ගාල්ල බම්බගල පාලම අසලදී උකුස්සකු මැරීයැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කළේය.
කළුවා හංදිගේ සිසිර සහ පෙත්තාදුරගේ චමින්ද කුමාර සැකකරුවෝය.
පණ පිටින් උකුස්සකු අල්ලා ගෙන පාද කපා හම ගසා බඩ පලා තිබිණි. බඩේ නයකු සිටි බව ද පවසති.
මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ එතැන සිටි අයකු ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීම නිසාය.
ඔවුන් උසාවියට ගෙන යද්දී ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදීන්ට ද ඔවුන් තර්ජනය කර ඇත. ‘එළියට ආ විට අපි බලාගන්නම්‘ යනුවෙන් ඔවුහු පවසා ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්කාර මුසලයෝ ...මුන් රටට බරක් ....(බ)
පවු අහිංසක සතා! (නි)
මෙයද අපේ ශ්‍රී ලාංකික අභිමානය? (නි)
මේ වගේ මිනිස්සු බිහිවීම පොදුවේ සමාජ ගැටළුවක්. එතන තව කිහිප දෙනෙක් හිටියා, ඒ අයවත් අල්ලන්න. සංවේදී මිනිසුන් බිහිනොවීමට ආර්ථික හා දේශපාලනික තත්ත්වය තමයි ඍජුවම බලපාන්නේ (නි)
අනේ අපි මොනතරම් ම්ලේච්ඡ වෙලාද? (නි)
පණ පිටින් සතකු හම ගහන්න පුළුවන් සමාජයක ජිවත් වෙන්න තරම් අපි පව් කරලද ? (ම)
උකුස්සෙක් පණපිටින් මැරුවහම මේතරම් සංවේදී වෙන ජනතාව පස්දෙනෙක් වාහනයක් තුළ ගිනිගෙන මැරුණු එක ගැන සංවේදී වනවද? අන්න ඒක තමයි අපේ රටේ මිනිසුන්ගෙයි අනිත් රටවල මිනිසුන්ගෙයි වෙනස. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෑද? (නි)
උපරිම දඩුවම් දෙන්න තවත් කෙනෙක්ට ඔයවගේ වැරදි නොකරන්න.(ම)
සතෙක් මරණ එක වරදක් නෙමෙයි එත් පණපිටින් හමගහන එක ඉතාමත් මිලේච්ච ක්‍රියාවක්. මොවුන් මානසික රෝහලකට ඇතුලත් කර යුතුයි. (ර)
මේ රටේ වෙන ප්‍රශ්න නැහැ වගේ සමහරුන්ට නම් (නි)
එතන තව ගොඩක් හිටියනේ විරිත්තාගෙන. කෝ ඒ ටිකටත් හිරේ දාල දැඩි දඬුවම් දෙන්න. ජ්‍යෙෂ්ඨ හිරකාරයනි දැඩි දඬුවම් දෙන්න. මෙයාලා පණපිටින් හමගහන්න, බොකු බඩවල් එලියට අදින්න නයිද, පෙරේතයෝද මුන්ගේ බඩේ ඉන්නේ කියල බලන්න. (බ)
බුදුන් තුන්වරක් වැඩිය සිරි ලංකාද්වීපය නේද මේ? (නි)
වැරදි කරුවන් දුටු විගස ජනතාව මෙසේ ක්‍රියාත්මක වෙලා පොලීසිය සහ නීතියත් යහපත් අන්දමින් අවංකවම ක්‍රියාත්මක වෙනවා නම් අපේ ලෝකෙ ලස්සන වෙයි ඉක්මනින්ම. මෙම අපරාධකරුවන්ට එරෙහිව දායක වු සියල්ලට මගේ ප්‍රණාමය පුද කරමි (බ)
මෙතන සමහරු පටළාගෙන. කුකුල් මස් කෑමයි මේකයි ගළපන්න හදන්න එපා. මේකට විරෝධයක් ආවේ උකුස්සා වනජීවී පනත අනුව ආරක්ෂිත සත්වයෙක් නිසයි. ඊටත් වඩා ප්‍රශ්නෙ හමගහපු එක. කුකුළො ඌරො වුණත් හමගහලා මරනවා නම් ඒක වැරදියි. මස් සඳහා මරන්නත් ශිෂ්ට ක්‍රම අවශ්‍යයි. බල්ලෙක් පූසෙක් හමගැහුවොත් ඒ සතුන්ට නීතිමය ආරක්ෂාවක්වත් නැහැ. එහෙම කළා නම් ඒ ම්ලේච්ඡයන් මේ විදියට අත්අඩංගුවට ගන්නත් බැහැ. ම්ලේච්ඡ මිනිසුන්ට දඬුවම් දීම සඳහා අලුත් නීති සම්පාදනය කළයුතුයි. (නි)
ජාලිය, මෙතන කොමෙන්ට් කරන්න තියෙන්නේ මේ සිද්ධියට අදාල දේනේ. විල්පත්තුව ගැනත් මම කොමෙන්ට් කරලා තියෙනවා. අදාල දේ ගැන ලියන්න තප්පුලන්නේ නැතුව. (බ)
කුකුලෝ හරක් මරණ එක රිමාන්ඩ් කරන්න තරම් වරදක් නෙමෙයි නම්, උකුස්සෙක් මරපු එකට එහෙම වෙන්නේ කොහොමද? ඇයි මිනි මැරීම සාධාරන නොවෙන්නේ ? මේවගේ ප්‍රශ්න අහන කොට කාටවත් තේරෙන්නේ නැද්ද මේවා මිනිස්සු සම්මත කරගත්තු නීති මිසක් ස්වභාව ධර්මයේ නිතිය නොවෙන බව? (බ)
ශ්‍රීමාලි, ඔයත් සතෙක් මරල එකත් එක්ක පොටෝ එකක් මුහුණ පොතේ දාල බලන්නකෝ. අපි එන්නම් ඔය බලන්න වැලිකඩට.(අ)
තිරිසන් වැඩක් කළා මදිවාට මාධ්‍යවෙදින්ටත් චන්ඩි පාට් දාන මේ අයව අල්ලලා උකුස්සා වාගේම හම ගහන්න ඕනේ.මාධ්‍යවේදීන්ට අපගේ ප්‍රණාමය. (අ)
ඉන්දික , හරක් පණපිටින් හම ගහල මරනවද. මේක මනුෂ්‍යත්වය පිළිබද ප්‍රශ්නයක්. (අ)
මේ පව නම් මේ ආත්මයේම පළදෙනවා (නි)
මේ අයගෙත් අත් වල ඇඟිලි කපන්න ඕනේ හැමදාම විඳවන්න (අ)
මේ පාපතරයන් ලබන ආත්මයේ උකුස්සෝම වී ඉපදේවා! (නි)
ඒ පාපතරයන්ගේ මුහුණුවරත් තිරිසනුන්ගේ මුහුණු වගේ මට පෙනෙන්නේ (නි)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ කරන මිනිස්සු! (නි)
මොවුන් ඉක්මනින් අල්ලා නිතිය ඉදිරියට ගෙන ආ පොලිස් නිලධාරින්ට අපගේ ප්‍රණාමය.නඩුකාර උතුමාණන්ට ස්තුතියි (බ)
ඊනියා ධර්මද්වීපයේ තවත් ජයග්‍රාහී වැඩක්. මුළු ලෝකයේවත් නැහැ මේ වගේ තිරිසන් මිනිස්සු. (නි)
මිනිමරන අයවත් ඔහොම අල්ලලා දඬුවම් දෙන්න කියලා ඉල්ලනවා (නි)
උකුස්ස ලොකු සතෙක් නිසාත් පෙස්බූක් එකට යවපු නිසාත් මෙයාලට දඬුවම් දුන්න. එත් කීදෙනෙක් නම් කඩි, කුඹි, මැස්සෝ මදුරුවෝ, දිමියෝ සිය දහස් ගණනින් මරනවද? ඒ සෑම දෙයක්ම වැරදි තමයි. පණපිටින් කකුළුවෝ දිය හැලියේ දල තම්බනවා. සත්ව ඝාතනය මුළුමනින්ම වැරදියි. මේ ලෝකයේ සම අයිතිවාසිකම් ඇතිව උනුත් අපිමෙන්ම මහපොළොවේ ජිවත් විය යුතුයි.(හේ)
දකුනේ නම් මිනිහත් එකයි උකුසස්සත් එකයි පන පිටින් අත පය කපනවා (හේ)
මම මෙච්චරකල් හිතාගෙන හිටියේ මේ අයගෙන් කරදර තිබෙන්නේ මනුෂ්‍යයින්ට විතරයි කියලා. (නි)
හොඳ අහිංසක (හේ)
මිනිස් වෙසින් ඉන්න තිරිසනුන්ටත් අන්ත කට්ටිය (නි)
ඉල්ලන් කනවා කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි.(හේ)
ලංකාව තුල මරන්න පුළුවන් හරකයි කුකුලයි උරයි විතරද.එතකොට අනිත් සිවුපාඋන් ,පක්ෂීන් ජාතික වස්තුද.මේවා කොහේ තියෙන නීතිද (හේ)
කුකුලෝ හරක් මරණ එක රිමාන්ඩ් කරන්න වරදක් නොවේ නම් උකුස්සෙක් මරණ එක වරදක් වෙන්නේ කොහොමද (හේ)
පෙර කළ පවින් තිරිසන් ආත්මයක ඉපිද තම ජීවිතය පවත්වාගැනීම වෙනුවෙන් අකුසලයේම යෙදෙන්නට වුණ මේ අසරණ උකුස්සා උගේ එම පව් මෙම සිද්ධිය තුළින් ගෙවා දමන්නට ඇති හෙයින් උගේ මීළඟ භවය යහපත් තැනක හටගනීවා යැයි පතමි. (නි)
කාට කාටත් හොඳ පාඩම්.(හේ)
මේ නිව්ස් එක බලන්නවත් බැරි තරමට පිළිකුල් ඇයි මිනිසුනේ මිනිසත් භාවයක් ලබා ඉපිද තිරිසනුන්ටත් වඩා අන්ත පහත වැඩ කරන්නේ. කොහොමද සතෙක් පණපිටින් හමගහන්නේ. වටේ තව මිනිසුන් ජීවත්වෙනවද පන්සලකට පාසලකට ජීවිතේ එක වතාවක්වත් ගිහින් තියෙනවද ..? පව් කාරයෝ. (ර)
මේවා අසන්න වීමත් අපේ පවක්. මිනිසුන්ට නම් කතා කරන්න පුළුවන්. එ්ත් සතුන්ට එ්ක බැහැනේ. හිතන්න අපිට පොඩි කටුවක් හරි අැනුනොත් කොච්චර වේදනාවක්ද? ඒ සතා කොච්චර නම් දුක් විඳින්න ඇද්ද? කර්මය මොවුන්ට පළදේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවනේ "කම්මන වසලෝ හෝති - කම්මන හෝති බ්‍රාහ්මණෝ" කියලා. අපි ලැජ්ජා වියයුතුයි මේ වගේ දේවල් අහන්න ලැබීම ගැන. (නි)
එලියට අවොත් නේ බලාගන්නේ.අවුරුදු 20 කට විතර ඇතුලට දැම්මම ඉවරයි (බ)
නිහාල්, සුපුන්, ඔයගොල්ලෝ කියන හැටියට හරකෙක් කුකුළෙක්වත් පණපිටින් හම ගහන්න නීතියක් ලෝකේ කොහෙවත් නැහැ. හැම ජිවියෙකුටම ජීවත්වීමේ අයිතිය තිබෙනවා (නි)
අපි පොඩිකාලේ අපේ ගෙවල්වල කුකුල් මස්වත් කාල නැහැ . පව් හින්ද නොවේ . ඒකාලේ සමාජයේ හැටි. ගඟේ කිලෝ 3-4 ලොකු මාළු ඉන්නව කවුරුවත් මරන්නේ නැහැ .ගෝන්නු, පිනිමුවන් ගෙවල් ළඟටම එනවා . පන්සල් වලින් ලැබුණු ආදර්ශ නිසා පවට බයයි . කාලයත් සමග සංස්කෘතිය වෙනස් වෙලා.මස් නම් ඕන මසක් කනවා මාලුත් එහෙමයි. (බ)
මේ අයවත්. පණපිටින් හම ගහන්න තිබුණා අරාබියේ දෙන කස පහර දී ගන්න තිබුනානම්. (බ)
එල්ලුම් ගහට කට්ටියම.මුන් වගේ උන් තමයි බාල අපරාධ කරන්නෙත්. (බ)
ශ්‍රීමාලි, මෙතන තියෙන්නේ සත්ව හිංසනය කියන එක. පසුගිය කාලයේ කැලිෆෝර්නියා වල නීතියක් සම්මත කළා කුකුළන් හදනවිට ඒ සතාට ප්‍රමාණවත් ඉඩක් වෙන්කරන්න කියලා.ඒ නිසා ශත 10ට තිබුන බිත්තරය සත 50,-60$ 1.00 ක් වුණා. එ්ත් කවුරුත් මොකුත් කිව්වේ නැහැ. ලංකාවෙත් ඕක තියනවනේ, සතුන් ප්‍රවාහනයේදී ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි කියලා. මගී බස් රථ වලටත් එ්ක තියනවා. (නි)
අපරාධයක් ගැන කතා කිරීමට අපට හැකිවිය යුතුවේ. උකුස්සාගේ සිද්ධිය ගැන කතා කරන විට විල්පත්තු වන විනාශය ගැන කතා කරන්න. අලි පැටව් සිද්ධියට උඩුවේ හාමුදුරුවෝ පමණක් නොව තවත් කිහිප දෙනෙකු රිමාන්ඩ්. (බ)
මම නම් විඩියෝව බැලුවෙ නැහැ. බලන්න බැහැ මට. ලියො තිබෙන එක දැකලයි මේ ලියන්නේ. මේ වගේ හිතක් පපුවක් නැති මිනිස්සු එක්ක තමයි අපි අපේ දුවා දරුවො හදන්නේ. බස්වල පොදු තැන්වල ඉන්න මොනතරම් අනාරක්ෂිතද? අපි හිතන්නේ අපි වගේම හැමෝම සංවේදියි කියලා. නමුත් බෞද්ධ රටක් වුණත් සමාජය එසේ නොවන බව අපි දැනගෙන සිටිය යුතුයි. මෙවැනි පව්කාරයන්ට කළනොහැකි දෙයක් නැත. (නි)
අද සමාජය දෙකට බෙදිලා. සත්වයාගේ ජීවිතය තීරණය කරණ නිර්ණායක ඉබේම වෙනස්වෙලා නැද්ද? එක් මිනිසෙකු මැරූවිට මිනිමැරුමක් වෙන රටේ තවත් මිනිමැරුමක සැකකරුවන් වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් පවා පෙනීහිටිනවා. පවුලේ තත්වය, කළ රැකියාව නිසා කරන අපරාධ සාධාරණීකරනය කරන සමාජයක පන පිටින් සතෙකු හම ගසා කන තැනට තල්ලුවෙන එක පුදුම නැහැ. (නි)
මේ අයටත් මේ දේම විදින්න වෙයි. (ර)
මනුස්ස වෙස් ගත් දෙපා සත්තු. (ර)
එයාලා එහෙම කියනවනම් මෙයාලා දෙන්න එලියට අවම අපිට බලා ගන්න වෙනවා (කෞ)
කරුණාකර දැඩි දඩුවම් දෙන්න. (ර)
මේ වැඩ ආය නොකරන්න දැඩි දඬුවම් දෙන්න. (ර)
මේ වගේ පහත් වැඩ කරන අයට කිසිම සමාවක් නොදිය යුතුයි. මේ වනචාරීන්ට ස්වාභාධර්මයෙන්ද දඩුවම් ලැබෙනවා නියතයි. (ර)
පව්කාර මිනිස්සු , මෙයාලට දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන්න ඕන . ඒ අහිංසක සතා මොනතරම් වේදනා විදින්න ඇත්ද. (ර)
මේ සටහන් ලියූ බොහොම දෙනා බොහොම සත්ව කරුණාව තිබෙන අය වගෙයි පෙනෙන්නේ. හොඳයි. හැබැයි මිනී මරුවන්ට එරෙහිව නම් මේ වගේ කලබල වෙන්නේ නැහැ නේද? විල්පත්තු විනාශයෙන් සතුන් කොච්චර විනාශ වියහැකිද? ලොකු ලොක්කන්ගේ ටුවරිස් හෝටල් වලට රක්ෂිත වනාන්තර වලින් බලපුලුවන්කාරයෝ ගෝනුන් මුවන් මස් කරලා ගෙනවිත් අහුවුණාම, හොරහරක් මස් ජාවාරම්කාරයෝ අහුවුණාම එතකොට සත්ව කරුණාව පහළවෙන්නේ නැහැ නේද? (නි)
පන පිටින් උකුස්සෙක් අල්ලන්න පුලුවන්ද හැබෑට. (ම)
දැන් වනාන්තර එල්ලී කරන අයට දෙන දඩුවම් මොනාද ? (ර)
ඉල්ලන් කනවා මේකට කියන්නේ (හේ)
අද දවසේ වැදගත් පුවත.(හේ)
සමන් ගේ කතාව හරි.(හේ)
ඔය වැඩේ කළ කට්ටිය අල්ලලා ඇහේ ඉඳලා පට්ට ගහන්නයි තියෙන්නේ (නි)
මිනිස්සු නෙමෙයි තිරිසන්නු...අපි ෆේස් බුක් හරහා දුන් ප්‍රචාරය සාර්ථකයි (අ)
අන්තර්ජලයේ පින්තුර වල ඉන්න අය මෙයාලට වඩා වෙනස් වගේ මට පෙන්නේ! එයාලමද කියලා මට සැකයි??(හේ)
කාපු බිපුවා වමාරින්න ලෑස්ති වෙයල්ලා (අ)
කවදා හරි දිනෙක, මිනිස් අනුභවය සඳහා දවසකට දහස් ගණන් පන පිටින් කෘර ලෙස මරණ ලක්ෂ ගණනක් සත්වයන් (කුකුලන්, ගවයින්, හාවන්, ඌරන් සහ මාළුවන්) සිහි සුන් කිරීම වැනි ක්‍රම මගින් වත් කිරීමට මනුෂ්‍ය වර්ගයාට හැකිවේවා. දැන් දැන් දිවුණු රටවල මෙවැනි ක්‍රම භාවිතා වීම ඇරඹිලා. බිත්තර ටිකක් ගණන් වුණත් "නිදහසේ සැරිසරන" කැටගරියට අයත් නම් මිනිස්සු ගන්න පුරුදු වෙමින් යනවා. (අ)
එකෙක් කොරගහනවා නේද? ලබන ආත්මෙදී කකුල් දෙකම කොරවෙලා තමා ඉපදෙන්නේ (අ)
එලියට අවහම මොනා බලන්නද ? ඇතුලෙදි හම්බ වෙයි හොඳට. පව්කාර යක්කු (අ)
දෙන්නෙක්ට වැඩිය එතැන හිටියනේ... (ර)
උපරිම දඩුවම් දිය යුතුය. (ර)
එමසතාත් පෙර කළ පාප කර්මයක් පලදී පවින් නිදහස් වුණ මේ මිනිසුන් දෙදෙනා ඒ වගේම පරිසන් දෙන පාපකර්මයක් කර ගත්තා. (ම)
ජයම්පති, විල්පත්තුව ගැන මොකද කියන්නේ. (ර)
අමතක කරන්න එපා බොහෝ දෙනෙක් කන කුකුල් මස් හදන්නෙත් කුකුළා කියන කුරුල්ලෙග්ගෙන් කියලා, පැය ගණනක වදයක් විදි උකුස්සට වඩා දවස් 30-40 ක කරුමයක් උන් ගෙවනවා. (ර)
ඇඟ හිරිවටෙනවා මේ මිනිස්සු කරලා තියන වැඩේට. (ර)
උකුස්සා මරපු අයට දැඩි දඩුවම් දෙන්න. (ර)
තිරිසන් සතුන්ටත් වඩා අන්ත තිරිසන් වැඩ කරන තරුණයන් අප රටේ සිටීම ගැන අප කනගාටු වෙනවා වගේම ලජ්ජා විය යුතුයි. වර්තමාන තරුණයින් ආගම ධර්මයෙන් ඈත් වීම තමයි මෙයට මුලිකම හේතුව. එයට දේශපාලකයින් නොව ආගමික නායකයින් හා වැඩිහිටියන් වගකිව යුතුයි. සමහර තරුණ ආගමික නායකයින්ගේ නොහික්මුණු අශිලාචාර හැසිරීම් වර්තමාන තරුණයින්ට අවාදර්ශයක් වුවා. කවුරුන් විසින් හෝ සමාජයට වපුරපු විෂ බීජ වල අස්වැන්න තමයි මේ. (ර)
සංකාගේ කතාවට හරි. (ර)
ලලිත්ගේ අදහස බැලුවාම පේනවා ඔහුගේ මොළයත් කඩි, කූඹි, මැස්සන්, මදුරුවාගේ තරමටම වර්ධනය වී ඇති බව. එ්කනේ ඉතින් අරවගේ මනරම් අදහසක් කිවුවේ (නි)
සංකා, අපි හැමෝටම නිර්මාන්ශී වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි, එත් සතෙක්ව පණපිටින් හම ගහනවා, කකුල් කපනවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මේ වගේ හිතක් පපුවක් නැති අය රටේ වැඩි උනොත් ඒ අපි හැමෝගෙම විනාශයේ මුල. (ර)
මේක හොද වැඩක්. හැබැයි අර විල්පත්තු කැලේ කපල විනාශ කළ උන්ටත් මේ වගේම දඩුවම් දුන්නොත් තමා වඩාත් හොඳ (බ)
මේ වගේ අයට දිය යුතු දඬුවම අපරාද නීති සංග්‍රහයේ නැත. මගේ සේවාදායකයා කියාගෙන මේ පව්කාරයන් බේරා ගැනීමට මහා ලොකු උගතුන් ලැජ්ජා නැතිව ඉදිරිපත් විය හැක. (ර)
මේ ගොල්ලෝ මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු බව අපට පේනවා.සත්ව හිංසාව යටතේ දඩුවමක් දෙන්න. ඒ එක්කම අක්කර දහස්ගානක් විල්පත්තුව විනාශ කරපු ඇමති ඇතුළු පිරිසටත් දඩුවම් දෙන්න.අනිවා. (බ)
මෙතන පොර ටෝක් දැම්මට අපේ අයියලට තලගොයෙක් එහෙම අහු වුනාම බලන්න ඕනා වැඩ කිඩ? දඩ මස් කෑල්ලක් දුන්නොත් අයියලා නිකම්ම ඉඳියි? (බ)
පන පිටින් උකුස්සකු හම ගහලා මැරුවා කියන්නේ, තිරිසන් වැඩක්, මොවුන්ට නීතියෙන් ඉහලම දඬුවම් දිය යුතුය. (ර)
උකුස්සා හම ගසා පාද වෙන් කිරීමේදී දැනුනු වේදනාව මේ අයටත් නොපමාව ලැබේවා. (ර)
සංකා, අත් අඩංගුවට ගන්නේ අප කරන දේ "නීතිය" අනුව වැරදි නම් පමණයි. ඒක "ආගම" හෝ සදාචාරය අනුව වරදක් වුන නිසා නෙමෙයි. පටලව ගන්න එපා. මදුරුවා වන ජීවී පනත අනුව "ආරක්ෂිත" සත්වයෙකු වුනා නම්, මදුරුවෝ මැරුවත් අපිව අත් අඩංගුවට ගන්න පුළුවන්. (ර)
හිතක්,පපුවක් නැති මිනිසුන්...අසරණ සතා මොනතරම් වේදනාවක් විඳලා මිය යන්න ඇද්ද...? (ර)
මුන්ව හම ගහන්නේ කවදාද? (බ)
මෙවැනි සත්ව හිංසන අපේ මිලේචිජත්වය ලොවට කියයි තොරතරැ දුන් අය ආරක්ෂා කරමු. (ර)
මේ වගේ බාල වැඩ දකුණේ අයත් කරවනවද (හේ)
සතුන් මැරීම බලවත් අකුසල කර්මයකි. සියලුම බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මස් මාළු බිත්තර දන් දීමෙන් වැලකි සිටින්න (ම)
උකුස්සකු මැරීම නම් වරදක් . කිසිම සතකු මැරීම වරදක් . නමුත් උකුස්සකු මරපු පලියට අත්අඩංගුවට ගැනීමට නීතිමය තත්වයක් අපේ රටේ තියෙනවද ? (ර)
යහපාලනය නිසා නේද මේක වුනේ. (බ)