කොන්දොස්තරවරයකුගේ පහර කෑමට ලක්වූ බව කියමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසර ශිෂ්‍යයකු මොරටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි.
ගල්කිස්ස - කොට්ටාව 255 බස් මාර්ගයේ පෞද්ගලික බසයකදී අදාළ සිසුවාට බස් රථයේ ඉස්සරහට යන්න යැයි කොන්දොස්තරවරයා කියූ අවස්ථාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් පහර දීම කර ඇතැයිද ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑමෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
138 කොට්ටාව - කොළඹ බස් සේවයේ බස් කීපයක් ඇති අයෙකුගේ බස් රථවල වැඩ කරන්නේ කිසිම සංවරයක් නැති ඇඳුම් පවා පිළිවෙලකට නැති ප්‍රවේශපත්‍ර නොදෙන රස්තියාදු කාරයන් බව බස් සේවකයන් අතර නොරහසකි (අ)
මේ පාරේ කොන්දොස්තරලා කිසිම විනයක් නැති පිරිසක්.රට පාලනය කරන්නේ ටිපර් කරයොයි ත්‍රීවිල් කරයොයි මොටර් බයික්කාරයොයි ප්‍රයිවට් බස් කරයොයි .මේ හතර ගොල්ල පාරෙන් ඉවත් කරන්න පුළුවන්නම් ට්‍රැෆික් ප්‍රශ්න අනතුරු සහ ගැටුම් 80%ක් අඩු වෙයි (බ)
මමත් පේරාදෙණියේ කැම්පස් යනකාලේ බස් එකේ කොන්දොස්තර මං බස් එකට ගොඩ උන ගමන්ම අතෙන් ඇදල එලියට දැම්මා. ඉස්කෝලේ ළමයි ඔෆිස් යන මිනිස්සු ගොඩක් ඉස්සරහ මේ වගේ ලජ්ජා වෙන වැඩ කරන්න හොඳ නැති බව කොන්දොස්තරලා දන්නේ නැද්ද මන්දා. (ර)
කොන් උනත් දොස්තර කෙනෙක් නිසා ඔයවගේ වෙලාවට එයාවත් ඉස්පිරිතාලෙට යවන්න තිබුනේ. (බ)