(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතර ආරම්භ වී ඇති යුද්ධයේ අවසානයක් දැකීම සඳහා එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ මධ්‍යවාදී විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් හදිසි එක්සත් රජයක් පිහිටුවීමට එකඟ වී ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, බෙනී ගාන්ට්ස් සහ ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට්ගෙන් සමන්විත යුද කැබිනට්ටුවක් පිහිටුවීමට එකඟ වූ බව බෙනී ගාන්ට්ස්ගේ ජාතික සමගි පක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම කැබිනට්ටුව මගින් හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට අදාළ තීරණ පමණක් ගනු ඇති බවත් ඉන් පිටත කිසිඳු තීරණයක් නොගනු ඇති බවත් එම ප්‍රකාශයේ දැක්වේ.
බෙනී ගාන්ට්ස් දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ආරක්ෂක ප්‍රධානියෙකුද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් ආදර්ශයක් ද. ලංකාවේ එහෙම වෙන්නේ නෑ කවදාවත්.
එහෙ එහෙමයි .මෙහෙ ජනතාව එපා කියපුවාම ඔලු මාරු කරලා රූකඩයක් දාගෙන කොහොමද ආණ්ඩුව ගෙනියනවා .පුතානෝ වෙනමම උඩ පනිනවා .වීරවංශලා වෙනමම රජවෙන්න හදනවා .රතු මල්ලිලා වෙනමම රජවෙන්න දඟලනවා .අන්න එතනයි වෙනස
ජවිපෙ, යූඇන්පී වැනි ලංකාවෙ දේශපාලන පක්ෂ මෙවැනි තීරණාත්මක අවස්ථායලදි ක්‍රියා කරන පාහර අවස්ථාවාදී විලාසයට වඩා මේ මිනිස්සු කෙතරම් පරිණත ද!
අපේ රටේ නම් මෙවෙනි වෙලාවට එකි නෙකා බෙදෙනවා. දෙෂපාලන වාසි වලට රාජ්‍ය නොවන සංවිධාන වල අවශ්‍යතා වලට . සල්ලි වලට . වෙනස එතනයි.
මැක්ස් .., ඔබට තේරෙන ඔය ඇත්ත, තව කී දෙනාටද තේරෙන්නේ...,
යුද්ධය සාධාරනීකරණය කරනව නෙවෙයි. තම රටට යම් විපතක් ළඟා වූ විට එක්සත්ව එකමුතුව වැඩ කරන හැටි ගැන දුන් හෙඳ ආදර්ශයක්. ලංකාවෙ අය පහුගිය යුද සමයේ හැසිරුනු හැටි නින්දිතයි කියන එක දැන්වත් තේරෙනවද? අදටත් ඒ නින්දිත හැසිරීම ඉවර නැහැ. ඊශ්‍රායල් අගමැති හරිද වැරදිද කියල එරට විපක්ෂය තර්ක කරන්නෙ නැහැ. මානව හිමිකම් ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. අපේ අය දැන්වත් රට ගැන හිතුවොත් හොඳයි. මෙයාල ගෙන් පාඩම් ඉගෙන ගෙන.
මේ යුද්ධය සුදු අධිරාජ්‍යවාදීන් විසින් මහජනතාව කරපිට පටවන්න ලද එකකි
මේක තමයි ක්‍රමය සතුරාට පහර දෙන්න රටතුළ තිබෙන පක්ෂ විපක්ෂ මෙන්ම ජාතිය එකතු විය යුතුයි... අපේ රටේ කෙරෙන්නේ විපක්ෂය සතුරා සමග එකතු වී අපේ හමුදා යුද්ධ අපරාධ කළ බව කීමයි.. නැතිනම් ජාතිය දෙකඩ වී කොටසක් සතුරාගේ ගුණ වැයීමයි. මුස්ලිම් කාරයින්ගේ ගුණ කියන සිංහලයෝ එමටයි...