IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඊගල්ස්ට කහ කාඞ්පත් දෙකක් ලැබීමෙන් ශාර්ක්ස් පරදවීමේ අවස්ථාව ගිලිහෙයි

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) දෙවැනි අදියරේ පළමු දිනය වූ පෙරේදා (5) ද අපරාජිතව සිටි දකුණ ශාර්ක්ස් පිල පරාජය කිරීමට තිබූ අවස්ථාව නැගෙනහිර ඊගල්ස් පිල වෙතින් ගිලිහි ගියේය. අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල සහ ලසින්ද්‍ර කොස්තාගේ නැගෙනහිර ඊගල්ස් පිල අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස ඊගල්ස් පිල පෙරමුණ ගැනීමට සමත් විය. දෙවැනි අර්ධයේදී ඊගල්ස් පිලේ ක‍්‍රීඩකයන් දෙදෙනකු කහ කාඞ්පත් ලැබීම නිසා විනාඩියක පමණ කාලයක් ක‍්‍රීඩකයන් පස් දෙනකුගෙන් ක‍්‍රීඩා කිරීමට සිදුවීම එම කාණ්ඩායමේ පරාජයට ප‍්‍රධාන හේතුව විය. දකුණ ශාර්ක්ස් පිල අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක් රැස්කරමින් ලකුණු 26-14 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් විය. දෙවැනි අදියරේ පළමු දිනය වූ පෙරේදා (5) තරග අවසන් වන විට පළමු අදියරේ ශූරයන් වූ දකුණ ශාර්ක්ස් පිල ‘ඒ’ කාණ්ඩයේ ද, අනු ශූරයන් වූ මධ්‍යම කිංග්ස් පිල ‘බී’ කාණ්ඩයේ ද පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිත වාර්තා තව දුරටත් පවත්වා ගැනීමට සමත් විය. පළමු අදියරේදී අනු ශූරයන් බවට පත්වූ මධ්‍යම කිංග්ස් පිල යෝෂිත රාජපක්‍ෂ මෙහෙයෙවන යාපනය චැලෙන්ජර්ස් පිල හමුවේ ලකුණු 21-17 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි. තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (6) රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබුණි. තරග ප‍්‍රතිඵල

  • දකුණ ශාර්ක්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (45-5)
  • සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරජය කරන ලදී (21-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-5)
  • ඌව වයිපස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (17-14)
  • බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-19)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (27-12)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (27-0)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (21-17)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (26-14)
  • උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (19-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපස් පිල පරාජය කරල ලදී (34-14)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල (34-21)
  • බස්නාහිර වෝරියස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (22-15)
  • දකුණ ශාර්ක්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (17-14)
  • ඌව වයිපස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (7-5)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරල ලදී (26-19)
දකුණ සාර්ක්ස් සහ පිලේ විදේශිය ක‍්‍රීඩකයකු පන්දුව රැගෙන දිවයමින්..  (ඡායාරූපය: ශාන්ත රත්නායක) නැගෙනහිර ඊගල්ස් පිලට එරෙහිව යාපනය චැලෙන්ජර්ස් පිලේ ෆීජි ක‍්‍රීඩකයා උක්සාහක දිනුමක් කරා..



අදහස් (0)

ඊගල්ස්ට කහ කාඞ්පත් දෙකක් ලැබීමෙන් ශාර්ක්ස් පරදවීමේ අවස්ථාව ගිලිහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site