IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඊශ්‍රායල අගමැති - ට්‍රම්ප් හමුවෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එළැඹෙන 7 වැනිදා ඇමෙරිකාවේ සංචාරයක නිරත වනු ඇති බවත් එහිදී ඇමෙරිකානු ජනාධිපති හමුවී ගාසා තීරය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවත් ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ගාසා තීරය යුද්ධය අවසන් කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා ලෙස වොෂිංටනයේ බලකිරීම් වර්ධනය වෙමින් පවතින මොහොතක ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ඇමෙරිකානු සංචාරය සිදුවේ. 

ජනපති ට්‍රම්ප් පසුගිය ජනවාරි මාසයේදී ධුරයට පත්වීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සිදුකරන තෙවැනි සංචාරය මෙය වන අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවැති දින 12 ක යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට එළැඹ හරියටම දින 14 කින් මෙම සංචාරය සිදුවීමද විශේෂත්වයකි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙනජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවේදී ගාසා තීරය සහ ඉරානය ප්‍රධාන මාතෘකා වෙනු ඇති බවද ධවල මන්දිර ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති කාර්යාලය නෙදන්යාහුගේ ඇමෙරිකානු සංචාරය පිළිබඳව තවමත් නිල කාල වකවානු ප්‍රසිද්ධ කර නොමැත.



අදහස් (0)

ඊශ්‍රායල අගමැති - ට්‍රම්ප් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 546 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site