සොරකම් කළ අලි පැටවකු ළඟ තබා ගැනීමෙන් රජයේ දේපළකට වංචා කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව නිතිපති අද (11) කොළඹ මහාධිකරණයේ නඩු පැවරිය.
ධම්මාලෝක හිමියන් කලකට පෙර පැවසුවේ කලකට පෙර මෙම අලි පැටවා පන්සලේ දමා ගොස් ඇති බවයි.
සොරකම් කළ අලි පැටවකු ළඟ තබා ගැනීමෙන් රජයේ දේපළකට වංචා කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව නිතිපති අද (11) කොළඹ මහාධිකරණයේ නඩු පැවරිය.
ධම්මාලෝක හිමියන් කලකට පෙර පැවසුවේ කලකට පෙර මෙම අලි පැටවා පන්සලේ දමා ගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියට සියල්ලන්ම යටත් නේද? (නි)
සිරිල් මහතා විසින් හාමුදුරුවනේ ඔයා යනුවෙන් අමතා ඇති අතර,කුමාර් (ගල්ෆ්) මහතා විසින් 'පන්සිල් රකින්නේ නැති පුජකයෝ යනුවෙන් සඳහන් කර ඇත...ඔය ඇත්තන්ට යහපතක්ම වේවා! (බ)
ස්වාමින් වහන්සේලා දැන් නඩුහබ වලට පැටළෙනවා වැඩියි (නි)
මාර වැඩක්නේ! දැන් අලි පැටව් දාන්න පන්සල් වලට එනවනේ? නීතිය කාටත් එක විදිහට තියෙන්න ඕනෑ. (නි)
පැමිණිලක් නැතුවම සොරාගත් අලි පැටියාගේ නාටකය නැවත දිග හැරෙන බවයි පෙනෙන්නේ (නි)
කල් ඇතුවම මේ අලි පැටියා වනජීවී එකට දීලා දැම්මා නම්, අඩුගණනේ පස්සෙවත් එහෙම කළා නම්, එහෙමත් නැත්නම් අලි පැටියා කවුද දාලා ගියා කියා නොකියා ඇත්ත කිව්වා නම් මේ කරදර මොකුත් වෙන්නේ නැහැනේ හාමුදුරුවනේ. (නි)
සමන්, චෝදනාව එන්නේ ඒ දෙකම නිසා නොවෙයි, නීතිය කැඩීම නිසයි (නි)
කැලේසිටි අතින්නට් පැටියා හදාගන්න බැරුව පන්සලේ දාලා යන්න ඇති. (අ)
අපේ දේශපාලඥයින්ට විල්පත්තුව පෙනෙන්නේ නැති හැටි. අනේ මෙහෙම රටක් (නි)
හාමුදුරුවන්ට අලියෙක් ඕනෑම නම් නිත්‍යානුකූලව ගන්න තිබුනා. (නි)
වැරදි බව ඔප්පු වුවහොත් උපරිම දඬුවම් දෙන්න (නි)
කවදා හෝ සත්‍ය හෙළි වේවි.! (ර)
ඕවා ඔහොම තමයි හාමුදුරුවනේ. ඉදිරියටම යන්න! (නි)
උන්නාන්සේ දැන් කියාවිද දන්නෙ නැහැ අලි පැටියා ගෙනවිත් දැමූ තැනැත්තා සොයා දඬුවම් දෙන්න කියලා. (නි)
සහරු පින්වන්ත චිවරය මුදල් සොයන්නට, බලය ලබන්නට නිල ඇඳුමක් බවට පත්කරගෙන හමාරයි දැන් (නි)
අලියා ලොකු නිසා හමුදුරුන්ට නඩු ඇත. තුවක්කු පොඩි නිසා කේපී ට සහ රායප්පු හිමිට නඩු නැත. සැමට සම ලෙස රටේ නිතිය ක්‍රියාත්මක වෙන හැටි (අ)
ඇගේ හිටපු මැක්කා ආයිත් වැඩ පටන් අරන් හාමුදුරුවනේ. (අ)
පන්සල ළඟට අලි පැටියා ගෙනත් දාපු මනුස්සයට විරුද්ධ ව එපා යැ,නඩු දාන්න.(ම)
අනික් පැමිණිලි වලට මේ වගේ ඉක්මනින් නඩු නොදාන්නේ මොකද හැබෑටම? යහපාලනය කියන්නෙත් තවත් ජනතා රැවටීමක්ද? (නි)
කොටිම කියනවනම් පන්සලක අලියෙක් හදාවඩා ගැනීම වරදක් නොවෙයි. කැලේ ඉන්න ඕනේ සතෙක් පන්සලක ඉන්නෙක වැරදිනම් පින්නවල අලි ඇතුන් තියා ගන්නේ ඇයි. (ර)
එහෙනම් එදාම පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ නැත්තේ හාමුදුරුවනේ (හේ)
මේ උත්සාහය පෙරහැර වලට ද, හීලෑ අලි ඇතුන් යොදා ගැන්ම සත්ව හිංසනයක් බව ප්‍රකාශ කිරීමට විය හැක. (ර)
ප්‍රතිචාර සමහරක් ඒවා බලනකොට හරි වේදනාවක් දැනුනා පොඩි අතපසුවකදී ඇයි ඔහෝම ගරහන්නේ. (ර)
හාමුදුරවෝ දන්නේ නැද්ද ලංකාවේ නීතිය (ම)
පන්සිල් රකින්නේ නැති පුජකයෝ. (ම)
මාරතුගොඩ උපරතන හිමියනි ඒ සිංහලයාගේ ස්වභාවයයි. එය වෙනස් කළ නොහැකිය. (බ)
මේ අලි පැටියාගේ නඩුවට පෙර රජයේ දේපල කෝටි, ප්‍රකෝටි ගණනින් වංචා කල අලි හොරුන්ට දඬුවම් දිය යුතුය. (ම)
හාමුදුරුවනේ ඔයා බුදු දහමට කරන සේවයද මේ කරන්නේ ශාසනය ආරක්ෂා කරනවා වෙනුවට මෙහෙමද වැඩ කරන්නේ (ම)
මට සැකයක් තියෙනවා සිංහල නම් මොකද මෙවැනි අදහස් (බ)
අනගාරික ධර්මපාල තුමා මේ රටින් ගියේ මිනියවත් මේ රටට ගෙන්න එපා කියල. හාමුදුරුවන්ට පොදු දේපල යටතේ නඩු දැම්මට කමක් නෑ අර මංතීරු කඩපු එවුන්ටත් දැම්මනම්. එක එක්එකෙනාට ක එක නීති. හොඳ යහපාලනේ. හාමුදුරුවන්ට විරුද්දව ප්‍රතිචාර දාපු යට ඒවා පේන්නැද්ද (බ)
උපරතන හිමියනි, මේ සම්බන්ධව ඇතැම් අය අදහස් ඉදිරිපත් කරන්නේ අගෞරවනිය විදියටයි. ඒ වේදනාව අපටද දැනෙනවා. (බ)
ලක්ෂ ගණන් හරක් මරණ රටේ අලි පැටියෙක් ළඟ තබා ගන්න එක වරදක්ද හමුරුවනේ.ඔබ වහන්සේ හිරේ ගියත් මටනම් හිතෙන්නේ වරද කරලා නැහැ. (ම)
කරුනාවන්තකමයි, රටේ නීතියයි කියන්නේ දෙකක්නේ. බලපත්‍ර සහිතව අලි ඇති කරන අය ඕනා තරම් ඉන්නවා. තමන් මොන තත්වෙක හා කුමන තරාතිරමක හිටියත් රටේ නීතියට ගරු කරන්න පුරුදු වෙන්න ඕනා. පක්ෂග්‍රාහී නොවී වැරැද්ද වැරද්දක් ලෙස පිලි ගන්න ඇයි අපේ රටේ මිනිස්සු මේ තරම් අකමැති? (අ)
එතකොට විල්පත්තුව සංහාරයට කාට වත් නඩු නැහැ නේද? (ර)
අලි සොරකම් ගැන කෙසේ වුණත් ඒ සතාට කන්න දෙන එක නඩත්තුව ගැන කව්රුත් කතා නොකිරීම ගැන කනගාටුයි. (ම)
මෙතනදී ප්‍රධානව සිතිය යුතු කරුන තමයි මේ චෝදනාව එන්නේ අලි ඇතුන්ට තියෙන ආදරේටද නැත්නම් පලිගැනීමටද කියන එක. (ර)
ඔබ වහන්සේට බුදු සරණ වේවා! (ර)
මේවා සියල්ලම පළි ගැනීම වෛරය සමාජය තුල වපුරනවා (බ)
පෙරහැර වල යන්න අලි නැතුවම බැරිද? අලින් නඩත්තු කරන්න මොනතරම් මුදල් වියදම් කරන්න ඕනෑද? මේ මහා මුදල් කන්දරාව නැති බැරි මිනිසුන් වෙනුවෙන් වියදම් කරන්න බැරිද? අහිංසක අලින්ට උන්ගේ පාඩුවේ කැලේට වෙලා ඉන්න දීලා රටේ මිනිසුන් දෙන දානයක් වළඳගන බණක් දහමක් දේශනා කරලා තමනුත් නිවන් මාර්ගයේ ගියා නම් ඉවරනේ. (නි)
සතුන් මරා කැලේ එලි කරන අයට නැහැ දඩුවම් සතෙක් කන්න දීලා බලා ගත් අයට දඩුවම් මාර රටක් මේක (ම)
හාමුදුරුවෝ අර වගේ කතාවක් නොකියා හිටියා නම් හොඳයි. (නි)
ඔය නඩුව අහන්න විනිසුරුවරයෙක් නොමිලයේම ලබාගන්නත් පුළුවන් . (ම)
අලි ඇතුන් විසිය යුත්තේ වනය තුළ මිස පන්සල්, දේවාල, සංඝයා, නිළමෙලා ළඟ නොවෙයි. මේ ක්‍රියාකාරකම් වලට අනුබල දී ඔවුන් ආරක්ෂා කළේ කවුද කියලත් අපි දන්නවා (නි)
තව හොඳ දේවල් ඉස්සරහට එළියට එයි. බල තණ්හාවට ගියාම, දේශපාලන බලය ගන්න ගියාම වෙනදේවල් ඔහොම තමයි. හොඳ හාමුදුරුනමක් වගේ ආගම ධර්මයට කටයුතු කරගෙන යහපත් ජීවිතයක් ගතකළා නම් අද කව්රුත් ගරුකරනවා (නි)
පැතුම් අලියෙකුටනම් කොළ අතු ගස් කපල හරි කන්න දෙන්න පුළුවන් . (ර)
විපුල මහත්තයෝ, ඕවා ගැන කතාකරන්න ගියොත් වැඩක් නැහැ මහත්තයෝ. ලැජ්ජාවේ පනයනවා (නි)
නීතිවිරෝධීව අලි ගෙවල් වල තියාගන්න බැහැ. මුලින්ම අලියා දීලා දැම්මා නම් ඉවරයිනේ (නි)
බුද්ද ධර්මෙන් තියෙන්නේ සතුන්ට කරුණාව දැක්වීම සියලු සත්වයාටම මෙතන එහෙම ආගමට විරුද්ද දෙයක් වෙලා නැහැ... (ර)
සතුන් දහස් ගනනකට ජීවත් වෙන්න තියෙන අක්කර දහස් ගනන් කැලෑ කපන අය නිදැල්ලේ... (ර)
ආගම ධර්මය වෙනුවෙන් හෝ කිසියම් යහපත් ක්‍රියාවක් වෙනුවෙන් හෝ පෙනීසිටින කිසිවෙකුට හිරිහැරයක් වේදනාවක් වීම අපටද මහත් වේදනාවකි. එහෙත් වැරදි දේශපාලකයන් වෙනුවෙන් බලඇණි රැස්කරන, ඒ වෙනුවෙන් අරමුදල් රැස්කරන, පන්සල දේශපාලන පක්ෂ කාර්යාල බවට පත්කර ඇති අයට අනුබලදීම වැනි බොහෝ දේවල් ඇතිවීම සමහර භික්ෂුන් වහන්සේලාගෙන් අපට දකින්නට ඇත. ජනතාවට පළමුව ආදර්ශමත් වියයුත්තේ කවුරුන්ද? මෙවැනි තත්ත්වයක් හමුවේ ඔබ වහන්සේලාට සිදුවන ගැරහිලි ගැන අපි මෙහෙවින්ම කණගාටු විය යුත්තෙමු. එසේ ගැරහීමට ලක්වීමට භික්ෂු සමාජයද වගකිව යුතුබව පවසන මගේ අදහසට කමාකළ මැනවි. (නි)
මේ අලි ජරමර අස්සේ රටත් ටිකෙන් ටික ආපස්සට යනවා (නි)
හාමුදුරුවෝ දන්නේ නැද්ද ලංකාවේ නීතිය කියලා සමහරු ඇහුවට, ඔය නීති එන්න කලින් පන්සල් වල අලි සිටියේ නැද්ද? (නි)
වරදක් කරලා තියෙනවනම් වරදේ ස්භාවය කුමක් උනත් තරාතිරම නොබලාම රටේ නීතියට අනුව දඬුවම් කල යුතුයි ? (ර)
කව්රු කලත් වරද වරදමයි. (ර)
හීලෑ අලි ඇතුන් පෙරහැර සහ ආගමික උත්සව වලට යොදා ගන්නේ වසර දහස් ගණනක කාලයක සිටයි. එය ඉන්දියාවේ ද සිදු වෙන්නක්. (ර)
නොසැළී සත්‍යයට මුහුණදෙන්න අපේ හාමුදුරුවනේ (නි)
තිස්ස, හාමුදුරුවන්ට නඩු දාල තියෙන්නේ ආගමට විරුද්ධ දෙයක් කලාට නෙමෙයි. රටේ නීතියට විරුද්ධ දෙයක් කලාටයි. මෙතන අදහස් දාල තියෙන කීප දෙනෙක්ම ඔය දෙක පටලවාගෙන බව පේනවා. (ර)
හතරවෙනි සිල් පදයේ තේරුම ගැන අද කාලේ අපේ සමහර හාමුදුරුවරු දන්නෙ නැහැ වගෙයි (නි)