අලුතින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ප්රවිශ්ට වන බොහෝ නවක නළු නිළියන්ගේ එකම අභිප්‍රාය ජනප්‍රිය වීමය. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ඔවුන් සූදානම්ය. ඒත් මෑත කාලයේදී ටෙලි නාට්‍යයකින් දෙකකින් ජනප්‍රිය වුණු එවැනි මුහුණු, බොහෝ අය නම් වලින් හඳුන්වන්නේද නැත.
එවැනි චරිත අද බරපතළ ලෙස ආත්මාර්ථකාමීව කටයුතු කරනවා බහුල ලෙස පෙනෙන කාරණයකි. ඔවුන් කෙනෙකු සමඟ හිනාවෙන්නේද ඒ කෙනාගෙන් ප්‍රයෝජනයක් තිබෙනවා නම් පමණි. එසේ නොවන සුලු පිරිසක්ද සිටින්නට පුළුවන. අචද තෑගි බෙදාදීමේ උත්සවයකට හෝ වෙළඳසැලක් විවෘත කිරීමේ උත්සවයකට එවැනි ජනප්‍රිය මුහුණක් ආරාධනා කළොත් ඔවුන් මුලින්ම අසන්නේ ඔවුන්ට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවනවාද කියලාය.
මෑතකදී අසරණ කුඩා දරුවන් සඳහා එක්තරා බැංකුවක් මගින් සංවිධානය කළ උත්සවයකට තරුණ ශිල්පියෙකුට ආරාධනා කළ විට ඔහුට ගෙවීමක් නොකරනවානම් සහභාගී නොවන බව කෙලින්ම කියා තිබෙනවා.
පුංචි තිරයේ තරමක් ජනප්‍රිය තවත් තරුණ නිළියක් මහරගම පැත්තෙ සැලොන් එකක නාම පුවරුවක් සඳහා පින්තූරයකට පෙනී සිටීමට මෑතකදී එක්තරා ගණනක් පොරොන්දු වි තිබෙනවා. අදාළ ඡායාරූප ගැනීම සඳහා ලොකේෂන් එකකුත් වෙන්කර සියල්ල සූදානම් කර තිබුණා. ඒත් නියමිත දිනයේ නියමිත වේලාවට ඇය නොපැමිණි නිසා ඇයට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
&අනේ සොරි මට ඒ ගාණට කරන්න බැහැ. ඒ ගාණ වගේ තුන් ගුණයක් දෙනවනම් මම එන්නම්, මොකද හෙට අනිද්දට මට ජනප්‍රිය සම්මානෙකුත් ලැබෙන්න තියෙනවනෙ. මගෙ යාළුවො කියනවා දැන් ගාණ වැඩි කරන්න කියලා* ඇය කීවාය. මොනතරම් උතුම් නාට්‍යවල රඟපෑවත්, මෙවැනි පහත් ආකල්ප නිසා ඔවුන්ගේ ජනප්‍රියත්වයේ ආයුෂ කොතරම් කෙටි වෙනවාද කියා ඔවුන්වත් නොදන්නවා ඇති.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩ යන නිළි කෑලි
ලක්විජය Sunday, 24 April 2016 09:22 AM
ඒකනම් ඇත්ත. අවුරුදු ගාණක් රඟ පෑවා වගේ ඉන්නේ.(හේ)