IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉස්සර තරම් ජනප්‍රිය නෑ නේද ?

Untitled-2

 

මම සම්ප්‍රදායික කාන්තාවක් නෙමෙයි. ඉතින් ඒක නිසා සම්ප්‍රදායික කාන්තාවන් බොහෝ දෙනකුට හිතෙන දේවල් මට හිතෙන්නේ නෑ අනික කවුද කියන්නේ විවාහ වෙලා දරැවො හදාගෙන නිස්කලංකව ඉන්න පුළුවන් කියලා.

 

0101 තනූජා ඉස්සර තරම් ඔබ දැන් පේන්න නෑ නේද?
RDS_7513ඔව්. ඇත්තටම මට මගේ වෘත්තීය ජීවිතය නිවේදිකාවක් විදිහටම අවසන් කරන්න වුවමනාවක් නෑ. ඊට වඩා දේවල් කරන්නට මට කැමැත්තක් තියෙනවා. ටෙලිවිෂන් එකේ හැමවෙලේම පෙනෙන එක නෙමෙයිනෙ ලයිෆ් එක කියන්නේ. හැබැයි රූ දොළහට හදිසි ප්‍රෝගෑම් එකකට කතාකරලා එන්න කිව්වත් මම එනවා.


0101 මේ දවස්වල මොනවද කරන්නේ?
මම මහාරාජා ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් ප්‍රවර්ධන හා ප්‍රචාරණ අධ්‍යක්‍ෂිකාව විදිහට වැඩ කරනවා සිරස TV, සිරස FM, ශක්ති TV, ශක්ති FM, Y FM කියන සියලුම නාලිකාවල.


0101 ඒ කියන්නේ ඔබ දැන් කළමනාකාරීත්වයට යොමුවෙලා?
ඔව්. අර කතාවක් තියෙනවානෙ තමන් අවුරැදු දහයකට කලින් හිටිය තැනම නම් තවත් ඉන්නේ තමන්ගේ වෘත්තීය ඇතුළෙ මුකුත්ම කරගෙන නෑ කියලා. ඉතින් මට එහෙම එකම තැනක ඉන්න ඕන වුණේ නෑ.


0101 රසරිසි ගීත් එක්ක තනූජා - නාරද බෙහෙවින්ම ජනප්‍රිය වෙච්ච යුගයක් තිබුණා. එදා තිබ්බ ජනප්‍රියත්වයත් දැන් අඩුවෙලා නැද්ද ඔයාට?
මම හිතන්නේ නෑ. ඇත්තටම ජනප්‍රියත්වය කියන්නේ හරියට සමනලයෙක් වගෙයි. අද මගේ ඇඟේ වහන්න පුළුවන්. හෙට තවත් කෙනෙක්ගෙ ඇඟේ වහන්න පුළුවන්. මගේ පැත්තෙන් ගත්තොත් මම පාරතොටේ යද්දි එදා වගේම අදත් මිනිස්සු මාත් එක්ක කතා කරනවා. ෆොටෝස් ගන්නවා. මගේ ඔටෝග්‍රාෆ් ගන්නවා. රසරිසි ගී ගැන කතාකරනවා. ඉතින් මේ හැමදෙයක්ම එක්ක ජනප්‍රියතාවයේ අඩුවක් තියෙනවා කියලා මට තාම දැනිලා නෑ. දැන් අපි ඉන්නෙ Online සමාජයක් ඇතුළේ ඒ නිසා හැමෝම ජනප්‍රියයි.


0101 අලුතෙන් හදපු බොල්ගොඩ ගෙදරද දැන් පදිංචිය?
මම තාම එහෙ ගියේ නෑ. මොකද මගේ රුකියාවේ කාර්යබහුලතාවයත් එක්ක වැඩිහරියක්ම ගත කරන්න වෙන්නේ කොළඹ. ඉතින් එහෙ ඉඳන් යන්න එන්න අමාරැයි. නමුත් වීක්එන්ඩ්ස්වලට එහෙම ගිහින් ඉඳලා එනවා.


0101 ඇත්තටම ඇයි කසාදයක් ගැන හිතන් නැත්තේ? Boyfriend කෙනෙක් නැද්ද? හැමදාම තනියෙන් ඉන්නද කල්පනාව?
මගෙ ජීවිතේ විවාහය කියන එක ලොකුම දේ නෙමෙයි. මම තමයි මගෙ ජීවිතේ තියෙන ලොකුම දේ.
ගෙදර ජීවිතේ කොහොමද ගෙවෙන්නේ.
අම්මයි තාත්තයි මට කරදරයක් නැතිව ජීවත් වෙනවා. මම නම් තාමත් අම්මටයි තාත්තටයි කරදර කරමින් ජීවත් වෙනවා
 

0101 ඔබට ගෙදර කිසිම වගකීමක් නැද්ද?
RDS_7549මම ගෙදර ඉන්න වෙලාව හරිම අඩුයි. ඉරිදට නම් අම්මත් එක්ක දෙල්කඳ පොළට යනවා බඩු ගේන්න. ඊට අමතරව අක්කලගෙ බබාලට හරි අම්මලට හරි බෙහෙත් ගන්න එහෙම වුවමණාවක් තිබුණොත් ඒ දේවල්වලට අනිවාර්යයෙන්ම යනවා. හැබැයි මම උයන්නෙ පිහන්නෙ නම් නෑ.

 

0101 ඒ කියන්නේ තනූජට උයන්න බෑ කියන එකද?
මෙහෙමයි මට හැකියාවත් තියෙනවාද කියලා මම තාම උරගා බලලා නෑ. මොකද හැමෝම මාව හුරතල් කරලනෙ හදලා තියෙන්නෙ. අම්මත් එහෙමයි. අක්කලත් එහෙමයි. මගේ යාළුවන්ගේ ගෙවල්වල ගියහම වුණත් ඒගොල්ලො ආදරෙන් මාව බලාගන්නවා මිසක් කිසිම දෙයක් මට කරන්න දෙන්නේ නෑ.


0101 නිවේදන ජීවිතේ ඇති කියලා හිතෙන්නෙ නැද්ද?
සමහර දේවල් තියෙනවා කාලය හා අප ලබාගන්නා අත්දැකීම් එක්ක වෙනස් විය යුතුයි. ඉතින් ඒක නිසා ඉස්සරහට මාව දකින්න ලැබෙන්නේ විශේෂ වැඩසටහන්වල විතරයි. 


0101 විවාහවෙලා දරැවෝ හදාගෙන නිස්කලංකව ඉන්න හිතෙන්නෙ එහෙම නැද්ද?
මම සම්ප්‍රදායික කාන්තාවක් නෙමෙයි. ඉතින් ඒක නිසා සම්ප්‍රදායික කාන්තාවන් බොහෝ දෙනකුට හිතෙන දේවල් මට හිතෙන්නේ නෑ අනික කවුද කියන්නේ විවාහ වෙලා දරැවො හදාගෙන
නිස්කලංකව ඉන්න පුළුවන් කියලා. සම්ප්‍රදායික කාන්තාවක් වුණානම් මම මෙතෙන්ට එන්නේ නැහැනෙ. බැඳලා ළමයිනුත් හදාගෙන ගෙදරට වෙලා ඉඳීවි.


0101 ඔබ කැමතිම වෙනත් නිවේදිකාවක් හෝ නිවේදකයෙක් ඉන්නවද?
ප්‍රේමකීර්ති ද අල්විස්, චේතනා ලියනගේ, කිංස්ලි රත්නායක, කැලුම් ශ්‍රීමාල් නාරද බක්මීවැව මේ හැමෝටම මම කැමතියි.


0101 ඔබ විසින් අනුකරණය කළ නිවේදකයෝ හෝ නිවේදිකාවෝ හිටියද?
RDS_7552නෑ. මම ඔරිජිනල් මම විදිහටම තමයි ක්‍ෂේත්‍රයට ආවේ. කාවහරි අනුකරණය කරන්න ගියානම් මට මම විදිහට ඉන්න බැහැනෙ. කෝටි දෙකක් පමණ මිනිසුන් ජීවත්වෙන රටක නම කියූ පමණින් හඳුනාගන්නට නම් මොකක් හරි වෙනසක් තියෙන්න ඕනෙ. ඉතින් ඒකට තව කෙනෙක් වගේ ඉඳලා හරියන්නේ නැහැනෙ. 


0101 ඔබ විටෙක කියලා තිබුණා කැමරාව සමඟ කරන ගනුදෙනුව පෙම්වතකු හා කරන ගනුදෙනුවට සමානයි කියලා. ඔබේ ඉදිරිපත් කිරීම මේ තරම් ආකර්ෂණීය ඒ නිසාද?
මගේ ගුරැවරැ කියලා දුන්න දෙයක් තමයි කැමරාවට බොරැ කරන්න එපා කියන එක. ඉතින් අපි හරියට ආදරේ කරනවා නම් ආදරවන්තයාටත් බොරැකරන්න බැහැනෙ. කැමරාව කියන දේ කවදාවත් මට උපකරණයක් විදිහට දැනිලා නෑ. මට හිතෙන්නේ ඒකට පණ තියෙනවා කියලයි. ඉතින් ඒ නිසා මම ගොඩක් ආදරේ කරන චරිතයක් දිහා බලනවා වගේ තමයි කැමරාව දිහා බලන්නේ.


0101 කැමරාවට ඉදිරියට ගියාම කවදාවත් බය හිතිලා නැද්ද?
ඕනෑම කෙනකුට පළමුව තත්පර තිහ පමණ ගතවෙනකන් පොඩි ගැස්මක් තියෙනවා. මම වුණත් අදටත් එහෙමයි. ඊට පස්සේ ගොඩක් රිලැක්ස් වෙනවා. මගේ රෑපය, කටහඬ, දක්‍ෂතාවය මේ හැමදෙයක්ම මිනිස්සු අතරට අරන් ගියේ කැමරාව. ඇත්තටම මම ජීවිතේ ලබාගත්ත හැම දෙයක්ම ලැබුණේ මේ හරහා කියලා මම විශ්වාස කරනවා.


 - කුමී - / සේයාරෑ - රොමේෂ් ධනුෂ්ක සිල්වා 
 



අදහස් (0)

ඉස්සර තරම් ජනප්‍රිය නෑ නේද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site