උඩුගම නාගොඩ රජයේ වත්තකින් හොරෙන් පොල් කඩා පොලිස් අත්අඩංගුවට පත් වූ තිදෙනා උඩුගම වැඩ බලන මහේස්ත්‍රාත් හමුට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කළේය.
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ පොලිස් මූල්‍ය විමර්ෂණ කොට්ඨාශයට විරුද්ධව සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩුගම පොල් හොරුන්ට ඇප
රෝහණ Sunday, 07 February 2016 01:36 AM
පොල් හොරකම් කළේ පොල් ගහන්නමද කියලා කොහොමද දන්නේ? (නි)
ඔසී Sunday, 07 February 2016 02:17 AM
දැන් පොල් ගිනි ගණන් නිසා හොරකම් කරන්න ඇති (නි)
ජයන්ති Sunday, 07 February 2016 03:14 AM
ඔසී කියන්නා වගේ පොල් ගණන් නිසා හොරකම් කළාද දන්නේ නැහැ, අහුවුණ නිසා පොල් ගැහිල්ලට මාට්ටු කරාට. හැබැයි ඒකාබද්ධ විපක්ෂයට හොඳයි මේක තමන්ගේ වැඩක් නෙවෙයි නම් ඒ ගැන රටට දැනුම් දෙන්න. නැත්නම් නම කැත වීමක් පමණයි වෙන්නේ නිකම් හිටියොත්. (බ)
දහම් Saturday, 06 February 2016 12:32 PM
පැමිණිල්ල කළ එකා අංජනම් එළියක් බලලද පොල් ගහන්න මේ පොල් කැඩුවා කියන්නේ. (හේ)
රංජිත් Saturday, 06 February 2016 01:35 PM
හොරු රකින්න හොරකම් කරන කාලකන්නි.(හේ)
වසන්ජය Saturday, 06 February 2016 02:02 PM
පොල් ගහන අයවත් අත් අඩංගුවට ගැනීමට පනතක් සම්මත කරගනිමු (හේ)
හෆීල් Saturday, 06 February 2016 02:28 PM
හොර පොල් වලින් පොල් ගහන්න තරම් ඒකාබද්ධ විපක්ෂය බංකොලොත් වෙලාද?(හේ)
විජය Saturday, 06 February 2016 03:40 PM
බුද්ධාගම ගැන නිතර කතා කරන අඬ වැලෙපෙන ඒකාබද්ධ විපක්ෂය මොකද මේ පොල් විතරක් කන දෙයියෙක් කරගහ ගත්තේ (බ)
ආනන්ද දොඩන්ගොඩ Sunday, 07 February 2016 09:20 AM
සැබෑවටම දෙවියන් කියා කොටසක් සිටිනම් පළමුව දෙවියන් දඬුවම් කරන්නේ , මේ දේවාලයේ පොල් ගැසිමට ගිය අයටය , මක් නිසාද ඔවුන් සොරුන් වංචා කරුවන් මැරයන් වන නිසාය , ජනතාව රවටන නිසාය , දෙවියන් සිටීද කියා මෙයින් බලා ගත හැකිය (බ)
විජිත් Saturday, 06 February 2016 10:44 PM
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි. බලය තිබෙනකොට (මෙච්චර කල්) කරපුවා නවත්වාගන්න බැහැ. (නි)