බන්ධනාගාරයකින් අත්අඩංගුවට ගැණුනු වැඩිම හෙරොයින් මත් කුඩු තොගය සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධි ඒකකය බදාදා රාත්‍රියේ සමත් විය.
ජංගම දුරකතනයෙන් ‘ඊසි කෑෂ්‘ ක්‍රමයට මුදල් හුවමාරු කැර ගනිමින් සිර ගෙයි කුඩු වෙළඳාම සිදු වෙයි.
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පිරිමි වාට්ටුවට පෙර දින රාත්‍රී 7.30ට පමණ බුද්ධි ඒකකයේ නිළධාරීන් 60 දෙනකු පමණ ගොස් රිමාන්ඩ් සැකකරුවන් ඉන් එළියට යවා මෙම හදිසි සෝදිසි මෙහෙයුම කෙළේය.
පැය දෙකහමාරක් සෝදිසියට ගත විය.
ජංගම දුරකතන 28ක්, බැටරි චාජර්, දුරකතන සිම්පත්, ගංජා, චරස් (හෙරොයින් වර්ගයකි), ගිනිපෙට්ටි, ලයිටර්, දුම්කොල, සිගරට් ඇතුළු නීති විරෝධී උපකරණ රාශියක් සොයාගෙන ඇත.
හෙරොයින් කුඩා ඉටි කවර වල දමා සැකකරුවන්ගේ ශරීරයේ සඟවා බන්ධනාගාරයට රැගෙන යති.
හෙරොයින් මත් කුඩුවල බර හා වටිනාකම තක්සේරු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මේ වන විට බන්ධනාගාරය වෙත ගෙන්වා ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී සුමිත් රංජන් මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් මහතා ඇතුළු නිලධරයෝ මේ මෙහෙයුමට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව අහසින් වෑටුන ඒව නෙමේනෙ ඈතුලට අරගෙන ගියෙ ගේට්ටුවෙන්මයි ඉතින් වරද අපේද. මේ හිරකාරයො එලියට ආවත් අපිටමයි කරදරේ මුන්ගෙ ජරා වෑඩ කවදාවත් නවත්වන්නෙ නෑ.(ස)
ඔය සිම් වල අයිතිකරුවන් සොයන්න. හිරකාරයෙකුගෙ නමට තියෙන්නන බෑ. බන්ධනාගාරය ඇතුලත ඡංගම දුරකථන අක්‍රීය නොකරන්නේ ඇයි.....? ඉතාමත් ප්‍රායෝගික විසඳුම එයයි.(ස)
නියමයිනේ (නි)
හොද වැඩක් ඊසි කෑෂ් (නි)
මෙච්චර දේවල් ඇතුලට යනකම් ජේලර්ලා මොකද කරේ.? මුලින්ම වැලිකඩ ජෙලර්ලව චෙක් කරලා ඊට පස්සේ හිරකරුවන් චෙක් කරන්න ඕනේ. (ස)
රජයේ පඩි දීලා සේවකයෝ ඉන්නේ ඒවා බලාගන්න. මෙයාලා එයාලගෙනුත් පඩි අරන් කරන්නේ ඕවා තමා. අපේ රට මේ තත්වෙට ඇද දමන්නේ අපේම මිනිස්සු (නි)
ඊසි කෑෂ් ලංකාවේ තහනම් කළ යුතුයි. ඔය ක්‍රමය හරහා හුගත් හොර ගනුදෙනු සිදුවෙනවා.(නදී)
ඕවා අල්ලන අයම තමයි ඕවා ඇතුලට ගෙනියන්නෙත්. හවස ගල්කිස්ස උසාවියට ගිහින් බලන්නකෝ මහේස්ත්‍රාත් තුමා බැස්සට පස්සේ තියන සෙල්ලම්. හිරේ ඉන්න නෝනට කුඩුවෙන් එලියට ඇවිත් මහත්තයව තුරුළු කරගන්නත් ඉඩ හදලා දෙනවා ගාඩ් මහත්තුරු.(නදී)
මේවා යන්නේ ටෙනිස් බෝල් වල අස්සෙනේ. (නි)
හොඳ ආරම්භයක්. සියලු බන්ධනාගාර ආවරණය වනසේ නිරන්තර සෝදිසි කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කරන්න. මේ සියල්ලම ගුද මාර්ගයේ සඟවාගෙන නොඑන බැවින් තහනම් භාණ්ඩ ඇතුලට එන මාර්ග වසන්න.(ස)
දුරකතන සිම්පත් ඕන කෙනාටයි නැති කෙනාටයි හැමෝටම ඕනෑම තැනකින් ඕනවෙලාවක ගන්න තියෙනකොට කොහොමද අපරාද නවත්වන්නේ? මේවා සිදුවෙන්නේ අපේ රටේ සියලු රජයේ නිලධාරීන්ගේ අඩුපාඩු නිසයි. (ස)
දුරකතන බන්ධනාගාරය තුලට ගෙන යාම වැලැක්විමට පියවර නොගන්නේ ඇයි?(නදී)
ලංකාවේ බන්ධනාගාර වලින් අපරාධකරුවන් පුනරුත්තාපනය කිරීම කෙසේ වෙතත් 'වෘතීය අපරාධකරුවන් රටට බිහිකරන මධ්‍යස්ථානයක්' ලෙස හැඳින්විය හැකිය.(නදී)
බන්ධනාගාර නිලධරයෝ මේවාට වගකිම බාරගන්න වෙනවා.(ස)
හිනා යනවා මට නම්. ආපහු ආපහු අල්ලනවා, පත්තර වලත් දානවා, ජේලර්ලාත් ගොඩක් ඉන්නවා , ඒත් ආයිත් ටික දවසකින් කුඩු ඇතුළේ.... (නි)
වැලිකඩ රවුමක් යන්න එකම වහලක් යටින් ඔබට අවශ්‍ය දේ මිලදී ගන්න. (ස)
ඡායාරූපයේ තියෙන්නේ එක රුපියල් දාහයි කෝ අනිත් කොළ ටික ?(නදී)
සෑම මන්ත්‍රී ආසනයකටම එක හිර ගෙදරක් හදන්ඩ. මේවායේ නේවාසිකයින්ගේ සංඛ්‍යාව අඩු කොට දැඩි පරික්ෂාවක් කරන්ඩ.(නදී)
වහාම මේවා නවත්තන්න ඕනේ (දී)
මටත් වැලිකඩ යන්න හිතෙනවා, තියෙන සැප.(ස)
අර 3 වන පින්තුරයේ දුම්කොළ අස්සේ නිදාගෙන ඉන්නේ කවුද? බෝනික්කෙක්ද? (නදී)
හොඳ වැටලීමක්, ඒත් කැසිනෝ එක ඇරියාම,මේ ව්‍යාපාරය නිදැල්ලේ කරගෙන යාමට නීතියෙන් අවසර ලබාදීමට ඉඩ තියෙනෙවා. එතකොට ඒකාදිපති ව්‍යාපාරයක් පටන්ගනිවී, බඩු තියෙන්නේ එක්කෙනෙක් ළඟ පමණි. බඩුම තමයි. සුබ අනාගතයක්.(නදී)
මත්කුඩු වලට ඉව තියෙන බල්ලකුගේ සේවය ගේට්ටුවට යොදාගන්න පුළුවන් නේද? සෙනග යන වෙලාවට විතරනේ. සෝදිසි මෙහෙයුම් වලටත් බල්ලන්ව ගෙනියන්න පුළුවන්.උන් අල්ලස් ගන්නෙත් නැති නිසා හරියටම වැරදිකාරයා අල්ලා ගනියි. (නි)
මේවා කොහොමද ඇතුලට යන්නේ (දී)
ගසේ මුල මුලින්ම කපන්න. ගසේ අතු කපල වැඩක් නැහැ. නමුත් ඒ දේ වෙන්නේ නැති එකයි දුක. (නි)
කියන්නට දෙයක් නැත. සියලුම නිලධාරීන් වගකිව යුතුයි.(ස)
ආරක්ෂක අංශයේ හා රාජ්ය ආයතනවල ඉන්න ආත්මාර්තකාමී දුෂකයෝ නැතිකරනකන් මේ රටේ කිසිම නීතිවිරෝධී වැඩක් නවත්වන්න කවදාවත් බැහැ.(නදී)
මේවා දකිනකොට තව හොරකම් මිනි මැරුම් වැඩි වෙනවා. එළියේ නැති සැප ඇතුලේ තියනවනේ කියලා. මේවට වග කියන්න ඕනා කව්ද ?(නදී)
අනේ පව් අසරණයන් ටික. ඔය කුඩු ගේන අයව අල්ලන්න බැරිද ?(නදී)
මේවා ඇතුලට ගෙන යාමට සමහර බන්ධනාගාර නිලදාරීන් මුදලට සහය දෙනවා. සමහර නිලදාරීන් අවංකව සේවය කළත්, සුළු වංක නිලදාරීන් නිසා මේවා මැඩපැවැත්වීමට අපහසුයි. මේවා ඇතුලට ගිය ක්‍රමය සොයා බලා, එයට නිසි විසදුමක් කරන්න. (නි)
අපේ බෞද්ධ රටේ පාලකයන්ගේ වැරදි නිසා මේ වගේ දේවල් වැඩි වෙලා. එළියට එන්න උදව් දෙන්නෙත් මෙයාලමයි.(නදී)
ඊසි කෑෂ් නම් හොදයි (නි)
මේ මත් කුඩු ජාවාරම් කාරයන් එළියේ මෙන්ම , ඔවුන් සිර ගත වුන පසුවත් එය ක්‍රියාත්මක කරනවා. ඔවුන්ට යහමින් මුදල් තිබෙනවා. ඒ මුදල් වලට යටවන නිලධාරීන් කොටසක් ඉන්නවා. මෙය අල්ලාගත් නිලදාරින්ට අපගේ හද බැඳී ස්තුතිය (නි)
හු හු හු... ඩයලොග් සිම් වලට වඩා අපේ සිම් එතන ගොඩක් තියනවා (නි)
ඊසි කෑෂ් හොද ක්‍රමයක්. නමුත් යොදා ගන්නේ වැරදි වැඩ වලටම මමත් මුලදීම හිතුවා මේ ක්‍රමයෙන් මේ වගේ ස්ථාන වල වැරදි මුදල් ගනු දෙනු වේවි කියලා. පගාව දෙන්න, අබිසරු ලියකට මුදල් දෙන්න, පොඩි ළමයකුට මුදල් දී වැරදි වැඩක් කරවා ගැනීම වගේ බොහෝ දේ මේ විදිය ට කරගන්න පුළුවන්. නමුත් මේ ක්‍රමය සමාජගත කිරීමට පළමු විදිමත් ක්‍රමයක් කලා නම් හොඳයි.(නදී)
ඇයි ඩයලොග් අල්ලන්නේ නැද්ද? (නදී)
පොලිසියේ මහත්වරුනේ, මුලින්ම ඕවට උඩ ගෙඩි දෙන දුෂිත බන්ධනාගාර නිලදාරීන්ව බෙල්ලෙන්ම අල්ලගන්න. (නි)
මට මුකුත් මතක නැහැනෙ. මට මතක මම වැලිකඩටත් සප්ලයි කරා කියලා විතරයි.(නදී)
කොහොමද මෙහෙම වෙන්නේ
ඕවා කවදාවත් නවත්වන්න බැහැ. හේතුව දූෂිත නිළදාරීන් (නි)
මුදලට කෑදරකමින් තම නිල ඇදුමට සහ අනෙකුත් අවංක නිළධාරීන්ට සහ දෙපාර්තමේන්තුවට ලැජ්ජා කරමින් කටයුතු කරන සමහර නිලධාරීන් ඉන්නා තුරු මෙවැනි දේවල් තවත් ඉදිරියේදී සිදුවිය හැකිය. (නි)
මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අල්ලන කුඩු වලට වෙන්නේ මොකක්ද කියන එක (නි)
මේවා කොහොමද යන්නේ කියලා හිතන්න ඕනේ. පිටකොටුවෙවත් මෙවගේ ව්‍යාපාර නැතිව ඇති.(ස)
මෙයාලම දීලා මෙයාලම අල්ලලා පත්තරේ දානවා මාර විහිළු.(නදී)
ඉබ්‍රහිම් මේවට ඔයාල කෙලින්ම වගකියන්න ඕනෑ. ඔයාලා බොරුවට කඳුළු හලන්නේ නැතුව හොඳට හිනාවෙන්න. මොකද? ඔයාලට ඕනෑ ටික දෙන හුඟක් දුරට හරිනේ නේද ? (නි)
මේවා කරන්නේ බාහිර පාර්ශ්වයකින් නෙමෙයි. බන්ධනාගාර දූෂිත නිලධාරීන්මයි. ඔවුන් පාතාල ලොක්කන්ගෙන් යැපෙමින් සියලු අකටයුතුකම් කරනවා. කවුරුවත් මේවා හොයන්නේ නැහැ (නි)
බන්දනාගාර බුද්ධී අංශය විසින් තහනම් දේවල් ඇතුලට යන පාරවල් සොයා වසා දැමිය යුතුය.(නදී)
ගෙනියන අයම තමා නේද ඔය අල්ලලා තියෙන්නෙත්. නැත්නම් අපිට යන්ඩ පුළුවන් තැනක්ද බයක් සැකක් නැතිව ඕව අරගන.(ස)
මේවා උඩින් ආපු දේවල් එහෙම නෙමේ. ඕකට උත්තර දන්නේ ඔය පොටෝ වල ඉන්න කට්ටිය තමා.(නදී)
ප්‍රදීප්, බල්ලගෙ වැඩේ බූරුව කරනකොට ඕව ඔහොම වෙනෙවා. (නදී)
මේවාට ඝෘජුව සම්බන්ද(සාමාන්‍ය සිරකරුවන්ගේ කෑම පාර්සලයද කූරුගානා) බන්දනාගාර නිලධාරීන් ඉන්නවා. නැතිනම් මේවා ඇතුලට ගෙනියන්නේ කොහොමද? මහජන මුදලින් නඩත්තුවන මෙවන් රාජ්‍ය ආයතනවල දූශිත නිලධාරීන්ට නිසි දඬුවම් ලබාදී පලමුව බන්දනාගාරය සුද්ධකල යුතුයි. නැතිනම් ඉදිරියේදී මෙයද මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ තෝතැන්නක් වේවි. (ස)
මේ වැටලීමෙන් එක දෙයක් හොඳින් ඔප්පු වෙනවා. ඒක තමයි බන්දාගාර නිලධාරීන්ගේ අකාර්යක්ෂම සේවය. ලැජ්ජයි නේද?(ස)
හෙරෝයින් ලංකාවට ගෙඅන්නේ කව්ද ? අහිංසක දුප්පතුන්ට පුරුදු කරන්නේ කව්ද? බොරුවට දුප්පත් මිනිස්සු විනාශවෙන්න ඉඩහරලා අල්ලනවා. හිරේ දානවා. ඇබ්බැහි උනාට පස්සේ නවත්වන්න අමාරුයි. කුඩු ගහන අය පුනරුත්ථාපනය කරන එක නේද කලයුත්තේ. කුඩු අරගෙන එන ලොකු අයව අල්ලන්න. රට හදන්න සබැ උවමනාවක් තියනවනම් පැය 48කින් කරන්න පුළුවන්.(නදී)