
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඊටීඑෆ් හා ඊපීඑෆ් අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ දශක කිහිපයක කාලයේදී කිසිදු රජයක් නොකළ අන්දමේ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
අරමුදල්වල කාර්යක්ෂමතාව සහ සාමාජික ප්රතිලාභ ඉහළ නැංවීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව හරහා නව ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු කීය.
වත්මන් දත්ත වාර්තාවලට අනුව සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වී ඇති සහ ප්රතිලාභ ලබන සමස්ත සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 22.9ක් වන අතර, ඒ අතරින් මාසිකව සාමාජික මුදල් බැර වන සක්‍රිය ගිණුම් සංඛ්‍යාව මිලියන 3.1ක් වේ.
එමෙන්ම සේවක භාරකාර අරමුදලෙහි ලියාපදිංචි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන තුනක් පමණ වේ.
2025 අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන 4.9ක් සහ සේවක භාරකාර අරමුදලෙහි වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 637.5ක් වන බවද මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ETF /EPF වගේම දායකත්ව pension එකක් පුද්ගලික අංශයට හැදුව නම් , මිනිස්සු මේ තරම් සල්ලි පස්සේ දුවන එක අඩුවෙයි. ගොඩ ක් පුද්ගලික අංශයේ අය , 55-60 ට පස්සේ තමන්ගේ ජීවිතය ගෙවන්න ඕනේ කරන වියදම් දරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක ඉන්නේර් රාජ්‍ය අංශයේ අවුලක් නැහැ , වැන්දඹුව pension එකක් තිබුනත්, මියගිය ස්වාමියාගේ /බිරිඳගේ pension එකත් ලැබෙනවා. එහෙම සැපක් පුද්ගලික අංශයට නැහැ. හැමෝටම සාධාරණ ක්‍රමයක් ඕනේ.