපේ හාමුදුරුවනේ? (නි)
දැන් මේක මෝස්තරයක් වෙලා. එතකොට අලි පැටියාගේ මුලික අයිතිවාසිකම් ගැන හාමුදුරුවෝ හිතුවේ නැද්ද දන්නේ නැහැ (නි)
මමත් හෙටම දානවා අතුරු නියෝගයක් ගිහින්, කවදාහරි මාව අත්අඩංගුවට ගැනීම් වලින් වළකින්න (නි)
මේකද අලුත් සෙල්ලම? වැරදි කරන්න පුළුවන්. නමුත් අත්අඩංගුවට ගන්න තමා හොඳ නැත්තේ (නි)
එතකොට වරදට දඬුවම කෝටි දෙකහමාරක් දෙන එකද? හාමුදුරුවෝ මේ මොනවද කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)