
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන - ඊශ්‍රායලය යුද්ධය පැවැති සමයේදී ඊශ්‍රායලය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා කරමින් ඉරානය 700 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
ඔත්තු බැලීමේ චෝදනා මත පුද්ගලයන් 9ක් මේ වනවිට අදියර තුනකදී එල්ලා මරා දමා ඇති බවද ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේය. යුද්ධය පැවැති කාලයේදී ඉරානය තුල ඊශ්‍රායලයට සහාය දක්වන බුද්ධි සේවා දැඩිව ක්‍රියාත්මක වී ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු මත ඉරාන ආරක්ෂක අංශ මෙම අත් අඩංගුවට ගැනීම් කර ඇති බවද ඉරාන මාධ්‍ය පැවැසුවේය.
එල්ලා මරා දැමුණු පුද්ගලයන් අතර ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායල භාණ්ඩ ඉරානය තුළට ගෙන ඒමට සහාය වූ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් ද සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 12 යුද්ධයෙන් මියගියාට වඩා පිරිසක් ඉරානේ ඇතුලේ කුමන්ත්‍රණ කළා කියල මරලා දාලා තියෙනවා. ඔන්න රටක හැටි. අපේ රටේත් ඔහොම වෙන්න බැරි නැහැ. වැඩ බැරි මාලිමාවුන් ටික ඊළඟ ඡන්දය තියාවිද ෂුවර් නැහැ. රටේ අමාරුම කාලේ කෝ ඡන්ද කියා විමසීම් කරපු අය දැන් බලය තියෙද්දී පළාත්සභා ඡන්දය ගැන කිසිම සද්දයක් නැහැ