උඩුනුවර ජනතාව පසුගිය මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 20000 ක් දෙද්දි තමා හට මනාප 10000 ක් ලැබී තිබුන බවත් ලැජ්ජා බය තියෙන කෙනෙක් හැටියට තව දුරටත් උඩුනුවර සංවිධායක ලෙස සිටිමේ අවශ්‍ය තාවයක් නැති බවත් හේවාහැට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් වු සමාජ සවිබල ගැන්වීමේ හා සුභ සාධන ඇමති එස් බි දිසානායක පවසයි.
“මම හගුරන්කෙතින් ඡන්දය ඉල්ලන කාලෙ සියයට සියයක් පක්ෂයට ඡන්ද දුන්නොත් හැමවිටම සියයට අනුනවයයි දසම අනුනවයක්ම මා හට ඡන්ද ලැබුණා. උඩුනුවට මෙතරම් ප්‍රමාණයක් වැඩ කරලත් ඡන්දයක් නොලබුනා”
යැයි ද අමාත්‍ය වරයා පැවසීය.
“උඩුනුවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හැටියට උඩුනුවර දියුණුවට විශාල සේවයක් කලා කිසිදු ජාති බේදයක් මා තුල තිබ්බෙ නැ මාර්ග, පාසල්, සියලු ආගම් වල දහම් පාසල්, රඡයේ ස්ථාන වලට අවශ්‍ය උපකරණ, දිළිඳු මිනිසුන්ගෙ ආර්ථික ශක්තිය නංවන වැඩ, විශාල රැකි රක්ෂා ප්‍රමාණයක්ද ලබා දුන්නා. කිසි විටක දේශපාලනය මුල් කරගෙන වැඩ කලේ නැහැ. උඩුනුවර සියලු ඡනතාව මගේ කියල හැගීමෙන් තමා කටයුතු කලේ ඒ සේවයම මම හේවාහැට ආසනයටත් පුලුවන් උපරිමයෙන් කරනවා”
යැයි නව හේවාහැට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක එස් බි දිසානායක මහතා පැවැසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඟුරන්කෙත මිනිස්සුන්ගෙයි උඩුනුවර මිනිස්සුන්ගෙයි වෙනස පෙනෙනවා නේද?උඩුනුවර මිනිස්සුන්ට මොලේ තියෙනවා.(කෞ)
ඔන්න උඩරට ජනතාවට කාලය එනවා මේ වගේ අය අයින් කරන්න අවස්තාව. මෙහෙම දහ දාහකුත් ඉඳල තියනවා? (කෞ)
සියයට සියයක් පක්ෂයට ඡන්ද දුන්නොත් හැමවිටම සියයට අනුනවයයි දසම අනුනවයක්ම මා හට ඡන්ද ලැබුණා නොලැබුණේ මගේ ඡන්දය පමණයි. ඔන්න මම ඉතිරි ඡන්දය හොයල දුන්න. දැන් හරි නේද? (කෞ)
උඩුනුවර හිටියේ බත් කන සිංහලයෝ. එත් 10000 තණ කොළ කන අය ඉන්නවාද? (කෞ)
දැන් තේරෙනවා නේද ජනතා කැමැත්ත? (නි)
2015 අගෝස්තුවේ එජාපයෙන් ආ මල්ලියි සන්ධානෙන් ආ පුත්‍රයායි දෙන්නම පරාද වුණේ ඇයි? එස් .බී. කාලය ඉවරයි. සාදය හමාරයි (නි)
"කිසි විටක දේශපාලනය මුල්කරගෙන වැඩ කළේ නැහැ" හැබැයි "උඩුනුවරට මෙතරම් ප්‍රමාණයක් වැඩ කරලත් ඡන්දයක් නොලැබුනා" මේවා කටින්ද කියන්නේ? එහෙනම් ඇයි කලබල වෙන්නේ? තව ටිකක් වැඩ කරන්න. (නි)
මුල් වර ජනතාව ඡන්දය දෙනවා අලුත් කෙනෙක් නිසා බලාපොරොත්තු තියාගෙන. දෙවනවර සිට ජනතාව ඡන්දය දෙන්නේ ඉටුකළ සේවය අනුවයි. මුදල් වියදම් කලයුත්තේ ජනතාවට සේවයක් වන ව්‍යාපෘතිවලට පමණයි. (ර)
හඟුරන්කෙතින් උඩුනුවරට. නැවත හේවාහැටට. උඩුනුවරට ඔබතුමා කළ වැඩ ජනතාවට දැනිලා නැහැනේ. හොඳට හොයලා බලන්න ඇයි කියලා. වියදම් කළ මුදල් ගෝලයින්ගේ සාක්කු වලද කියලා. දේශපාලනය කියන්නේ ජනතාවගේ හෘද සාක්කියට කතා කිරීම. (නි)
ඔහුගේ වචන වලින්ම ඔහුව විග්‍රහ කිරීම පිළිබඳව මාගේ ප්‍රණාමය සුමනපාලට. (නි)
මෙතුමා හොඳ දේශපාලකයෙක් (නි)
මම උඩුනුවර. අපි ඔබතුමාට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ (නි)
ලැජ්ජා බය තිබෙන කෙනෙක් (නි)
මෙතුමා ඉදිරි මැතිවරණයෙන් පසු, මේ වගේ හේවාහැටට ජනතාවටත් දොස් කියාවි. මේක හේවාහැටට ජනතාවටත් පාඩමක්. (ර)
උඩුනුවර ජනතාවට මගේ උපහාරය! තව තවත් නිවැරදි තීරණ ගන්න හැකියාව ලැබේවා (ම)
පාරට ලියිට් දැම්මේ මන් , පාරට තාර දැම්මේ මන්,... (ර)
මෙයාට ලැජ්ජා බය කියලා එකක් තියෙනවද?(හේ)
අනේ අපටනම් දැනෙන්න මොකුත් කරේ නෑ (හේ)
රටවෙනුවෙන් කළ මෙහෙවරට උඩුනුවර ජනතාවට ජාතියේ ප්‍රණාමය. (බ)
මේ පාර ඡන්ද 10 ක් වත් ලැබෙන්නේ නැහැ. (බ)
කවුද දන්නේ නෑ වැඩ කළේ.(හේ)
උඩුනුවර හිටියේ බත් කන සිංහලයෝ .හේවාහැටත් එහෙම වෙයි කියල හිතනවා (බ)
අප්පෝ ඔව් අපිනේ දන්නේ.(හේ)
මෙයා හගුරන්කෙත ඡන්දේ කලේ කොහොමද කියලා රටම නෙවෙයි ලෝකෙම දන්නවා.(හේ)
මම මෙච්චර කළා, අච්චර කළා කියල තමන්ම කියා ගත්තට වැඩක් නෑ ඇමතිතුමා. ජනතාව තමයි තීරණය කරන්නේ වැඩ කළාද නැද්ද කියල. (බ)
මෙයාට මේ පාර වැඩේ වෙනවා අනිවාර්යයි (බ)
ඒ කාලේ හොර ඡන්දනේ දාගත්තේ (බ)
ඇමතිතුමා කියන කතා ඇත්ත. මහජනතාව එම ප්‍රදේශයේ ඡන්ද කාලයේ කියපු කතාව මට හරියට මතක තියනවා. ජීවිතේටවත් මෙය ඇමතිට අපි ඡන්දය දෙන්නේ නැහැ. (ර)
මමත් උඩුනුවර කෙනෙක් තමයි. උඩුනුවරට ඔබ තුමා කලේ මොනවා ද? (ර)
මරු කතාව. (ර)
මෙතුමා වැඩ කරපු කෙනෙක් නිසා ඔය පොල්ගහන වෙලාවක ගෙඩි දෙක-තුනක් මෙතුමා වෙනුවෙනුත් ගහන්න කියල මම සෑමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි. (අ)
ගිය පාරත් පරාදයි. ඉතින් ලංකාවේ ඉන්නේ දේශපාලන බලලෝභයො තමයි.. අපිට රටක් නෑ. මම ලඟදි ගමෙන් අාව. මෙහෙ ඉන්නවා. (අ)
කොපමණ වැඩ කලත් වැඩක් වෙන්නේ නෑ එක පාරක් කට ඇරියම මිනිසුන්ට එපා වෙනවා. (අ)
පසුගිය අවුරුදු 20 ක් අබමල් රේනුවක සංවර්ධනයක් නොවුන හේවාහැට දියුණු කරන්න ලොකු අවස්ථාවක්. හරියට කරොත් ගොඩ නැත්නම් උඩුනුවර දේම තමා. (ර)
අරක කළා මේක කළා මොනවා කළා කිව්වත් මානසික රෝහලක් මේ පැත්තට නැහැනේ (නි)
උඩුනුවර ජනතාවට මගේ උපහාරය! (නි)
මිනිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බංකොලොත් දේශපාලකයින් බුරුතු පිටින් පාර්ලිමේන්තු ගෙනෙන යහපාලන සම්ප්‍රදායට අපගේ උත්තමාචාරය! (නි)
ලැජ්ජා බය මෙයාගෙ තියෙනවද දන්නේ නැහැ (කෞ)
අමා හරි. කන්ද උඩරට බත් කන සියලු ජාතීන් කල්පනා කර බලා කෑම බෙදනු ඇත. (කෞ)
උඩුනුවර හිටියේ නියම ශ්‍රී ලංකා කාරයෝ උන් දැනගෙන හිටිය වාසි පැත්තට පනින හින්ද චන්දය නොදී ඉන්න හේවාහැට අයටත් මතක තියාගත යුතු සත්‍ය එයයි (කෞ)
අර ඒදවස්වල මහා ජාතික ප්‍රශෟනයක් වගේ පෙන්නපු සමෘධි මාලිගාවට මොකද කරන්නේ (කෞ)
කවදා හරි යටිනුවරෙන් ඡන්දේ ලැබේවි. (හේ)
අයියෝ එස් බී මහත්තයෝ.(හේ)