
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහලේ ආරක්ෂිත යකඩ පැති වැටක් කඩා ගෙන සිසුවකුෙ බිමට ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ දෙවන මහලෙන් අඩි 15 ක පමණ පහලට ඇද වැටී තුවාල ලබා ඇත්තේ බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක 2 වසරේ ඉගෙනුම ලබන බදුල්ල පස්සර පාර 2 කනුව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි සිසුවකු යැයි පොලිසිය කීය .
මොහු මව සමග උදෑසන බදුල්ල නගරයේ රේස්කෝස් පාර ක්‍රිඩාංගනයේ රගර් ක්‍ර්‍රිඩා පුහුණු වීම් කටයුතු සදහා ගොස් දහවල් සිය මව සමග කිසියම් අවශ්‍යතාවයකට බදුල්ල නගරයේ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයට පැමිණ එහි දෙවන මහලේ සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය .
මෙහිදී සිසුවා දෙවන මහලේ යකඩ වලින් තනා තිබූ ආරක්ෂිත යකඩ වැටට හේත්තු වී.සිටියදී දිරාපත් වී යකඩ වැටකඩාගෙන සිසුවා සමග පහල මාර්ගය ට වැටී ඇතැයි පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොඩනැඟිල්ල බදුල්ලේ මහ නගර සභාවේ අයිතිය තියෙන වෙළදුන්ට දීලා මාසිකව ආදායම් ලබන ඒවා තමයි ඉතින්. වෙළෙන්දො නොබලනවා ඇත්තෙ රජයෙන් වැටුප් ලබන වෙළදසැල් භාරකරුවෝ සිටින නිසා වෙන්න ඇති. ඊළගට නගරසභාව වුණත් ආදායමක් ගන්නවා වුණත් ගොඩනැඟිලි දිරාපත් වෙලාද කියල බලන්නෙවත් නැහැ. හරිනම් නගරසභාවෙන් දරුවා වෙනුවෙන් ප්‍රමාණවත් වන්දියක් ගෙවීමට කටයුතු කරන්න ඕන.
නගරයේ වෙළඳ සංකීර්ණයේ බදු අය කරගන්නේ මොන ආයතනයද? එම ආයතනයට හා නඩත්තු කටයුතු භාර නිලධාරියාට මිනීමැරීමට තැත් කිරීම උදෙසා නඩු පවරන්න. කාගේ කාගෙත් පුටු රත්කිරීම නවත්තමු.
බදුල්ල නගර සභාවෙන් මාසිකව රු.2000/- කට වැඩි මුදලක් නඩත්තු කටයුතු සඳහා අය කළත් කිසිඳු නඩත්තු කටයුත්තක් සිදුකරන්නේ නැහැ. එම තැනම අපිරිසිදුයි. බුලත් කැල ගොඩනැගිල්ල පුරාවට. ගොඩනැගිලි වලට තීන්දු ගසා දැනට වසර 20 ට වැඩි කාලයක් ගතව ඇත. යාචකයින්, පිස්සන් වීදි සුනඛයින් ගොඩනැගිලි ආක්‍රමණය කරගෙන ඉන්නේ...