ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සවෙන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා කියයි. පළමු අදියර යටතේ පසුගිය අප්‍රේල් මාසයේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ අතර ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියෙන් අපේක්ෂිත මෙගාවෝට් 150ක විදුලි ධාරිතාව මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇතැයි ද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉහළ කොත්මලෙන් තව මෙගා වෝට් 75ක්
ෆාරැ Saturday, 30 June 2012 11:48 AM
යන්ත්‍රෝපකරණ ටික මළකෑමට ලක්වීමට ඉඩ ඇත. පරිස්සම් කරනන්න..
ටාර්සන් Saturday, 30 June 2012 11:48 AM
සහ ඒත් එක්කම ලබන සතියේ සිට විදුලිය විසන්ධි කෙර්..
ගම්මන්පිල Saturday, 30 June 2012 11:33 PM
මේවට පුළුවං අනේ ඔච්චර විදුලිය ගන්න... වික්ටෝරියා එකෙත් එන්නෙ 210යිනේ...
ප්‍රියන්ති රණසිංහ Sunday, 01 July 2012 12:12 AM
වික්ටෝරියා වගේ ලොකු ව්‍යාපෘතිවලිනුත් ලැබෙන්නෙ මෙගාවොට් 210 නම් මේවා පට්ටපල් බොරැ...
අන්කල් Saturday, 30 June 2012 12:54 PM
වැඩක් නෑ.කියන්නෙත් නැතුව කපනවා
අචිනි Saturday, 30 June 2012 12:21 PM
සුබ පැතුම්!
ලලිත් සමරකෝන් Saturday, 30 June 2012 12:25 PM
වැස්ස නැහැ.. වතුර නැහැ.. විදුලිය නැහැ.. විදුලිය විසන්දි කරනවිට සියලුදෙනාටම තේරැම්ගන්න පුළුවං සත්‍යය..
ධම්මික Saturday, 30 June 2012 01:17 PM
විදුලි බලාගාරය හැදුවද නිසි ලෙස වර්ෂාව නොලැබේනම්, මෙම ආයෝජනයේ නිසි පලක් වේද? පැහැදිලි යථාර්දය පෙනී පෙනී වෙනත් විකල්ප මාර්ග වලට නොයනුයේ මන්ද?
ප්‍රියන්ත Saturday, 30 June 2012 02:19 PM
ජාතික කර්තව්‍යක් ඉටුකලේ.....සුභ පැතුම්
වරැණ Saturday, 30 June 2012 02:28 PM
පාඩුයි පාඩුයි ඒවගේම හොදයි.. ඒත් සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල දිහා දැක්කම ස්වාභාව ධර්මය ගැන දුකයි.. තාම දෙනෝදොහක් නරඹපු සෙන්ට් ක්ලෙයාර් ඇල්ල නිකං දිය කඩිත්තක් විතරයි දැන්..
නීතිය Saturday, 30 June 2012 02:30 PM
මේ ගිය වියදමින් තාප බලාගාරයක් හැදුවනම් මේ වගේ නියන් කාලෙට ප්‍රයෝජනයක් ගන්න තිබුණා....
අමිල Sunday, 01 July 2012 10:54 AM
වැඩක් නෑ....
සිඩ්නි අයියා Saturday, 30 June 2012 02:40 PM
එකම ජල පහර කී පාරක් පාවිච්චි කරන්නද නේද?? අලුත් දේවල් හෙව්වෙ නැත්නම් අමාරැවෙ.. නැත්නම් අත පය පාවිච්චි කරමු නේ.. අපි අර පරණ හිතපු විදිහට.. ගම හැදුනොත් තමයි රට හැදෙන්නෙ..
රැවන් නුවරඑළිය Saturday, 30 June 2012 03:22 PM
පිස්සු තමයි... වහින්නෙ නැතිව කෝ වතුර.. වතුර නැතිව මොන මෙගා වොට්ද??
සේනානායක Saturday, 30 June 2012 03:44 PM
නියගය ස්වාභාවිකයි..දේශපාලන කොණයකින් නොබලන්න...
පංචක Monday, 02 July 2012 02:10 PM
වතුර නැති උනොත් ඉතිං කස්ටියම ගිහිං සුලු දිය දාලා හරි පුරවන්න වෙනවා..
රංජිත් මංජුල, Saturday, 30 June 2012 03:27 PM
75ක් එකතුකරනකොට 150 ක් පල්ලම් බහියි...
රජිත මංජුල Saturday, 30 June 2012 03:36 PM
සේනානායක මහත්තයගෙ කතාව අහල නැද්ද පාලකයො දැනගන්න ඕන නියගයකුත් එනවා කියල.. ඒ නිසා ඒ දේවල් අරපරිස්සමෙන් පාලනය කරගන්න ඕන... නියගය ආවාට පස්සෙ අරපරිස්සමනේ පාවිච්චි කරන්න කියල උපදෙස් දුන්නට වැඩක් නැහැ...
සිසිර Saturday, 30 June 2012 04:38 PM
වැඩක් නැහැ වැස්ස ගැන බලල ව්‍යාපාති හදල තේරැමක් නැහැ.. වෙන විකල්පයක් හොයාගන්න අඩුතරමෙන් සුළගෙන් විදුලිය නිපදවන්න...
අරිස් Saturday, 30 June 2012 03:59 PM
ජල විදුලි බලාගාර හැර වෙන විකල්පයක් නැද්ද ? ජලය නැතුව මේවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද ?
නීතා රෝහිනී Saturday, 30 June 2012 05:51 PM
මෙගා වොට් 75 ට 78 ක් දෙන්නම් ,අපිට මේ පළාත් සභා 3 දෙන්නකෝ .
රාජා Saturday, 30 June 2012 06:56 PM
අඩේ අප්පා මේකට මගේ නම දැම්මෙ නැත්තෙ ඇයි?? වහාම කමටුවක් පත් කළ යුතුයි..!!