උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර දුම්රිය මගේ අඩි හයක් ගිලා බැසීම නිසා දුම්රිය ගමන් අඩාල වී ඇත.
රඹුක්කන දක්වා විශේෂ බස් සේවයක් මගීන් මගී ප්රවාහනයට පහසුකම් සලසා ඇතැයි දුම්රිය ආරංචි කියයි.
මේ හේතුවෙන් කොළඹ - බදුල්ල උඩරට මැණිකේ ශිඝ්රගාමී දුම්රිය අද දින තාවකාලිකව නතර කළ බව දුම්රිය මෙහෙයුම් අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි. දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකෙරෙන බවද ඔහු කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩරට දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම වලට ලක්වනවා පැය 24 දීම. එනිසා තමා ගිලා බැසීම දැන ගත්තේ (අ)
රටම ගිලා බහින එකේ ඕක මොකක්ද? (නි)
අපි දැනගෙන හිටියා මේ වැඩේ මේ කාලයට වෙනවා කියල. මොකද පළමු වැනි වතාවේ එකට නියම ප්රතිකර්මය කළේ නැහැ. උඩරට දුම්රිය මාර්ගයේ වටිනාකම ගැන සැලකිල්ලක් නැතිකම හොඳින් පේනවා.(ම)
මෙහෙම ගියොත් ළඟදීම උඩරට දුම්රිය මාර්ගයේ මගීන්ගෙන් පිරුණ දුම්රියක් පල්ලමකට පෙරලී ජීවිත රැසක් විනාශ වුනා කියා කියා, කණගාටුවෙන් වුනත් දැන්විය යුතු වෙනවා උඩරට දුම්රිය මාර්ග දිවා රෑ දෙකේදීම පරික්ෂ කරණ සේවක කණ්ඩායම් තිබෙනවද ? (හේ)
රටේ ජනනායකයින් යයි කියා ගන්න්න අය කියන කතා නිසා, මුළු රටම ගිලා බැස්සත් පුදුම විය යුතු නැහැ. (බ)
අනිවාර්යයෙන්ම පාරට පහළින් අනවසර ඉදිකිරීමක් කරලා ඇති. (බ)
රජය මන්ත්රී වාහන පර්මිට් ලබා දීම සදහා විශාල කැපකිරීමකින් කටයුතු කරනවා. ඒ සඳහා ඔවුන් කෝටි 140 ක් වැය කරනවා. ජනතාව මේ බව තේරුම් ගෙන ඇති හැකි අය නැති බැරි අය සමගින් බෙදා හදා ගෙන ජීවත් විය යුතුයි. (බ)
උඩරට බොහොමයක් ප්රදේශ නායයාමේ අවදානමක තියෙන්නේ. දුම්රියෙන් ඇතිවෙන කම්පනය නිසා ගිලාබැසීම ඉක්මන් වෙනවා. (නි)
මේ දුම්රිය මාර්ග කොටස අවුරුදු 100 කට වඩා පැරණිය. විශේෂයෙන්ම මෙවැනි කඳු බෑවුමක පිහිටීමත් සමඟ මෙවැනි නායයාම් ස්වාභාවිකයි. එබැවින් සම්පුර්ණ වරද දුම්රිය දෙපාර්තමේන්තුවට පැටවීම වැරදියි නේද?
සුද්දාට බැන බැන හරි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ ඔය කොච්ච්චි සහ පාරවල් විතරයි දැන් ඒවත් අභාවයට යනවා මොකද නිසි නඩත්තුවක් නැති නිසා.මුළු ගමනා මණ්ඩලයම (දුම්රිය/ලංගම)ඉන්නේ සේරම හොරු ඇමතිලා එක්කම (අ)
යහපාලනයට සමාන්තරව මුළු රටම ගිලා බසිනවා වගේ .(ම)