උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ තිදෙනා උඩුගම වැඩ බලන මහේස්ත්‍රාත් හමුට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පොලිස් මූල්‍ය විමර්ෂණ කොට්ඨාශයට විරුද්ධව සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් හොරකම් කළේ පොල් ගහන්නමද කියලා කොහොමද දන්නේ? (නි)
දැන් පොල් ගිනි ගණන් නිසා හොරකම් කරන්න ඇති (නි)
ඔසී කියන්නා වගේ පොල් ගණන් නිසා හොරකම් කළාද දන්නේ නැහැ, අහුවුණ නිසා පොල් ගැහිල්ලට මාට්ටු කරාට. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට හොඳයි මේක තමන්ගේ වැඩක් නෙවෙයි නම් ඒ ගැන රටට දැනුම් දෙන්න. නැත්නම් නම කැත වීමක් පමණයි වෙන්නේ නිකම් හිටියොත්. (බ)
පැමිණිල්ල කළ එකා අංජනම් එළියක් බලලද පොල් ගහන්න මේ පොල් කැඩුවා කියන්නේ. (හේ)
හොරු රකින්න හොරකම් කරන කාලකන්නි.(හේ)
පොල් ගහන අයවත් අත් අඩංගුවට ගැනීමට පනතක් සම්මත කරගනිමු (හේ)
හොර පොල් වලින් පොල් ගහන්න තරම් ඒකාබද්ධ විපක්ෂය බංකොලොත් වෙලාද?(හේ)
බුද්ධාගම ගැන නිතර කතා කරන අඬ වැලෙපෙන ඒකාබද්ධ විපක්ෂය මොකද මේ පොල් විතරක් කන දෙයියෙක් කරගහ ගත්තේ (බ)
සැබෑවටම දෙවියන් කියා කොටසක් සිටිනම් පළමුව දෙවියන් දඬුවම් කරන්නේ , මේ දේවාලයේ පොල් ගැසිමට ගිය අයටය , මක් නිසාද ඔවුන් සොරුන් වංචා කරුවන් මැරයන් වන නිසාය , ජනතාව රවටන නිසාය , දෙවියන් සිටීද කියා මෙයින් බලා ගත හැකිය (බ)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි. බලය තිබෙනකොට (මෙච්චර කල්) කරපුවා නවත්වාගන්න බැහැ. (නි)