IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඊ - පාස්පෝට් ඇණවුම ගැන සොයයයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (ඊ-විදේශ ගමන් බලපත්‍ර) ලක්ෂ 50ක් මිලදී ගැනීම සඳහා පසුගිය පාලන සමයේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාල ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම ගොනු කර තිබූ පෙත්සම මෝෂමක් මඟින් කැඳවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එසේ දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පීග කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීණි.

මෝෂමකට අනුව අදාළ පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් ඊ-විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනමා ඇති ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කීය.

විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ජාතික ප්‍රසම්පාදන කමිටුව සතියක කාලයක් ඉල්ලා ඇතැයි කී සුමති ධර්මවර්ධන මහතා ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණග් ඊශ්වරන් මහතා කරුණු දක්වමින් අදාල විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළකාලමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරවා ගැනීමට සිය සේවාදායකයින් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.

 

 



අදහස් (2)

ඊ - පාස්පෝට් ඇණවුම ගැන සොයයයි

රුවන් Tuesday, 03 December 2024 06:22 PM

මනුෂ නානායක්කාර තමයි දන්නේ ඕවා, දැනටමත් ස්විස් බැංකුවකට බැර කරලා ඇති ඔය සල්ලි ටික.

:       2       1

Tharindu Wednesday, 04 December 2024 08:21 AM

අලුත් ගුවන් ගමන් බලපත්‍රය එක එනකල් ආසාවෙන් මඟ බලන් හිටියා එහි ලස්සන පිළිබඳ පලවී තිබුණු වාර්තා නිසා...හරියටණ මාස පහක් (විදේශ රටක සිට ඇණවුම් කලෙමි) ගතවි ලැබුණු එය දැකීමෙන් මහත් ලෙස දුක් විය...එය ඉතාම බාල මට්ටමේ මුද්‍රණය කළ දෙයක් ලෙස පෙනේ...පැහැදිලි වර්ණ නැතත් කාළයක් ගතවෙන විට එය තවත් දුර්වර්ණ වෙනු ඇත..තමන්ගේ විස්තර ඇතුලත් පිටුවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය යන්න කියවීමට අත් කාචයක් අවශ්‍ය වේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site