IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘උගත් පාඩම් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කරනු‘

ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මුලින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්  යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යොජනාවක් එකමතිකව සම්මත් කර ගෙන ඇතැයි බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එම යෝජනාව සම්මත කර ගනු ලැබු අවස්ථාවේදී යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සියලුම  මන්ත්‍රීවරු ලංකාවේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව ප්‍රථම වරට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳවද ඇගයුමට ලක් කළ බවද වාර්තාවේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගනු ලැබු යෝජනාව මගින් එරට සිදු වී ඇතැයි කියන සිද්ධින් සම්බන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණ පැවැත්වීම උතුරේ අධි ආරක්ෂිත කළාප ඉවත් කිරීම ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුව ඇතැයි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව කියයි.

 



අදහස් (0)

‘උගත් පාඩම් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කරනු‘

විජේ Friday, 13 December 2013 01:50 PM

යුද්ධයෙන් පසු අපේ රටේ ඇතිවී තිබෙන සංහිඳියාව දරා ගන්න බැරි සමහර කුහක රටවල් සැහෙන කාලෙක සිට අපට නැගී සිටින්නට ඉඩ නොදී නැවත රට අස්ථාවර කිරිමටයි සුදානම. මෙවැනි පනත් සම්මත කරන අයගේ පරමාර්ථය රට දෙකඩ කිරීමයි. වීරෝදාර රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් රට ආපසු හැරවීමට ඉඩ නොතැබිය යුතුයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 13 December 2013 08:02 PM

අපි නොදැන හිටියට අපේ රටත් යුරෝපා සංගමේ සාමාජිකයෙක්නේ බැලුවම.(නදී)

:       0       0

සුුරාජ් Friday, 13 December 2013 01:54 PM

අපේ රටේ තිබිය යුතු ආරක්ෂිත කලාප මොනවාද කියා තීරණය කළ යුත්තේ අපිම නොවේද? (නි)

:       0       0

චානක. Friday, 13 December 2013 01:55 PM

ඇමරිකාව ලබන වසරේ ආර්ථික සම්බාධක පනවන්න යෝජනාවක් ගෙනෙන්න හදනවා කියා ආරංචි වුණා. ඒක සත්‍යයක්ද? (නි)

:       0       0

පුබුදු Friday, 13 December 2013 02:06 PM

අපොයි අපේ ඇගලුම් අපනයන වලට යන කළ. මේක භයානක පුර්වාදර්ශයක්.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 14 December 2013 10:43 AM

මේ කොමිසම කියන්නේ අපේ එකක්. ඔක්කොම කල යුතුයි කියල තියෙන්නේ කොයි ලෝකෙද? (නදී)

:       0       0

අල්විස් Friday, 13 December 2013 02:44 PM

ඔහොම සැර කරලා කියන්ට එපා. අපි මේ ඒකනේ අනේ කරන්ට තනන්නේ.(නදී)

:       0       0

රාජකරුණා Friday, 13 December 2013 03:21 PM

අනේ මන්ද මේ කියනා ඒවා අපේ අයත් කරාවිද කියලා . රටේ නම යන්නේ හොඳ පැත්තට නොවන බව පේනවා . මත් කුඩු හොර මැර කමට අන්තයට ගොස්ය. (නදී)

:       0       0

ද සිල්වා Friday, 13 December 2013 04:29 PM

කවුද මේ කොමිසම පත් කරගත්තේ ? (නදී)

:       0       0

නඩරාජා Friday, 13 December 2013 04:46 PM

උගත් පාඩම් කොමිසම ඇති කළේ ලංකා ආණ්ඩුව. යුරෝපා කොමිසමට ඇති රුදාව මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඉරාකයේ තාමත් බෝම්බ පිපිරෙනවා. බුෂ් උන්නෙහෙ , එංගලන්ත සුද්දා ඒ රට විනාශ කලා. යුරෝපා සංගමය ඇහෙක් ඇරලා බලනවද ? (නදී)

:       0       0

මගරී Friday, 13 December 2013 05:01 PM

උගත් පාඩම් කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කරනවද නැද්ද යන්න තීරණය කල යුත්තේ ලංකාවය. (නදී)

:       0       0

අමිත් Friday, 13 December 2013 05:27 PM

බොහොම ප්‍රවේශමෙන් කල්පනාකාරීව තීරණ ගතයුතුයි. නොයෙක් ආකාරයේ විදේශ බලපෑම් විශාල ලෙස ඇතිවිය හැකියි. යුරොපයේ අයට ලංකාවෙ අභි වෘද්ධියක් අවශ්‍ය නැහැ. (නදී)

:       0       0

පැහැසර Friday, 13 December 2013 05:31 PM

යුරෝපා සංගමය අපේ දේශප්‍රේමී ජනතාව ගැන දන්නේ නැහැ. තව ටිකකින් බලන්නකෝ ඕගොල්ලන්ගේ අම්මා මුත්තා මතක් කර දෙන හැටි.(නදී)

:       0       0

අල්විස් Friday, 13 December 2013 06:51 PM

ඉතින් ඉන්ටකො, මොකද ඔය හැටි කලබලේ.(නදී)

:       0       0

බමුණු Friday, 13 December 2013 12:41 PM

අපේ රටේ අපි වැඩ කරන්න ඕනේ අපිට ඕන විදිහට මිසක් ලෝකේ අනිත් අයට උවමනා විදිහට නොවෙයි.(නදී)

:       0       0

නිහාල් Friday, 13 December 2013 12:44 PM

කවද ඉදන්ද අපි යුරෝපා සංගමයේ සාමාජිකයෙක් උනේ. (නදී)

:       0       0

මංගල Friday, 13 December 2013 07:34 PM

මේ යුරෝපා කොමසමේ කට්ටියටත් වෙන වැඩ නැහැනෙ. වෙන රටවල්වල කේස් වලට හොට නොදා. තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව. යුරෝපා කොමිසමේම කොච්චර බංකොලොත් රටවල් තියෙනවද ගොඩගන්න. මෙයාල තුන්වන ලෝකෙ රටවල් වල අයට වෙනස්කම් කරන්නෙ හීන් නූලෙන්. ඕන තරම් උදාහරන තියෙනවා. මම ඉන්නෙත් යුරෝපෙ තමයි, ඒත් ඇත්ත කියන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site