රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී.ඩී.පී) නායක ඩග්ලස් දේවානන්ද හිටපු ඇමැතිගේ නාරාහේන්පිට දේශපාලන කාර්යාලයේ ක්‍රියාත්මක වූ සීසීටීවී ආරක්ෂක කැමරාවේ 2012-5-16 වැනිදා දර්ශන රහස් පොලිසියට ලබාදෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දේවානන්ද මහතාට අද (3) නියෝග කළේය.
ලබන 10 වැනිදා ට පෙර මෙම වීඩියෝ පටය ලබාදිය යුතු බවද නියෝගයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් ගිහින් මේවා පෙනෙයිද?(හේ)
මොහු මහජන නියෝජිතයෙක් හැටියට උසාවියෙන් ඉල්ලනතුරු ඉන්නේ නැතුව අදාළ තොරතුරු දීමට බැඳීසිටිනවා. එසේ නොකිරිම ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නොඑසේ නම් තොරතුරු දීමට කිසිවෙක් බාධාකර ඇද්ද යන්න විභාග කළයුතුයි. (නි)
හොද සාක්කියක් වෙයි. බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
සීසීටීවී වාර්තා මෙච්චරකල් තියාගෙන ඉන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් අපි නම් තියාගෙන ඉන්නේ මාස 3යි. (නි)
ඒවා අස්ථානගත වෙලානෙ. (ර)
මෙච්චර කල් ගිහින් මේවා තියාගන්නේ නැහැ. (ර)
පුහුල් හොරා කරෙන් දැනේ. (ර)