බලපත්‍ර රහිතව හොර අලි පැටවකු තබා ගත්තැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
බලපත්‍ර රහිතව හොර අලි පැටවකු තබා ගත්තැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද නියෝග කළේය.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය නිසා පිරිසිදු බෞද්ධ ධර්මය නිගාවට පත්වීම ගැන දුකයි (නි)
මේ සිද්ධවෙන දේවල් වලට හදවතින්ම දුක්වෙනවා (නි)
කුෂාන්, අවුරුදු කීපයකට පෙර එංගලන්තේ අපේ ස්වාමින් වහන්සේ නමක් හිරේට යැව්වා මතකද?කවුරුවත් මොකුත් කිවුවාද? (නි)
සංඝයා වහන්සේලා මුදලාලි වැඩ කරන එක වැරදියි. නමුත් ඔවුන්ව හිර කරන්න පටන් ගත්තොත් මේ ආණ්ඩුව පෙරළෙන එක නියතයි (නි)
ඇයි දෙවියනේ මේවා මෙහෙම වෙන්නේ? (නි)
හාමුදුරුවෝ අපේ ශාසනයට නින්දා කළා (නි)
ඔබ වන්සේගේම ධර්ම දේශනයක කියලා තියනවා "කව්රු වරදක් කළා නම් වරද වරදමයි කියලා". ජීව විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුකුලව, අලි පැටියෙක් මවගෙන් හෝ ඔවුන්ගේ රැලෙන් වෙන්කරන්නේ නැහැ අවුරුදු 6ක් යනතුරු. ඔබවහන්සේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරලා තියෙන්නේ ස්වභාව ධර්මයට විරුද්ධ වරදක් . (නි)
අනේ දෙවියනේ අපේ හාමුදුරුවෝ! (නි)
අලි මරණ එකද හොඳ? නැත්නම් හදන එකද හොඳ? මෙතන මොකක්හරි රහසක් තියනවා. කොහොමටත් අපේ සංඝයා වහන්සේලා පස්සේ එළවන එකනම් එච්චර හොඳ දෙයක් නොවෙයි (නි)
දැන් හාමුදුරුවරු කී දෙනෙක් හිරේට ගියාද? (නි)
අපිට හරිම දුකයි (නි)
අලි හොරකම් කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
මෙය වටේ ඉන්න අයටත් හොඳ පාඩමක්. (නි)
අද අපේ රටේ සංඟයා වහන්සේලාට මහා අපල කාලයක් ඇවිත් තිඅන්නේ. (ර)
උඩුවේ හාමුදුරුවන්ට සිදුවුණ දේ ගැන දුකයි (නි)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් (නි)
නඩු අහලා වැරදි කාරයා බව ඔප්පු නොවී හිර කිරීම මේ නීති වෙනස් විය යුතුයි. (ර)
අනේ හාමුදුරුවනේ! (නි)
ඔබ වහන්සේ සුවපත් වේවා.! (ර)
මම අහන්නේ ඔය කුම්බලා මාළු මොනවටද කෑවේ. දන්නේ නැද්ද දුක විඳින්න වෙනවා කියලා. (නි)
මේ හාමුදුරුවෝ කියන දේවල් ඇහුවහම හිනාත් යනවා. බල්ලෝ බළල්ලු වගේ අලි පැටවුනුත් පන්සල් වල දමා යනවාද? (නි)
අනේ සමරසිංහ, උසාවි නියෝග වලට රනිල්ට බනින්නේ තවම උසාවිය පාලනය කරන්නේ පාලක පක්ෂය හරි අගමැති හරි කියලද? දේශපාලකයෝ නීතිය අතට ගත්තේ ඔයාගේ නායකයාගේ කාලයේ. දැන් දේශපාලකයෝ නීතිය පාලනය කරන්නේ නැහැ. කරුණාකරලා ඔය විදිහට රටට යන්න දෙන්න ටික කාලයක්. එතකොට වැරදි කරන එක අඩුවෙනවා (නි)
අලි පැටියෙක් හදා වඩා ගත්තට නියම දඩුවම.(හේ)
සමරසිංහ, මෝඩ කතා කියන්න එපා. ලංකාවේ මිනිසුන්ගෙන් 70% පමණ හොඳට කල්පනා කරලා බලලා තමයි ඡන්දය දෙන්නේ. ඊළඟට යු.එන්.පී අාණ්ඩුවක් එන්න ලෙහෙසි වෙන්නේ නැහැ. (නි)
හැම අතින්ම පිරිහීගිය රටෙි ජනතාව සුමඟට යැවිමට කටයුතු නොකර අලි සුරතල් කිරිම බුදුසසුනේ පිරිහීම සඝරුවනම මොනවට පැහැදිලි කරයි (නි)
මේ තැනට, මේ තත්වයට සියල්ල පත්කළේ කොළඹ ඉන්න බුද්ධාගම මෝස්තරයක් කරගත් නෝනලා. (නි)
අපේ රටේ නිතිය හරිම අසාධාරණයක් වෙනවා අපේ බෞද්ධ පුජ්‍ය පක්ෂයට. (හේ)
බුදු හාමුදුරුවන්ගේ කාලයේ නම් හාමුදුරුවරු අනුන්ගෙන් ලැබෙන දෙයක් කාලා හිටියේ. අපේ හාමුදුරුවරු අලින්ටත් කන්න දෙනවා. (නි)
ඔන්න බබෝ ඇතින්නියා.... අලි පැටියෙක් ගෙනෙන්නියා... පන්සල තුළ දමන්නියා.... හිමිට බයේ දුවන්නියා.... (නි)
ජනපතිතුමනි, දිගින් දිගටම අපේ මහා සඟරුවනට කරන හිරිහැර ඔබතුමා බලාඉන්නේ හිතකින්ද? මේ සිද්ධවේගෙන යන දෙයින් වෙන්නේ අපේ රටේ සඟරුවන අනාගතයේ අපිට අහිමිවීමයි. මේ බුද්ධ පුත්‍රයෝ අලි පැටවෙක් සඟවාගෙන උන්නායි කියන දෙය ඔයතරම් බරපතලද? ඇයි මේ කෙනෙහිලි? (නි)
ජර්මනියේ ප්‍රෑන්ක් දන්නා දෙයක් නැහැ. අපේ ආගම් රැකගන්න දැන් සටන් කරන්න වෙලා (නි)
හිරගෙදරට පාත්තරයත්, වටාපතත් ගෙනයන එකේ අරුත මොකද්ද? (නි)
පාත්තරෙත් අරන් යන්නෙ පිණ්ඩපාතික භික්ෂුවක් කියලා පෙන්නඩ වෙන්න ඇති. මේ හාමුදුරුවෝ පිණ්ඩපාතෙ වඩිනවා කවුරුවත් දැකලා තියෙනවද? (නි)
අවංකවම කනගාටුයි ජනපති තුමනි! කරුණාකර මේ දේවල් නවත්වන්න මැදිහත් වන්න. (කෞ)
විල්පත්තුවේ අලි මැරුවට කමක් නැත... ඒවා පෙනෙන්නේ නැත.... කවා පොවා අලි පැටියෙක් හදන තැත.... බුදුපුතු වුවත් හිර ගෙදරට යොමුකරත.... (නි)
ඔහොම යන්. මේ බුදුන්ගේ දේශයයි කියන අයට තේරෙයි පස්සෙවත්.(කෞ)
කලින් කිව්වා කවුද ගෙනවිත් දාලා කියලා. පස්සේ කිව්වා පෙරහරකට ගෙනල්ලා බැරිවුණා කියලා. දැන් වටාපතයි පාත්තරෙයි අරගෙන යන හැටි පෙනෙනවා නේද? (නි)
හාමුදුරුවන්ට අලි මොකටද? යන්නයි පළමුවෙනි ප්‍රශ්නය.(කෞ)
සාසනයේ අලුත්ම නිකාය :අලි නිකාය!`(කෞ)
තමන්ට අයිති වැඩ කරගෙන අයිති නැති වැඩ නොකර හිටියා නම් මේ අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙන්නේ නැහැනේ හිමියනි. මේවා අනෙක් හිමිවරුන්ටත් හොඳ පාඩම් ! (නි)
ධම්මාලෝක හිමියන් අතින් වරදක් සිදුවී ඇති බව මෝඩ මගේ හැඟීමයි. එයට දඬුවම් ලැබිය යුතුයි. (නි)
ජර්මනියේ ප්‍රෑන්ක්, ඔබ අද මෙහි සිදුවෙන දේ දන්නෙත් නැහැ. හරියට ඉතිහාසය දන්නෙත් නැහැ. ඔබ ඉන්නෙත් ජර්මනියෙනේ. මේ ළඟදි ලංකාවට ආ ජර්මනියේ සිටින මගේ සොහොයුරාත් ඔබේ ප්‍රශ්නයම මගෙන් ඇසුවා. (නි)
මේ හොර වැඩ කරන කිසිවෙකුට ලැජ්ජාවක් නැති නිසා නේ හිනා වේවි මේවට මුහුණ දෙන්නේ (කෞ)
ධනය, ලාභය, කීර්තිය පසුපස ගොස් ශාසනයට නිගාදෙන ඇතැම් භික්ෂුන් නිසා දුකටපත් අහිංසක පීඩිත ජනතාව වෙනුවෙන් කැපවෙන සිල්වත් භික්ෂුන් වහන්සේලාට සිදුවන්නේ මහත් අපහසුතාවයකි. ඇතැම් චීවරධාරීන්ගේ හැසිරීම් නිසා පොදුවේ භික්ෂුන් වහන්සේලාට සිදුවී ඇති අවමානය ඇත්තෙන්ම කණගාටුවට හේතුවකි. සමාජය ඉදිරියේ ඉතා සිල්වත්,ගුණවත් ලෙස පෙනී සිටියත් මොවුන්ගේ සැබෑ චරිතයන් ඉතා පිළිකුල්සහගතය (නි)
දැන් පෙන්නනවා අලි හුරතල්. (කෞ)
අනේ මේ මොකද මේ වෙන්නේ ?(කෞ)
පෙරහරකට ගෙනියන්න අලියෙක් හදාගන්න පන්සලකට අයිතියක් නැද්ද? ඔන්න අලියට සැළකුවේ නැත්නම් ප්‍රශ්නයක් (නි)
මේක් අප් පෙට්ටිය ගෙනිච්චද දන්නේ නෑ ?(කෞ)
කෝටියක් සංවර සීලයසමාදන් නොවුනත් අපි පන්සිල් පද රැකිය යුතු බැවින් කිසිත් නොකියා සිටිමු . "කම්මනා වසලොහොති - කම්මනා හොති" බ්‍රහ්මනෝ (කෞ)
මට දැනෙන්නේ මේක මහා සංඝයාට අපලදායක කාලයක්?(කෞ)
නියර කැඩිලා තියෙද්දී කක්කුටු වලවල් වහනවා වගේ වැඩක් තමයි මේක(කෞ)
බුදුහාමුදුරුවෝ කවදාවත් කියල නැහැනේ පන්සල් වල අලි පැටවූ ඇතිකරන්න කියල , නීතියට පටහැනි දේ කලානම් මොන හමුදුරුවට උනත් ඇතුලට යන්න වෙනවා (කෞ)
මහින්ද මහත්තයා කිව්වා වගේ දළදා මාළිගාවේ වැඩසිටිනා ජය සිරිමහා බෝධීන් වහන්සේගේ පිහිටයි! (නි)
හෙට්ටිආරච්චි, ලන්ඩන් වල ඉන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා මහණවෙලා ශාසනය රකින්නකෝ (නි)
කැලේ කපපු ඇමතියටත් එයාට බලතල දුන්න හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවත්, ඔය ඔක්කොම බලන් හිටපු ලොක්කවත් හිරේ අරින්නම ඕනෙ (අ)
ඔය අලි පැටිය කෙනෙක් පන්සල ළඟ දාල ගියා නොකිය ඇත්ත කිව්වා නම් මෙච්චර දුර දිග නොයන්නත් තිබුන කියලයි මං හිතන්නේ. බුදුන් වදාළේ භික්ෂුව පළමුව රටේ නීතියට අනුගත වෙන්න ඕන කියලයි මං අහල තියෙන්නේ. (බ)
නිදුක්වෙවා ! නිරෝගිවෙවා! සුවපත්වෙවා! (අ)
මට නම් දුක මේ වගේ අය නිසා පිරිසිඳු බෞද්ධ ධර්මය නිගාවට පත්වීමයි . මගේ අදහස නම් භික්ෂුන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි. කෝ ලංකාවේ වෙනත් ආගම්වල ප්‍රධානීන් දේශපාලනය කරනවද. ඒ ගොල්ලන්ට ප්‍රශ්න තියනවද. නැහැ. (බ)
ඔය කාටත් සිංහල බෞද්ධ අයිතිය මතක් වෙන්නේ බලය නැතිවූ දාට. නමුත් මෙහෙම ගියොත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, රුවන්වැලි චෛත්‍ය රාජයාත් රැක ගැනීමටත් සටන් කරන්න වෙනවා. ඒක තමයි අද සහජීවනයේ අනුහස. (නි)
බොහොම හොඳ වැඩක් (බ)
ඉතා හොඳයි (බ)
ඔබ වහන්සේට මේවාට මුහුණදීමට ශක්තිය ලැබේවා! (නි)
හරිම කණගාටු දායකයි. (බ)
මේවට විඳවන්න වෙනකොට පොලියත් එක්ක විඳවන්න වෙයි. ශබ වහන්සේට මේවට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා (කෞ)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් දඬුවම වින්දින්ද වෙනවමයි මොකද ධිට්ට ධම්ම වේදනීය කර්ම කාට වුනත් එකයි(කෞ)
හාමුදුරුවන්ට අලි පැටියා පෙනිලා තියෙන්නේ මී පැටියෙක් සයිස් එකට මගේ හිතේ (නි)
බුදුන්ගේ ධර්මය නොදැන මහා සංඝරත්නයට කරන මෙවන් ක්‍රියාවන් තුළින් තම තමන් සසර ගමනේ මහා අනතුරක බව ඔවුන් නොදැනීම කණගාටුවට කරුණකි. මේ උතුම් වූ සංඝරත්නයට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා...!!!!! සියලු දෙවි දේවතාවුන් වහන්සේලා රකිත්වා! (නි)
චීවරධාරීන් සිරගත කිරීම කාගේ හෝ කොන්තරත්තුවක් විය හැකියි. කවදාවත් වුන වැඩද මේවා? බෞද්ද සාසනය විනාශ කරන්න පහලවුන නායක කණ්ඩායමක්. රටට මහලොකු විනාසයක් ඇත ලඟයි. ඔබවහන්සේ හිත ශක්තිමත් කරගන්න. බුදු දහම බොරු නෙවේ. ඔවුන්ට නිසි ප්‍රතිචාර ලැබේවි.(කෞ)
දැන් මේ රටේ සිද්ධ වෙන ලොකුම හිංසනය තමයි , පන්සල්වල ඉන්න අලි ඇත්තු ටික . තවමත් දිනපතා මේ රටේ , මසට හරක් ඌරෝ මරන්නේ , අන්තිම ම්ලේච්ඡ තිරිසන් විදියට .ඒවා නැති කරන්න කිසිම වැඩපිළිවෙලක් පේන මානෙකවත් නැහැ . යුද්දේ නැති වෙච්ච් නිසා ජීවත් වෙන්න විදියක් නැති සංවිධාන ටිකක් මේ අලි ඇත්තු ටික දෙනා අල්ලගෙන උත්සහ කරන්නේ , සියවස් ගණනක් තිබ්බ , අපේ සිංහල සංස්කෘතික , අංග විනාශ කරන්න (බ)
විල්පත්තුව විනාශ කරපු ඇමතිවරයා අදටත් වැජබෙනවා කෝ...එතුමාට ඔය නීතිය අදාළ නැද්ද...අනේ මේ නොදන්නා කමට අහන්නේ.(කෞ)
හාමුදුරුවෝ වරදක් කලානම් නීතිය ක්‍රියාත්මක වේනම් රිෂාඩ් බද්වුද්දීන් ඇමති තුමාටත් එය අදාළ විය යුතුමයි.කමක් නැ.මේක යහපාලනේ නේ.(කෞ)
රටේ නීතිය හදන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පදවියක් දැරූ උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ වන සත්ව නීතිය පිළබඳව නොදැන සිටීමත් ප්‍රශ්නයක්? (ර)
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන අපි දුක්වෙනවා ! අර අලිපැටියා තමන්ගේ අම්මගෙන් වෙන්වෙලා මවුකිරි වෙනුවට ටින්කිරි බීලා අතපය කකියන්කොට දුවන්න බැරිව මන්දකට අහුවෙලා ඉන්නකොට දුක්වින්දා වගේ තමයි ටිකක් ආණ්ඩුවේ බෝඩිමේ ඉන්නකොට. (කෞ)
කෙනෙක් මහණ වෙන්නේ තිබෙන සියලු දේ අතහැර, කෙළෙස් දුරුකරලා, නිවන් මඟ යන්නයි. එ් දේවල් ටික කාලෙකින් අමතක කරලා, තණ්හාව මතුවෙලා මෙවැනි දේවල් වලට පෙළඹෙනවා. ඊටපස්සේ පන්සිල් පදත් කඩලා පව් පුරවා ගන්නවා. (නි)
පහත තැනින් යයි ගලා ජලේ...දැන් රජයේ ආශිවාදය නැහැනේ.(කෞ)
හමුදුරුවරුන්ව රිමාන්ඩ් කරන කට්ටියට ජෝෂප්ලව පෙන්නේ නැද්ද ?(කෞ)
සමහරු බෞද්ධාගම අාදායම් මාර්ගයක් කරගෙන සුඛෝපභෝගී දිවිපෙවෙතක් හදාගෙන. හැම බෞද්ධයෙක්ම මේ ක්‍රියාකලාපය හෙළාදැකිය යුතුයි. (නි)
ආගම වලට නින්දා කිරීම නිසා ඔවුන්ට ළඟදීම එහි ආනිසංස ලැබේවි. මේ මාතෘ භුමියට අත තැබීමෙන් වලකින්න. (ම)
කරුණාකර ස්වාමීන්වහන්සේලාවවත් සැකපිට රිමාන්ඩ් කිරීමෙන් වලකින්න.. පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු සැබැවින්ම වැරදිකරුවෙකු වේනම් පමණක් අත් අඩංගුවට ගත්තාට කම් නැත.. (බ)
වැරදි කළා නම් දඬුවම් ලබන්න ඕනෑ. (නි)
ඇයි අනේ අර මෝටර් සයිකලය හැප්පුවා කියල ඇසින්දුටු සාක්ෂි තියෙන මහත්තයා අත් අඩංගුවට අරගෙන පරීක්ෂණ ඉවරවෙනකම් රක්ෂිතබන්දනාගාරගත කරන්නේ නැද්ද ? අර ළමයට ගොඩක් අමාරුයි නේද ?එහෙම වෙලාවට සාමාන්‍යෙයන් රියදුරුට ඇප දෙන්න කල් යනවනේද ?අනික අලි පටියෙක්ට වඩා මිනිහෙක් නිතිය ඉදිරියේදී වටිනවා නේද ?මේ දන්නේ නැතිකමට අහන්නේ (කෞ)
අලියෙක් කියන එකා හොරකම් කරගෙන හංගාගෙන හදන්න බැහැ. දෙනෝදාහක් එන පන්සලක මේ අලි පැටියාට කන්න බොන්න දීලා රැක බලා ගත්ත එක වරදක් විදියට මම දකින්නෙ නැහැ. ඒක පිං සිද්ධවෙන වැඩක්. මෙතෙන අලියා මරාදමලා නැහැ. හරක්, එලුවො, ඌරො බලපත් නැතුව මරලා ප්‍රධාන ටවුන් වල විකුණනවා. ඒ සත්ව ජීවිත අහිමි කරන අය ලස්සනට ඉන්නවා. සතෙක් හදාවඩා ගත් හිමිනමක් හිරේට යවනවා. අනේ මේකද මේ යහපාලනේ. සිවුරට ගරුකරන්න ඕනෑ අපි හැමෝම. (නි)
අලි පැටව් බලු පැටව් සේ සැළකූ අයත් රිමාන්ඩ් එහෙනම්..! පිඬුසිඟා වඩිනවා සේ ‘හිරබත් සිඟා‘ යයි..! (නි)
රාජපක්ෂ අවනීතික යුගයේදී කැලේ සිටින අලි පැටවුන් අල්ලා ගෙනැවිත් තම මහේශාක්‍යකම පෙන්වීම සඳහා ලියාපදිංචියකින් තොරව ඇතිදැඩි කිරීම මෝස්තරයක් වූ අතර එලෙස හොර අලි පැටවුන් තබාගත් අය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබයි (නි)
බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ බුද්ධ නීතියට ඉහලින් රජ නීතිය පවතින බවයි. භික්ෂුන් වහන්සේලා එම නීතියට යත් විය යුතු බැවයි. මෙය සමස්ත භික්ෂු සාසනයටම ආදර්ශයක් වේවි. (බ)
මේ හාමුදුරුවරු මතු සසරේ කොහේ යන්නද මන්දා? (නි)
සමහර අය මේ වෙන දේවල් දැකලා සතුටු වෙනවා ඇති නේද? (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මෙන්න මේවට තමයි. (නි)
සඟරුවනට හිරිහැර කරන්න එපා කියලා ඉල්ලනවා (නි)
දැන් ලංකාවේ සිද්ධවෙන ලොකු වැරදි මේවද දන්නේ නැහැ. මොනවා වුණත් ශාසනේට වැඩකරන හාමුදුරුවරු මෙහෙම හිරකරන එක ඉක්මනටම නතර කරන්න වෙයි. (නි)
රටේ දැවෙන ප්‍රශ්න මේවද?(කෞ)
අනේ හාමුදුරුවනේ, ඔය විදිහට තව ටික දවසකින් පන්සල ළඟ කවුරුහරි කෙනෙක් ඇමේසන් වනාන්තරයෙන් ගෙනා සිංහයෙක්වත් දාලා යන්න බැරි නැහැ. ටිකක් විමසිල්ලෙන් ඉන්න (නි)
හාමුදුරුවෝ පත්තරෙත් අරගෙන හිරේට යනවා ......(කෞ)
පන්සලේ දාල ගියපු අලි පැටියා කෝ අපේ හාමුදුරුවනේ ....(කෞ)
රනිල් මහත්තය කියන අනාවැකි හරියටම හරි. ඊලඟට එන්නෙ යු.එන්.පී අාණ්ඩුවක්, මුලින්ම සිරිසේන මහත්මයා යොදාගෙන ශ්‍රීලනිපය දෙකඩකළා. දැන් එතුමාව ජනතාව අතරේ පිරිහෙන විදියේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.සඟ,වෙද,ගොවි, සහ මාධ්‍ය කියන බලවෙිග කුපිත කරන ක්‍රියාවන් දිගමට සිදුවෙනව.අපි පිහිටවපු යහපාලන අාණ්ඩුවෙි සිරිසේන මහත්තයත් දෙශපාලන ඉත්තෙක් විතරයිද?(කෞ)
රවී, ලංකාව කියන රටෙනම් තාමත් හැමදේටම ඉහළින් තියෙන්නෙ දේශපාලනය තමයි. මේ අලි පැටියයි, හාමුදුරුවොයි, ඔබතුමයි, මමයි, මේ දේශපාලන නරාවලේ කරවටක් ගිලිලා ඉන්දැද්දි පාට පාට දේදුන්නක් පෙන්නලා අපිට කියනවා මේ සැරේ වෙනසකටත් එක්ක අපේ පාට තෝර ගන්න කියලා. අපිත් හරි ෂෝක් කියනවා. (නි)
ඔය අල්ලාගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. මුන්නනාන්සේ කෙලෙසුන් ප්‍රහින කරලා අසාවන් අත් හැරලා මාර්ග පල ලබලා ඉන්නේ. (හේ)
උඩුවේ බලන්ඩ ඇවිත් ඉන්න කට්ටිය දැක්කාම පාළුවක් දැනෙන එකක් නෑ (කෞ)
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉතා දැඩි මතදාරී කතෝල්ක ව්නුසුරු තුමෙක් බව නොරහසක් (කෞ)
මාර වැඩේ තමයි.(හේ)
යහපාලනෙට වැඩි ආයුෂ නේ වගේ පෙන්නේ. හාමුදුරුවන්ට පහර දෙන්නේ අනික් ජාතින්ව සන්තෝස කරන්ට (බ)
පන්සලේ ඉන්න හාමුදුරුවෝ ටිකදෙන බොහොම අමාරුවෙන් අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න මහන්සිවෙනවා. පෙරහැර කරවනවා මේවට ඉස්සර රජවරු උදවූකරනවා. (ර)
අනේ අපේ ශාසනයට යන කල! (නි)
හරිම දුකක් දැනෙන්නේ (නි)
යමකු රිමාන්ඩ් කරන්නේ පරීක්ෂණ වලට බලපෑම් කළ හැකියි නිසා. මේ හාමුදුරුවෝ මෙම සිද්ධිය මෙයට මාස ගණනාවකට කලින් දන්නා වග මාධ්‍ය වල ගියා. (නි)
මෙය නීතියට කරන අගරු කිරීමක්. හොර අලි ළඟ තබාගන්න එපා කියල නීතියෙන් තහංචි දමා තිබියදීත් මේවා කරගෙන යන එකනේ පුදුමේ.අනේ අපේ බුදුසසුනට වෙන්න යන විපතක්. (බ)
අලි පැටවු බල්ලෝ බළල්ලු වගේ පාරේ එහෙ මෙහෙ යන හින්දා අපේ වත්තටත් ආවොත් එකෙක්ව අල්ලගන්න ඕනෑ. (නි)
පරිසරයට විනකටින ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් මේ නීතියම අදාළ වේවිද (බ)
අපි කළ යුත්තේ ධර්ම විනයත්, ධර්මයත් අනුගමනය කිරීම පමණි .හේතුපල ධර්මය කිසිවකුට වෙනස් කළ නොහැක. (බ)
මට ලොකු සතුටක් තිබෙනවා මේ අලි පැටවු හොරකම් කරපු අය අත්අඩංගුවට ගැනීම ගැන. කණගාටුවක් තියෙනවා වැරදි කරපු හාමුදුරුවරු පමණක් හොය හොයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ගැනත්. වැරදි කරන කුඩුකාරයෝ මිනීමරුවෝ නිදැල්ලේ. බෞද්ධ සංස්කෘතියට සිංහලයාගේ හදවතට පහරදීම වැඩිකරලාදෝ කියලා හිතෙනවා. (නි)
කුඩු එතනෝල් ළඟ තියාගෙනද? නැහැ... කැලේ එළිකරලද? නැහැ... සත්ව කරුණාව නිසා නේද අපේ හාමුදුරුවනේ..? අලි පැටියාට කතා කරන්න පුළුවන් නම් කියාවි. (නි)
බලන් ඉන්න අයගේ සිත් සතුටු කරන්න පෙරහැරවල යන අලින් මොනතරම් දුකක් විදිනවද. ඒක නොතේරුණ එකයි පුදුමේ. කොළඹ පන්සල්වල අලින් නඩත්තු කරනවා. ඒ සදහා දානපතියො උදව් කරනවා. ගම්වල පංසල් වැහීගෙන යනවා. බොන්න වතුර නෑ. යන්න පාරක් නෑ. දාන වේලක් දෙන්න ගමේ මිනිස්සුන්ට වත්කමක් නෑ. (ර)
උඩුවේ හිමිට සිදුවූ දේ ගැන කණගාටුයි (නි)
කුෂාන්, බුදු දහම බොරු නෙමෙයි (නි)
කැලෑ කපලා වන සතුන් ඉන්න තැන් විනාශකරන අය අද රජ සැප විඳිනවා. කන්න බොන්න දිලා පණ වගේ අලිපැටියා ආදරෙන් බලාගත්තාට දඬුවම මේකද? විල්පත්තුව විනාශ කරලා සතුන්ට ඉන්න තැන නැතිකළ අයට දඬුවම් නැද්ද? (නි)
රෝහිත ලංකාවෙ ජන්ද දායකයෝ බුද්ධිමත් නිසා ද ජන්දේ කාලෙට මරාගන්නේ.(ම)
කට්ටිය කුකුළෝ ඇතිකරන එකත් නවත්වන්න වෙයි. (නි)
මේ වගේ දේවල් නෙමෙයි, තව ඉස්සරහට හුස්ම ගන්න අමතකවෙන දේවල් වෙයි. (නි)
අලියා විතරක් අල්ලාගෙන ගිහින් වැඩක් නෑ . අලියා බලාගන්න කෙක්කත් ගිහින් දෙන්න ඕන.(හේ)
දැන් අපි මොකද කරන්නේ? (නි)
කරන කලට පව් මිහිරිය මීසේ. විඳින කලට දුක් වැඩිවෙයි ගිනිසේ (නි)