කොග්ගල ඔයේ ඉස්සන් ඇල්ලීමට ගිය 33 හැවිරිදි ධීවරයකුගේ සිරුරක කොටසක් අද සවස නිදහස් වෙළද කලාපය පිටුපස පිහිටි මල්කබානේ දී සොයාගත් බව අහංගම පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ධීවරයා කිඹුලකුගේ ගොදුරක් වී ඇතැයි සැකයක් පවතින බවයි. ඔහුගේ සිරුරේ උඩ කොටස පමණක් සොයාගත හැකිවිය.
අහංගම කතළුව ගුරුකන්දේ පදිංචි මේ ඔහු අඟහරුවාදා සවස 3.00ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවත් රාත්‍රී 7.00 පමණ නිවසට පැමිණිය යුතු වුව ද ඔහු නොපැමිණි බවට මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු ගැන සොයා බැලීමේ දී සිරුරු කොටස් හමුවී ඇත.
එම සිරුරු කොටස් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහලට යැවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලවන සිල් පදය කැඩීමේ මේ ආත්මයේම විපාක දීමක්. ලොව බොහෝ ධීවරයන් සිටින බව අපි දනිමු. හේතුව අනුව ඵලය ලැබෙනවා ලැබෙනවාමය. එය සනාථන සතයක්. මේ අත්මයේද, ලබන ආත්ම වලද යන්න දන්නේ බුදුවරයන් වහන්සේ නමක්මය. රාග, ද්වේශ, මෝහ දුරු කල උන් වහන්සේලා අසත්‍යක් නොපවසති. (ස)