රුපියල් ලක්ෂ 10ක ලොතරැයි ජයග්‍රහකයන් හිමිව ඇති බැවින් තෑග්ග හෝ එම මුදල් වටිනාකම ඇති රන් කැබැල්ලක් ලබාගැනීම සදහා කොමිස් ගෙවිය යුතු බව ඡංගම දුරකථන පණිවුඩ ඔස්සේ තොරතුරු ලබා දී ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් 19800/=ක් “ඊසී කෑෂ්“ ක්‍රමයට වංචා කළ කණ්ඩායමක් සොයා පරීක්ෂණ සිදුකරන බව ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.
ගල්කිස්සේ තැනකින් මෙම මුදල් ඊසි කෑෂ් ක්‍රමයට ගෙවන ලෙස මෙම කාන්තාවට දුන් තොරතුරු මත කොමිස් මුදල ගෙවු බව කාන්තාව කළ පැමිණිල්ලේ සදහන් වන බව ගල්කිස්ස පොලිසිය පවසයි.
අදාළ ජංගම දුරකථන අංක ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙවැනි සූත්තර වලට හසු නොවන්නයි පොලිසිය මහජනතාවට උපදෙස් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාවට අනුබල දුන්නාට කාන්තාව රිමාන්ඩ් කරන්න කල්පනා කළේ නැද්ද? (නි)
ආශ්චර්ය එක්ක රටේ මිනිස්සුන්ගේ මොලේ ක්ෂය වීගෙන යනවද කොහෙද? (නි)
මේ කාන්තාව වැරදියි කියලයි මට නම් හිතෙන්නේ (නි)
තාක්ෂනය දියුණු උනාමත් කරදරයි (දී)
සල්ලි එක්ක කරන්න (දී)
මේ කාන්තාවගේ පෙරේතකමට තමයි මෙහෙම වුණේ.මෙයා එස්. එම්.එස් පණිවුඩය ආ විගස ඇය කාටවත් නොකිවුවේ මුදල් ලැබීමෙන් පසු කාටවත් නොදෙන්න නේද? (නි)
වැඩි පෙරේතකමට යන කාන්තාවොන්ට ඔහොම වෙලා මදි. අපරාදෙ මිනිස්සු මැරි මැරි හොයන සල්ලි ගෑනු නිකන් කාලා දානවා (නි)
සල්ලි වෙනුවෙන් මිනිස්සු මොනවාද නොකරන්නේ කියන්න
ඊසී කෑෂ් කියන්නේ මේකට තමා , ලෙහෙසියෙන් මුදල් හොයන එක. (දී)
දන්න සූත්තර ඔක්කොම දානවා ලංකාවේ ඉන්න මොළ කාරයෝ.නමුත් කවදා හරි අහුවෙනවා. (නි)