රට තුළත් ඉන් පිටතත් තිබෙන ඊළාම් රාජ්‍යයක සිහිනය, එල්.ටී.ටී.ඊ මතවාදය පරාජය කිරීමට රටේ සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) පැවැසීය.
පශ්චාත් යුද සමයේ ඇති කර යුතුව තිබූ සහෝදරත්වය, සමඟිය, සහජීවනය හා සාමය ඇති නොකළ බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොදුනහොත් උතුරේ තරුණයන් නැවත ආයුධ අතට ගනු ඇතැයි ද ජනපතිවරයා කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය සී.වී ගුණරත්න මහතාගේ 16 වැනි ගුණ සමරුව දෙහිවල ගල්කිස්ස නරග ශාලාවේ පැවැති උත්සවයකදීය.
“අවුරුදු 27ක් උතුරේ ජනතාව කඳවුරුවල සිටියා. මම ඔබෙන් අසනවා ඔබට එසේ සිටින්නට පුළුවන් ද? ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ප්‍රශ්න වගේම අන් අයගේ ප්‍රශ්නත් තේරුම් ගත යුතුයි‘‘ යැයිද ජනපති කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කාලෙකට ඉස්සරත් ඔය වගේ කතා අපි ඇහුවා. එ්ත් කරපු දෙයක් නැහැ (නි)
ඊළාම් මතවාදය පරාජය කිරීමට වඩා ඊට අනුගතවීම පහසුයි වගේ. (නි)
මහත්තයෝ, ඔය සුරඟන කතා වලින් අපිට වැඩක් නැහැ. දෙමළ මිනිස්සු කඳවුරු වලට ගියේ එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසානේ. දකුණේ මිනිස්සු එ්කට කිසිදු සම්බන්ධයක් නැහැනේ. අපිත් මෙරටේ මිනිස්සු හැටියට ඉතිහාසය දන්නවා. අපිට එකක් කියන්න පුළුවන්. ප්‍රශ්න විසදන්න කියලා ෆෙඩරල් ගෙනෙන්න නම් හීනෙන්වත් හිතන්න එපා. (නි)
රයන් හරියට කතාකරන්නේ ෆෙඩරල් හොදට දන්නා කෙනෙක් වගේ මට කියනවද ෆෙඩරල් ක්‍රමය තියන තව පුංචි දිවයිනක් කොහේ හරි. (ර)
රයන්.පෙඩරල් දුන්නම දකුණේ ඉන්න දෙමළ අය උතුරට යනවද? කවදාවත් එක වෙන්නැති බව කියන්නෙ ඕන නැහැනෙ. එත කොට වෙන්නේ සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි මරා ගන්න එක. ඔයාට ඔන ඒටික වෙනවා බලන්නද. එ්ක නිසා නොදන්නා දේ ගැන කතා නොකළොත් හොඳයි (බ)
තමන්ගේ පක්ෂයේ ඉන්න දහය දොළහ දිනාගන්න බැරුව ලෝකයේ දෙමළ ඊළම් මතවාදය ගැන මොන කතාද? (නි)
මට හිතට එන දේවල් මෙතන ලියන්න අමාරුයි (නි)
සී.වී ගුණරත්න කියන්නේ කවුද කියලාවත් මෙතන ඉන්න සමහරු දන්නවද දන්නෙ නැහැ (නි)
රයන් මහත්තයෝ, ෆෙඩරල් කියන්නෙ මිනිස්සු ජාති ආගම් අනුව බෙදලා පාලනයට කිරිමට නොවේ. රටවල් විශාල වැඩි වුණාම තමයි ෆෙඩරල් වැනි පාලන ඇතිවෙලා තියෙන්නේ. අැමරිකාව තමයි හොඳම නිදසුන. (නි)
ත්‍රස්තවාදී ප්‍රශ්නයට මුළුමනින්ම වගකිව යුත්තේ සිංහල දේශපාලකයින්මයි. යුද්ධයකට පසුබිම සකසා එය වවාගෙන කන ව්‍යාපාරයක් කරගත්තා. ප්‍රශ්න විසදීමට එන පාලකයින්ට නොදෙන වරප්‍රසාද මොනවාද? ඔවුන්ගේ වැටුප්, වාහන ආදිය වෙනුවෙන් වැයකරන මුදල කොපමණද? නමුත් කිසි තෘප්තිමත්වීමක් නැහැ. (නි)
අවුරුදු එක හමාරකටත් වැඩි කාලයක් කතාව විතරක් කළා ඇති. තව දුරටත් වංචා කළොත් ඔබතුමන්ලාට පාරේ බහින්නත් බැරිවේවි. මිනිසුන් දැන් හොඳටම හෙම්බත් වෙලා. (නි)
හරියට කතාකරන්නේ දෙමළ ජනතාව සිංහල ආණ්ඩුවෙන් කඳවුරු වෙතට තල්ලු කළා කියලා වගේනේ. ඒ හැම දෙයක්ම වුණේ එල්ටීටීඊ එක කරපු අසාධාරන ක්‍රියා නිසානේ. දෙමළ ජනතාවට ඕනෑතරම් අවිහිංසාවාදීව සාධාරන ඉල්ලීම් දිනාගන්න පුළුවන් වේවි. (නි)
ජනගහනයේ වාර්ගික අනුපාතය පළාත් මට්ටමින් තුලිත කිරීම හෝ ජනවාර්ගික අනුපාතය තුලනය වන ලෙස පළාත් මායිම් නිර්ණයකර සහ ඉන්පසු සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කළ යුතුයි. (ම)
ප්‍රශ්න නම් ඉතින් ලක්වැසි සියලු දෙනාටම තිබෙනවා (නි)
ඔය වගේ දේවල් හැමතැනම කියනවා නම් ඇහෙනවා. ඒත් තවම කළ දෙයක් නම් නැහැනේ (නි)
පිටරට වල ඊළම් කට්ටිය පරාජය කරන්න අමාරුයි (නි)
කොටි කළේ හැමදාමත් අපිව රවට්ටලා බොරු සාම සාකච්ඡා මුවාවෙන් අපිටම ගහපු එක. ඔවුන් ගැන කතාකරන්න කලින් රටේ බහුතර ජනතාවගේ ආරක්ෂාව උදෙසා කටයුතු කළා නම් නේද හොඳ. (නි)
අපි අවුරුදු 27 ක් හිටියේ බෝම්බ උඩ. දැන් ඉන්නේ කාටත් පොදු ප්‍රශ්න වලට අමතරව අවිනිශ්චිතතාව උඩ. (නි)
දමිළ මිනිසුන්ට අපෙනුත් අසාධාරණකම් වෙන්න ඇති. පවු! ඔවුනුත් අපේ රටේ මිනිස්සු නේද? (නි)
උතුරේ සමහරු කියන්නෙත් ඔය ටිකම තමයි. අපිට දුක අපේ දරුවෝ ගැන. (නි)
දෙමල විතරක් ඉන්න උතුරු නැගෙනහිරක් සහ සිංහලයින්ට ඉඩමක් ගන්න බැරි උතුරක් තියෙන්න ඕනෑ එකද දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නේ? ඔය ප්‍රශ්නය මෙහෙ විතරක් නොවෙයි තමිල්නාඩුවෙත් තියෙනවා. (නි)
කතාව දෝලාවෙන් ගමන පයින් නොවේවා! (නි)
සිංහල මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතුවොත් හොඳ නැද්ද? (නි)
කියන විදිහටම කරනවා නම් අපි සතුටුයි (නි)
අපේ රට දියුණු කරන්ඩ අපි වගේම පුංචි රටක තියෙන දේවල් හොයන්ඩ ඕනේ නැහැ , මහා බලවත් රටවල් දිහා බලන්න ඔහුන්ගෙන් අපිට සෑහෙන දේවල් ඉගෙන ගත හැකිය.(ම)
පරාදවෙලා ඉන්නේ සිංහල අපි පමණි (නි)
ඔබතුමා දකුණේ ජනතාවට මෙහෙම කියනවා. උතුරේ ත්‍රස්තවාදය දිරිගන්වන ඇමතිලාට කියන්නේ මොනවාද කියලත් අපි දැනගන්න කැමතියි (නි)
ඔබ තුමා ළගදි පත්තර කියවල නැති හැඩයි පෙනෙන්නේ. (ම)
මෙතුමා ජනාධිපති නෙවෙයි කතානායක වෙන්නයි තිබුනේ..මොනා වුනත් ලස්සන වචන දාලා ලස්සනට කතා කරනවා..ආඩම්බරයි. (බ)
කොහෙද අවුරුදු 27 ක් කැම්ප් වල හිටියේ ? කවුද ඒ මිනිස්සුන්ගේ ගෙවල් බලෙන් අරගෙන බංකර් ගැහුවේ සිවිල් ජනතාව අතරේ ? සිංහල හමුදාවද, කොටිද ? මෙයා යුද්දෙ ගැන දන්නේ මොනවද ? කතාකරන්නේ හරියට 2009 න් පස්සේ ඉපදුනා වගේ. කවුද සිංහලයාගේ අයිතිවාසිකම ගැන කතාකරන්නේ ? (බ)
ඊළාම් මතවාදය පරාද කිරීම කොහොම වෙතත් එය නීත්‍යනුකූල දෙන විදිහක් තියෙන්නේ. දෙමල මිනිස්සු වගේම සිංහල මින්ස්සු අන්තිම දුකේ ඉන්නේ (බ)
පිටරටවලට කලින් ලංකාවේ ඊළම නතර කළා නම් ගොඩක් වටිනවා. (ම)
දැන් දෙමළ ජාතීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය ෆෙඩරල් පාලනයක් නේ එතකොට මේ කියන විදියට ඒක දෙනවද? එතකොට අනික් ජාතීන්ට ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද (බ)
ඔබතුමා හරි. නමුත් යම් රාමුවක් තුල හැම ජාතියකටම සාධාරයක් විය යුතුය.මේ අපේ ලක් දෙරණ යන හැගීම ඔය කොයි කාටත් ඒත්තු ගැන්විය යුතුය ඔය දේශසීමා, නිජබිම්, ස්වයං පාලන, ගැන කතා කරන උදවියට.(බ)
දැන් එතකොට දෙමල ජනතාවට විතරද ප්‍රශ්න තියෙන්නේ? හැමෝටම තියෙන්න එකම ප්‍රශ්නයයි. ඒ තමා ජීවත් වීමේ ප්‍රශ්නය. දෙමල හෝ සිංහල හෝ නායකයන් කරන්නේ ඒවාට විසදුම් දෙනවා වෙනුවට එක වවාගෙන කන එක.(හේ)
මැති තුමෝ, බලමු මොනවද වෙන්නේ කියා. කෝකටත් දැම්මම වෙන රටක පුරවැසි භාවෙට ඉල්ලුම් පතක් අරින්න ඕනේ, (හේ)
ඔබතුමාගේ සහායට අපිත් ඉන්නවා.(හේ)
අපිත් එයට උදව් කරනවා.(හේ)
ණය ලබා දෙන්න නම් උ/නැ ට බලය දෙන්න කියල ඇමරිකාව (සහ ලෝක බැංකුව ) කියනවා .ඔන්න දැන් මෛත්‍රී කියනවා දෙමල වර්ගයාට සලකන්න ඕන කියල .නව ව්‍යවස්ථාව ඉක්මන් කරන්න ඕන බලය බෙදන්න ..ළඟදීම යහපාලනය ලැබේවි මෝඩ සිංහලයන්ට (බ)
ක්‍රියාවෙනුත් පෙන්නන ඕනේ ඉතින්. (බ)
කටුබැද්දේත් දැන් අලි පිරිලා නොවැ (බ)
එයාල කඳවුරු තුලට ගාල් වුනේ මිලේච්ඡ කොටි ත්‍රස්තයන්ගේ වරදින් නේද, නැතුව දකුණේ සාමාන්‍ය මිනිසුන්ගේ වරදින්ද? ඊළාම් මතවාදය පරාද කරන හැටි පේනවා අපට, ඊළාම් ඉල්ලීම් නිකන්ම ලබාදීලා. (බ)
ෆෙඩරල් පාලනයක් මගින් බොහෝ දුරට මේ රටේ ප්‍රශ්න විසඳාගත හැකි , සියලුම දියුණු රටවල් වල ෆෙඩරල් පාලනයක් ඇති බව අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ නේ (බ)
ඔය සුරංගනා කතා අහල අපට දැන් එපා වෙලා .ඔය කියන ව්දියටම සිද්ධවෙයි වෙයි කියල අපට හිතා ගන්න පුළුවන් ලංකාවට එන ලොකු ලොක්කෝ ඔක්කොම ඉස්සෙල්ලම යන්නේ දෙමළ නායකයෝ කියල ඉන්න අය හම්බ වෙන්න .(බ)
සිංහල මිනිස්සුත් ලක්ෂ ගාණක් කඳවුරු වල හිටියා. පණ බේරාගෙන දකුණට පැනල අාපු සිංහල පවුල් ගණන ගැන මේ වෙනකන් කිසිම ආණ්ඩුවකින් සමීක්ෂණයක් කරලා තියෙනවද? (බ)
අපිට බොරු කියන්න නම් එපා. දැන් ජනතාව බුද්ධිමත් (නි)
උ /නැ ජනතාවට බලය ලබාදීමේ .. සිරිසේනගේ හා එජාපයේ ප්‍රතිපත්ති කුමන ආකාරයේද ? මෙය රටේ සිංහල ජනතාවට පැහැදිලිව කියන්න ණය ගැනීම උදෙසා සිංහලයා පාවාදෙන්න එපා (බ)
සිංහලයාගේ අනාගතය දෙමළ බස කතාකරන සමහර ජාතිවාදීන්ගේ අතට පත්කරන්න නම් එපා (නි)
අනේ මොකටද අපි මේවට උත්තර දෙන්නේ? (නි)