
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරය සම්බන්ධයෙනි.
අද වනවිට ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට පහර දෙන්නේ ද එම ඔක්තෝබර් 7 සිදුවුණු ප්‍රාහරයෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පුදුමයට පත් කරමිණි.
ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අසාර්ථක නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වුණු අතර, මේජර් ජනරාල් ඇරොන් හලීවා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම චෝදනා හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නම් එහෙම වෙයිද? මෛත්‍රී ඔබ සනීපෙන්ද?
ඒකට මෙහෙ, ගහනවා කියලා දැනගෙනත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැති කට්ටිය පයින් ගහලාවත් එළවාගන්න බැරි වුණා.
අපේ රටේ මේකෙ අනිත් පැත්ත. අපේ රටේ අය ආදර්ශයට ගතයුතු ක්‍රියාවක්...!