දකුණු ඊශ්‍රායලය උදෑසන රික්ටර් පරිමාණයේ 4.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාවත් සමඟ මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වූ බව ද පැවැසෙයි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය මිට්ස්පේ ෂාලෙම්, අයින් බොකෙක් හෝටල් කලාපය, අරඩ්, නියෝට් හකිකාර්, අයින් තමර්, රොටෙම් කාර්මික කලාපය, නෙවේ සෝහාර්, අයින් ගේඩි, මසාඩා සහ දකුණු නෙගෙව්හි ප්‍රදේශ රැසකට දැනී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.