අනවසරයෙන් අලි පැටවකු ඇති කළැයි සැකපිට අද (9) අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමි මින් මද වේලාවකට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කියයි.
එතැන සිටි කැමරා ශිල්පීන් අමතා ඒ හිමියන් පැවසූයේ ‘ඔය ගහන්නේ හාමුදුරුවන්ට නෙමෙයි, ඔය ගහන්නේ බෞද්ධයන්ට‘ යනුවෙනි.
ඇත් පැටවා සම්බන්ධයෙන් ඇලන් මැතිණියාරාමයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ධම්මාලෝක හිමියන් කියා සිටියේ දායකයන් බල්ලන් බළලුන් හා වැඩිහිටියන් පන්සලට ගෙනත් දමන සිරිතට කවුදෝ අලි පැටියකුද ගෙනත් දමා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, තමන් කරපු වරදට අසරණ බෞද්ධයෝ ගාවගන්න එපා. පොලිසිය අත්අඩංගුවට ගත්තේ අහිංසක අලිපැටවූ අකාලයේ අලි අම්මලාගෙන් සොරකම් කරගෙන තමන්ගේ මානසික සුවය වෙනුවෙන් විලංගු දමා පන්සල් වත්තේ තියාගත් නිසයි (නි)
සහතික ඇත්ත ඔය කතාව හාමුදුරුවනේ! දවසක් උදේ පාන්දර කවුදෝ කෙනෙක් ඔය සතා සිලි සිලි බෑග් එකකින් පන්සල් වත්තේ පොල් ගහක් යට හළනවා දැකපු අය ඉන්නවානේ. (නි)
"හස්ති පෝතක ජාතකය" වගේ අළුත් මාතෘකාවක් යටතේ, අලුත්කඩේ සිට බණක් දෙසන්න හාමුදුරුවනේ. දැන් වෙන කරන්න දෙයක් නැහැ (නි)
පන්සල් වල හොරට අලි තියාගන්නේ මොකටද? (නි)
අනේ මන්දා හාමුදුරුවනේ! (නි)
ඔය ඇතාගේ වලිගෙ එල්ලුනාම දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා උපාසක අම්මලා හිතුවද දන්නෙ නැහැ අර පැරණි ජන කතාවක වගේ (නි)
වැරදි කරලා බොරුත් කියන හැටි , (කෞ)
පන්සලේ කොටියෙක් හැදුවා නම් මොකද. අපේ හාමුදුරුවෝ මොකද්ද මේ කරගත්තේ, අලි හදන්න ගිහින්? (නි)
නාලක ගාවත් අලි පැටියෙක් ඉන්නවා වගේ. (ර)
හාමුදුරුවන්ගේ කතාව නම් ඇත්ත. (නි)
මම නම් කියන්නේ ඔය ගහන්නේ හාමුදුරුවන්ට නොවෙයි, හාමුදුරු වේශයෙන් ඉන්න අයට (නි)
දැන් මේ ටිකට ආමුදුරුවරු කිදෙනක් හිරේ දැම්මද? අර මිනිස්සු පැහැරගත්, හප්පපු දේශපාලකයන්ට මේ කිසි දෙයක් නැහැ. මෙතන ඉන්න අයත් විකාර කතා කියලා ඇත්ත කතාව වහනවා. (නි)