මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ සහ මඩකලපු ශාඛා විසින් සංවිධාය කරන ලද ඊ. ජේ. හර්බට් පියනම අනුස්මරණ පැසිපන්දු තරගාවලියේ ශුරතාව දිනාගැනීමට හම්බන්තොට පැසිපන්දු කි‍්‍රඩා සමාජය සමත්විය.
ඉතාමත් තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම ලකුණු 63 - 62 ක් ලෙසින් පරාජය කිරීමට හම්බන්තොට පැසිපන්දු කී‍්‍රඩා සමාජය සමත් විය. තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී හම්බන්තොට පැසිපන්දු කී‍්‍රඩා සමාජය ලකුණු 39 - 26 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
මෙම තරගාවලිය පසුගියදා ශී‍්‍ර ලංකා පැසිපන්දු සම්මේලනයේද සහයෝගය ඇතිව, මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයෙදී පැවැත්විණ.
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් උපන්දා සිටම ඉන්නේ හම්බන්තොට. හැබැයි පැසි පන්දු ගැන හම්බන්තොටදී අහන්න ලැබුනේ නම් නැහැ (නි)
එක ඇත්ත වෙන්න ඇති එත් ඉස්සරහට ඔයාට අහන්න හම්බවෙයි ගොඩක් මීට කලින් අහල නැති දේවල්. (දී)